වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
රයිගම් සම්මානලාභින් නිර්දේශිත නාම එළි දකී

වාර්ෂිකව පවත්වනු ලබන රයිගම් ටෙලි සම්මාන උලෙළේ නිර්දේශිත නාම උත්කර්ෂවත් උලෙළ පසුගියදා සන්ධ්‍යාවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ප්‍රධාන ආරාධිතයා ලෙස එයට සහභාගි වු අතර ඒ සඳහා කලාකරුවන්, විශේෂ ආරාධිතයන්ද සහභාගී විය. මෙවර නිදහසේ 19 නමින් නම් කර ඇති සම්මාන උලෙළ පවත්වනු ලබන්නේ 19වැනි වරටයි. 2022 සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කළ සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙවර සම්මාන උලෙළට නිර්දේශිත නාමාවලිය සඳහා මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සදහා නිර්දේශිත නම් 63ද විය. ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නම් 63කි. මුළු නිර්දේශිත නාමාවලිය126ක් විය.ඒ අතරින් අවසන් සම්මාන රාත්‍රිය සඳහා සම්මාන 57ක් සහ සහතික පත් 3ක් පිරිනැමීමට තීරණය කර ඇත. මෙවර ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය පිරිනමනු ලබන්නේ ප්‍රවීණ සම්මානනීය නිළි වීණා ජයකොඩිට වන අතර විශේෂ ප්‍රණාම සම්මාන පිරිනමනු ලබන්නේ ප්‍රවීණ නිවේදක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිට සහ ප්‍රවීණ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාරටයි. රයිගම් ටෙලීස් මේ තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශ ලාභීන් විශේෂිත උලෙළකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂවත් උලෙළ හඳුන්වා දී තිබුණි. මෙහිදී සෑම නිර්දේශිතයකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් තිළිණ කෙරිණි. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතිකයක් ද නිකුත් කරන්නට විය. අවසාන සම්මාන රාත්‍රිය ගැයුම්, වැයුම් මැද මාර්තු 25 වැනි දා ෂැංග්‍රිලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 2022 - නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය
නාරද තොටගමුව - මාණික්කාවත - (ස්වාධීන රූපවාහිනී)
ප්‍රියන්ත එස් වන්නිනායක - අඳුන්ගිර (ස්වාධීන රූපවාහිනී)
වසන්ත පූර්ණවංශ - පීතෘ (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
පියතිස්ස අකුරම්බොඩ - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
හසින්ත වැල්ලවාය - අඳුන්ගිර (ස්වාධීන රූපවාහිනී)
ධම්මික හේවාදුවත්ත - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
තුසිත අනුරාධ - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
තිසර තුල්වන් - පීතෘ (ස්වර්ණවාහිනී)
චින්තක සෝමකීර්ති - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය
අසංග සත්සර හේරත් - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
එස්. රාජේන්ද්‍රන් - පීතෘ (ස්වර්ණවාහිනී)
චාමර සමරතුංග - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
ඩිලාන් විජය වික්‍රමකීර්ති - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
ජගත් වීරතුංග - පීතෘ (ස්වර්ණවාහිනී)
දයාන් තිත්තගල්ල / නුවන් සිංහාධිපති - තුම්පනේ (ජාතික රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
සතිශ් සූරේන්ද්‍ර ඒකනායක - අඳුන්ගිර (ස්වාධීන රූපවාහිනී)
නදික වැලිගොඩපොළ - පීතෘ (ස්වර්ණවාහිනී)
සාදර බණ්ඩාර - මෙට්රෝ සිහින (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
සෙත් කවියක් සේ..... - වසන්ත කුමාර කොබවක - පිච්චමල සුවඳයි (ස්වාධීන රූපවාහිනී)
හිතේ දුරින් ඔබ රඳනා...... - තුෂානි බුඵමුල්ල - වීදුරු මල් (ස්වාධීන රූපවාහිනී)
