“රුහිරේ” ළඟදීම

අප්‍රේල් 15, 2021

 

ලෙයින් ලියවුනු ආදරයක් යන කතා තේමාවකින් රිදී තිරයට පැමිණීමට නියමිත අපූරු චිත්‍රපටකි "රුහිරේ". අසම්මත ආදර කතාවක් තුල අතරමං වුණු පිරිමියෙකු හා ඔහුගේ බිරිඳ වටා ගෙතුණු කුතුහලය පිරි කතා තේමාවක් රැගත් රුහිරේ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතය.

මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතුරින් ප්‍රේක්ෂකයා නැවතත් සිනමාශාලාවලට ඇද ගැනීමට සමත් වේ යැයි විස්වාස කළ හැකි චිත්‍රපට අතුරින් එකක් වන මෙය ඩ්ධපපධප චිත්‍රපට ශානරයට අයත් වන අතර මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වන්ණේ රොෂාන් රණවන, පබෝධා සංදීපනී, මහේෂි මධුසංකා හා විශ්ව ලංකා ඇතුළු ජනප්‍රිය නළු නිළි කැලකි.

"රුහිරේ" සිනමාපටයේ පිටපත හා අධ්‍යක්ෂණය නජිනි දික්ඕවිට කර ගෙනි. එය යූ. ඒ පල්ලියගුරුගේ නිෂ්පාදනයකි. ඉභනඥප ඉඪය, සාම, පැණි මකුළුවො, සූස්ති, ආලේ කොරෝනා වැනි චිත්‍රපට නිෂ්පාදන කළ උදාර පල්ලියගුරුගේ පස්වන සිනමා දායකත්වය මෙය වේ. මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් කපිල සුගත් විජයරත්න දායක වී ඇත. මෙහි ඇතුලත් ගීත භාතිය සංතුශ් සුසංයෝගයෙන් නිර්මාණය කර ඇති අතර ගායනයෙන් අශාන්ති ඩි අල්විස් හා සංතුශ් වීරමන් වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් යොදාගෙන නිර්මාණය කර ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් කපිල සුගත් විජයරත්න දායක වී ඇත.