කපූර් පවුලේ අලුත් තරුව

අප්‍රේල් 15, 2021

බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම පැරණිම කපූර් පවුලේ තවත් සාමාජිකයෙකු මෑතකදී බොලිවුඩයට පිවිසියේය. ඔහු ආදර් ජේන් ය. ආදර්, රාජ් කපූර්ගේ දෙවැනි දියණිය රීමාගේ දෙවැනි පුත්‍රයා වේ. ආදර් බොලිවුඩයට පිවිසියේ හාස්‍යමය හින්දි චිත්‍රපටයක් වන හෙලෝ චාලි සමඟිනි. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීම සමඟින් ඉහළ ප්‍රතිචාරයක් ලබා ගැනීමට ඔහු සමත් විය.

අප්‍රේල් 9 වැනි දින සිට හෙලෝ චාලි තිරගත වීම ආරම්භ විය. එය ගෝරිල්ලෙකු සමඟ මිතුරු වන තරුණයකු වටා ගෙතුණු කතා පුවතකින් යුක්ත වේ. "මගේ විශ්වාසය නම් හාස්‍ය යනු නළුවෙකු ලෙස රඟපෑමට අපහසුම ප්‍රභේදයක් බවයි. නමුත් මම එය සියල්ල හෙලෝ චාලි වෙනුවෙන් ඉටු කළෙමි. මන්ද එය ජීවිත කාලය තුළ එක් වරක් කළ හැකි භූමිකාවක් බව මගේ හැඟීමයි. චිත්‍රපටයේ ගෝරිල්ලෙකු සමඟ සුහදතාවක් බෙදා ගැනීමට ලැබීමත් මට වාසනාවක්" ආදර් පවසන්නේය.