වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
යහපත් අරමුණු

මෑතකදී විද්‍යා බාලන් සහ සැමියා, චිත්‍රපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර් මුම්බායි ගුවන්තොටුපළ වෙත ගියේ විශේෂ ගමනක් වෙනුවෙනි. ඔවුන්ගේ වැඩ රාජකාරි අතර ලැබෙන විවේකය එකිනෙකා සමඟ ගත කිරීම වෙනුවෙන් කෙටි නිවාඩු සඳහා පිටත් වීම ඔවුන්ගේ සිරිතයි. විද්‍යා කඳුකර ප්‍රදේශවල සංචාර කිරීමට ප්‍රිය කරන අතර මෙම ගුවන් ගමන වෙන් වූයේ හිමාචල් ප්‍රදේශ්හි පාලම්පූර්හි විවේකය ගත කිරීම වෙනුවෙනි. නමුත් විද්‍යා එහි ගත කළ කාලය තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පිරිසුදු කිරීමේ මෙහෙයුමකට ද සහභාගී වූවාය.
යහපත් අරමුණු සඳහා තම සහාය නිරන්තරයෙන් ලබා දෙන බව පවසන විද්‍යා මෑතකදී මහජන පුස්තකාලයක් සඳහා ද පරිත්‍යාගශීලි වූවාය. "මම නිතරම පොත් වටා සිටි අතර ඒවායින් විශාල සැනසීමක් ලැබුණා. ඒ නිසාම පොත් සහ උසස් අධ්‍යාපනය කෙරෙහි මගේ හිත තුළ තිබෙන්නේ ඉහළ ගෞරවයක්. පංති කාමරවලින් ඔබ ඉගෙන ගන්නා දේ විශිෂ්ටයි. නමුත් ඔබට පන්ති කාමරයෙන් පිටත ඉගෙන ගැනීමට ලැබෙන්නේ, මිතුරන් සහ පොත්වලින්. මෙම ජීවිත අත්දැකීම් මිල කළ නොහැකියි" විද්‍යා පවසන්නීය.