ක්ෂීර සාගරය කැළඹෙන්නට සූදානම්

අප්‍රේල් 15, 2021
 මහාචාර්ය සුනිල් ආරියරත්න  එච්.ඩී. ප්‍රේමසිරි

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විසිපස් වැනි සිනමා නිර්මාණය වන "ක්ෂීර සාගරය කැලඹිණ" සිනමාපටය රූගත කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සම්පාදනය කොට අවසන් බව වාර්තා වේ.

රන්මිණිතැන්න සිනමා ගම්මානය ගම්මානයේ දී රූගත කිරීමට නියමිත මෙම චිත්‍රපටය සඳහා පසුතල මේ වන විට ම නිර්මාණය කොට අවසන් වී ඇත.

විශිෂ්ට ලේඛක නැසීගිය සයිමන් නවගත්තේගම සූරීන්ගේ "ක්ෂීර සාගරය කැලඹිණ" නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරනු ලබන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ එච්.ඩී. ප්‍රේමසිරි විසිනි. මෙහි ප්‍රධාන චරිත සඳහා ජැක්සන් ඇන්තනී සහ හේමාල් රණසිංහ විසින් කරනු ලබයි.