ජොලියට නොව අපි..... - සුපුන් රත්නායක - තුම්පනේ (ජාතික රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
රනිල් මුදුන්කොටුව - ගමන මුල තිබේ නිමාව .... - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනි)
දුමාල් වර්ණකුල - සෙත් කවියක් සේ... - පිච්චමල සුවඳයි (ස්වාධීන රූපවාහිනී)
භාචි සූසාන් - අම්මා අප්පා සිම්බා..... - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
අභිෂේකා විමලවීර - ගමන මුල තිබේ නිමාව .... - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනි)
ශෂිකා නිසංසලා - සෙත් කවියක් සේ ... - පිච්චමල සුවඳයි (ස්වාධීන රූපවාහිනී)
නිලක්‍ෂි හැළපිටිය - අප්පච්යෝ..... - පානාමංකඩ (ස්වර්ණවාහිනී)
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
සහන් හේවාදේව (විහාන්) - Once Upon a Time in Colombo ස්වරණවාහිනී
පාලිත අබේරත්න (පැට්ටා) - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
කුමුදිත ගුණවර්ධන (ආකාෂ්) - ඇස් (ස්වර්ණවාහිනී)
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
චතූ රාජපක්ෂ (බන්ධනා/ලක්මි) - බන්ධනා (ස්වර්ණවාහිනී)
කවින්ද්‍යා දුල්ශානි (ප්‍රශීනා) - විසේකාර හාදුවක් (සියත ටීවී)
නිවර්තනා දේවගේ (ප්‍රසාදි) - ලෝකා (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
කෝරලගේ සමන් (විමලේ අයියා) - තුම්පනේ (ජාතික රූපවාහිනී)
වසන්ත මොරගොඩ (උපාලි) - පීතෘ (සවර්ණවාහිනී)
මයුර පෙරේරා (කෝඳුරුහාමි) - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
නයෝමි තක්ෂිලා (පත්මා) - අඳුන්ගිර (ස්වාධීන රූපවාහිනී)
මිෂෙල් දිල්හාරා ( නව්‍යා) - ලෝකා (ස්වාධීන රූපවාහිනී)
දිල්හානි ඒකනායක (අනුලා ) - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
නිරෝෂා තලගල (පුෂ්පා) - ලෝකා (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
සුපුන් රත්නායක - තුම්පනේ (ජාතික රූපවාහිනී)
නාමල් ජයසිංහ - පීතෘ (ස්වර්ණවාහිනී)
චාලක රණසූරිය/නිලන්ත පෙරේරා/නිලූ බණ්ඩාර - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත්‍රපටය
හීන බන්ධන - අතුල පීරිස් (ටීවී දෙරණ)
පවුල - ඉරුෂ ද සිල්වා (හිරු ටීවී)
කේත - අමල් තරංග රොද්‍රිගු (සිරස ටීවී)
වසරේ විශිෂ්ටතම
ඒකාංගික ටෙලි නාට්‍යය (විනාඩි 55 අඩු)
උඩු සුළඟ - ඉරුෂ ද සිල්වා (හිරු ටීවී)
එයාටත් අවුරුදු නේ - ප්‍රියන්ත ප්‍රනාන්දු (ජාතික රූපවාහිනී )
දේවී - ප්‍රභාත් දුශ්‍යන්ත (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
ප්‍රියන්ත සිරිකුමාර (ලලිත්) - පීතෘ (ස්වර්ණවාහිනී)
ජගත් චමිල (කෙටිහාමි) - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
මධුර ප්‍රභාෂ්වර (විකුම්සිරි) - තුම්පනේ (ජාතික රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
උමාලි තිලකරත්න (ගෞරී) - පීතෘ (ස්වර්ණවාහිනී)
උමා අසේනී (පිච්චි) - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
වොල්ගා කල්පනී (ගුණාදරී) - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
දමිතා අබේරත්න (කොයින් මැණිකේ) - අඳුන්ගිර (ස්වාධීන රූපවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය
සුදත් රෝහණ - මාණික්කාවත (ස්වාධීන රූපවාහිනී)
සුපුන් රත්නායක - තුම්පනේ (ජාතික රූපවාහිනී)
ආනන්ද අබේනායක - පීතෘ (ස්වර්ණවාහිනී)
චමිල් පතිරණ - Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)
පීතෘ - ෆාහීම් මවුජූඩ් (ස්වර්ණවාහිනී)
මාණික්කාවත - ෆාහීම් මවුජූඩ් (ස්වාධීන රූපවාහිනී)
Once Upon a Time in Colombo ස්වර්ණවාහිනී – සහරා ග්ලෝබල් (ස්වර්ණවාහිනී)
නිර්දේශිත නාම ඉතිරි කොටස ලබන සතියේ...