වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
සුමති සම්මාන 2023 නිර්දේශිත නාම එළිදකී

“පුංචි තිරයේ මහා කලා මංගල්‍යය” ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උලෙළ 2023 පෙබරවාරි 09 වැනි බ්‍රහස්පතින්දා දින බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පසුගිය වසර දෙක තුළ රට තුළ උද්ගත වූ සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටලු හේතුවෙන් 2020 සහ 2021 යන වර්ෂවලදී සුමති සම්මාන උලෙළ නොපැවැත්වුණු අතර, එම වර්ෂ දෙකටම අදාළ නිර්මාණයන්ට දායක වූ කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි මෙම වසරේදී ඔවුන් ඇගැයීමට ලක්කිිරීමට සුමති සම්මාන සංවිධායක කමිටුව තීරණය කර තිබීම මෙවර සම්මාන උලෙළේ විශේෂත්වයකි. මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව රැකගැනීමට කැපවෙමින් නිර්මාණකරණයේ නියැළෙන සියලු දෙනා ඇගයීම සිය යුතුකමක් ලෙස සලකන බැවින් යැයි සුමති සම්මාන සංවිධායක කමිටුව සඳහන් කරයි.
ඒ අනුව මේ වසරේ දී 26 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2020 වර්ෂයේ රූපවාහිනි මාධ්‍යයෙන් විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් ද, 27 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2021 වර්ෂයේ විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් ද ඇගයීමට ලක් කෙරෙනු ඇත.
සුමති සම්මාන උලෙළ යනු ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවයන් ඇගයීම උදෙසා පමණක් නොව, රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ නියැළෙන සෑම නිර්මාණකරුවෙකුම තමන්ගේ නිර්මාණ උදෙසා ඇගැයීම් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කලා මහෝත්සවයකි. රූපවාහිනී නිර්මාණකරණයේ සැබෑ විශිෂ්ටත්වය පැසසුමට ලක් කරමින් සුමති සම්මාන උලෙළ 1995 වර්ෂයේ සිට වසර 25කට අධික කාලයක් පුරා අති සාර්ථකවත් අඛණ්ඩවත් පවත්වා ඇත.
26 වැනි සුමති සම්මාන - 2020 සම්මාන සඳහා නිර්දේශිත නාම
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)
*තණමල්විල කොල්ලෙක් - ෆාහිම් මවුජුඩ් - (ස්වාධීන රූපවාහිනිය)
*සංසාරාරණ්‍ය අසබඩ - ඇන් ඩන්ස්ෆෝර්ඩ් - (ස්වාධීන රූපවාහිනිය)
*ගිරිදේවි - ජී. ශී‍්‍රනාත් චම්පික පෙරේරා - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය (ඒකාංගික)
*බිත්තර වී - සුමිත් රත්නායක - (ජාතික රූපවාහිනිය)
*සිත් සඳ අඳුර - ඉරුෂ ද සිල්වා - (හිරු ටිවී)
*ලොකු ඉස්කෝලෙ මහත්තයා - ඩබ්ලිව්. ප්‍රභාත් දුෂ්‍යන්ත - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය
*රොෂාන් රවීන්ද්‍ර - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
*ඉන්දික ධර්මතිලක - ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)
*සුදත් දේවපි‍්‍රය - සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය නළුවා
*දසුන් පතිරණ (දසුන්) ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)
*රොෂාන් රවීන්ද්‍ර - (විජිත්) - සත්‍යා - (ස්වාධීන රූපවාහිනිය)
*බිමල් ජයකොඩි (සෝමසිරි ලොකු සර්) - සුළඟ මහ මෙරක (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය නිළිය
*ශලනි තාරකා (ආශා) - ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)
*මිෂෙල් දිල්හාරා (මහිමි) - Can You Hear Me - (ජාතික රූපවාහිනිය)
*උදාරි වර්ණකුලසූරිය (ළමා තැනී) - සංසාරාරණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා
*ආනන්ද කුමාර උන්නැහෙ (බණ්ඩාර මාමා) - සත්‍යා (ස්වාධීන රූපවාහිනිය)
*අංජන පේ‍්‍රමරත්න (පතෝලයා) - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
*රොජර් සෙනෙවිරත්න (ජුරි බේකරි මුදලාලි) - Can You Hear Me - (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සහය නිළිය
*සුලෝචනා වීරසිංහ (සමන්ති) තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
*උදයන්ති කුලතුංග (සිරියා) - සංසාරාරණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)
*මාදනී මල්වත්ත (චාන්දනී) - ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)
වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නළුවා
*කෝකිල පවන් ජයසූරිය (ඩිලාන්) - දාංගලේ - (ස්වාධීන රූපවාහිනිය)
*ධනුක ඩිල්ෂාන් (දීප්ත) - තණමල්විල කොල්ලෙක් -(ස්වාධීන රූපවාහිනිය)
*නිලංක දහනායක (රුවන්) - සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍යය නිළිය
