ඩොක්ටර් ජී

අප්‍රේල් 15, 2021

 

ආයුෂ්මන් කුරාණා සහ රකූල් ප්‍රීත් සිං කිසි විටෙකත් රිදී තිරය මත එකට දැක ගැනීමට ලැබී නැත. නමුත් මෙම නැවුම් යුවල පළමු වරට ඩොක්ටර් ජී සමඟ පැමිණීමට නියමිතව සිටී. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අනුභූති කාශ්‍යප් විසිනි. ඩොක්ටර් ජී යනු ප්‍රහසන චිත්‍රපටයක් වන අතර ආයුෂ්මාන් එහි පණ පොවන්නේ වෛද්‍යවරයකුගේ චරිතයකටය.

ආයුෂ්මාන් චිත්‍රපටය ගැන මීට පෙර පවසා තිබුණේ මෙවැන්නකි. "ඩොක්ටර් ජී යනු සුපිරි, නැවුම් බැවින් මම ක්ෂණිකව ආදරය කළ තිර රචනයකි. එය අතිශයින්ම අද්විතීය හා නව්‍ය සංකල්පයක් වන අතර ඔබට ඔබ ගැන මෙනෙහි කරනු ඇත. මගේ වෘත්තීය ජීවිතයේ පළමු වතාවට වෛද්‍යවරයාගේ කබාය පැළඳීිමට ලැබීම සතුටට කරුණක් වන අතර එම ක්‍රියාවලිය තුළ පණිවුඩයක් ඔබේ හදවතට කෙලින්ම කතා කරනු ඇත". ඔහු සහ රකුල් මේ දිනවල ඩොක්ටර් ජී තිර රචනය කියවමින් සිටින බවත් නුදුරේදීම රූගත කිරීම් ආරම්භ කරන බවත් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ නිවේදනය කළේය. ඒ හැරුණු විට ආයුෂ්මාන්, වානි කපූර් සමඟ අභිෂේක් කපූර්ගේ 'චන්දිගාර් කරේ ආෂිකි' චිත්‍රපටයටද දායක වන අතර එහිදී ඔහු මලළ ක්‍රීඩකයෙකුගේ භූමිකාවට පණ පොවනු ඇත.