වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
විජයබා කොල්ලය ගැන කතාබහක්
ජනවාරි 23, 2020

CSR කලාකෙත මඟින් සංවිධානය කරනු ලබන මාසික සිනමා දැක්ම සහ සිනමා කතිකාවතට වසරක් සපිරිණ. එහි වර්ෂ පූර්ණ වැඩ සටහන මෙම මස 25 වැනිදා සවස මරදාන 281 ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්රයේ ශ්රවණාගාරයේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය සිනමාපටය තිරගත කෙරෙමින් අරම්භ වනු ඇත. අනතුරුව ප්රියන්ත කොඩිප්පිලි, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත යන පිරිස විසින් අදහස් දක්වන විද්වත් කතිකාවතක් ද පැවැත්වෙනු ඇත. නුවන් ජූඩ් ලියනගේ විසින් සභාව නිවේදනයෙන් මෙහෙය වනු ලබයි.