*ඩිස්නි රාජපක්ෂ (පූජා) - දාංගලේ - (ස්වර්ණවාහිනිය)
*තිලක්ෂනී රත්නායක (සුලෝචනා) - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
*තරින්දි ප්‍රනාන්දු - (සුබා) සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ
*උපුල් ප්‍රජාන් - සංසාරාණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)
*කපිල සුගත් - සත්‍යා - (ස්වාධීන රූපවාහිනිය)
*තිසර තුල්වන් - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය
*ජගත් වීරතුංග - සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)
*වීරංග කැටිපේආරච්චි - සාංසාරාරණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)
*ලක්රුවන් ද සේරම් - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ
*සුරංග කුරුප්පුආරච්චි - සාංසාරාරණ්‍ය අසබඩ - (ස්වාධීන රූපවාහිනිය)
*චින්තක විජේරත්න / සමන් ශ්‍රී නාරායන - ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)
*චින්තක විජේරත්න / රංගන විශ්වජිත් - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය තිර රචක
*නාමල් ජයසිංහ - සත්‍යා - (ස්වාධීන රූපවාහිනිය)
*සුදත් දේවපි‍්‍රය - සුළඟ මහ මෙරක - (ජාතික රූපවාහිනිය)
*සුසිත් ඉන්දික විජේමුණි - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ
*නදීක ගුරුගේ - සාංසාරාරණ්‍ය අසබඩ -(ස්වාධීන රූපවාහිනිය)
*නවරත්න ගමගේ - වලාකුළු දොරින් ගලන්න - (ස්වාධීන රූපවාහිනිය)
*දේශක සම්පත් - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය
*මංගලිකා දිසානායක - (හීන නොමේරූ අඳුරු ගැබේ) - ගිරිදේවි
*සුසිත ඉන්දික විජේමුණි - (බොඳ වී ගිය වර්ණයක..’) තණමල්විල කොල්ලෙක්
*සංජය නිර්මාල් (සයුර දැක සසල වුණ...) - සංසාරාරණ්‍ය අසබඩ
හොඳම ටෙලි නාට්‍යය ගායනය
*චමිඳු ගයාන් දිසානායක (හීන නොමේරූ අඳුරු ගැබේ) ගිරිදේවි - (ස්වාධීන රූපවාහිනිය)
*උපේකා නිර්මාණී / චන්දිමාල් ප්‍රනාන්දු - (බර අවි හංගපු සිත්වල) - Can You Hear Me - (ජාතික රූපවාහිනිය)
*ශෂිකා නිසසංලා /දුමාල් වර්ණකුලසුරිය - (සඳුන් සුවඳ පතුරන්නම්) - පුළිඟු (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය අංග රචනය (වේශ නිරූපණය)
*නලීන් පේ‍්‍රමතිලක - සත්‍යා (ස්වාධීන රූපවාහිනිය)
*වසන්ත පූර්ණවංශ - තණමල්විල කොල්ලෙක් - (ස්වාධීන රූපවාහිනිය)
*බුවනෙක රණවක - සංසාරාරණ්‍ය අසබස - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන
*Stop Corona - තරංගි අතුරලිය - (ජාතික රූපවාහිනිය)
*කොවිඩ් 19 මෙහෙයුම - චන්දන සෙනෙවිරත්න - (ජාතික රූපවාහිනිය)
*මගේ රට (ව්‍යසනයට එරෙහිවූ නිපැයුම් කරුවෝ)
මගේ රට කණ්ඩායම (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන
*අරුම පුදුම රෝද හතර - චන්දන සෙනෙවිරත්න / නාමල් සිදත් සූරියබණ්ඩාර - (ජාතික රූපවාහිනිය)
*ආර්ට් එක - ශානක රණතුංග - (සිරස ටීවී)
*රවුම - දිල්ශාන් ලන්ත්‍රා - (සියත රූපවාහිනිය)
හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන
*ගුප්තා - රවීන්ද්‍ර මුණසිංහ - (ජාතික රූපවාහිනිය)
*සියපත් පොකුර “ෂර්ලි වෛජයන්ත” උදය තෙන්නකෝන් - (ස්වාධීන රූපවාහිනිය)
* Sri Pop “ශ්‍රී ලාංකේය ජනපි‍්‍රය ගීතවල ගෙවී ගිය සියවස” ශිරාන් රත්නායක (ජාතික රූපවාහිනිය)
හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන
* Deffence of Our Nature දිල්කා සමන්මලී - (දෙරණ ටීවි)
*විහාර මැදුරක සමාජ වතගොත - අමිත් පි‍්‍රයන්ජන් - (ශ්‍රද්ධා රූපවාහිනිය)
*ආලකමන්දාව (සෙලියුලොයිඩ් පටයෙන් උතුරු දකුණු පාලම තැනූ මිනිසා” කේ.ගුණරත්නම්) විනීතා කරුණාරත්න - (ජාතික රූපවාහිනිය)
හොඳම රූපවාහිනි ළමා වැඩසටහන
*එමි යමි - තුසිත විදානපතිරණ - (ජාතික රූපවාහිනිය)
*පුංචි අපේ ශ්‍රද්ධා - මනෝජ් පි‍්‍රයන්ත (ශ්‍රද්ධා ටීවි)
* Kids First - චන්ද්‍රිකා කාරියවසම් - (සිරස ටීවි)
හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන
*ජාතික පාසැල (ධ්වනිය) - නිලුෆා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)
*රිකී - තුසිත විදානපතිරණ - (ජාතික රූපවාහිනිය)
*ළමා විද්‍යාගාරය - තුෂාරී ගමගේ - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන
*හෙට දවසේ ක්‍රිකට් - වජිර ලියනගේ - (ස්වාධීන රූපවාහිනිය)
*දිනන ළමයි - සාරංග පතිරණ / ළහිරු දුෂ්මන්ත - (හිරු ටීවි)
*ITN Sports World - කපිල ලියනගේ - (ස්වාධීන රූපවාහිනිය)
2021 වසරේ නිර්දේශිත නාම ලබන සතියේ...
සේයාරූ - ලාල් සෙනරත්