බයිසිකලෙන් ඡන්ද පොළට

අප්‍රේල් 15, 2021

මේ වසරේ තමිල්නාඩු මැතිවරණය පැවැත්වෙමින් පවතින අතර ඡන්ද දායකයන් සියලුදෙනා වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන විවෘත විය. ජනප්‍රිය පුද්ගලයන් ඇතුළු බොහෝ දෙනෙක් වසංගතය මධ්‍යයේ වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට වගබලා ගත්හ. කොලිවුඩ් නළු විජේ ද මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි නමුත් ඔහු ඡන්ද මධ්‍යස්ථානයට පිවිසීමට විශේෂ පියවරක් ගෙන තිබුණි. සුපිරි තරුව තම ගමනාන්තය කරා ළඟා වීමට තෝරා ගත්තේ පාපැදියකි.

කෙටි කාලයක් තුළ මේ පුවත පැතිර ගිය යාම සමඟ ඔහු දැක ගැනීම වෙනුවෙන් විශාල ජනකායක් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියහ. ඔවුන් පාලනය කර විජේහට ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇතුළු වීමට ඉඩ ලබාදීමට සහ ඇති වූ වාහන තදබදය අවම කිරීමට පොලිසියට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇත. මේ දුටු බොහෝ දෙනෙකු පවසා තිබෙන්නේ වැඩිවන ඉන්ධන මිල පිළිබඳව විජේ පණිවුඩයක් දෙමින් ඔහු පාපැදියක් තෝරාගෙන තිබේද යන්න පිළිබඳ අනුමාන කරන බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ සමීපතමයකු සනාථ කර ඇත්තේ විජේගේ පාපැදි සවාරියේ කිසිදු චේතනාවක් නොමැති බවයි. ඔහු මෝටර් රථය භාවිතා කරනවා වෙනුවට පාපැදියෙන් යාමට තීරණය කර තිබෙන්නේ ඔහුගේ නිවස අසලම ඡන්ද පොළක් තිබූ නිසාත්, මෝටර් රථය රැගෙන යාමෙන් මාර්ග තදබදයක් ඇතිවීම වැළැක්වීම මිස ඒ පිටුපස වෙනත් අරමුණක් නොතිබුණ බවයි.