වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
‘සිත්යාය’ වැඩ අරඹයි

අනූව දශකයේ ගුවන් විදුලි නාලිකාවක් හා බැඳුණු ආදර කතාවක් ඇසුරෙන් නිර්මාණය වන “සිත්යාය” ටෙලි නිර්මාණයේ මුහුරත් උලෙළ පසුගිය දා මාකොළ සහරා හෝටලයේදී පැවැත්විණි. රනිල් කුලසිංහගේ අධ්‍යක්ෂණයක් හා ටී. බෙවන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන “සිත්යාය” කොටස් සියයකින් සමන්විත ප්‍රාසංගික ටෙලි නාට්‍යයකි. කැමරා අධ්‍යක්ෂණය -සිසිකිරණ පරණවිතාන, වේශ නිරූපණය -බුවනෙක රණවක, කලා අධ්‍යක්ෂණය ප්‍රසන්න කුමාරගේ තිර රචනය තනුජා ලුම්බිණි, විධායක නිෂ්පාදනය-තිලක් සමරසිංහ, සංස්කරණය-විරංග දෙව්පේ ආරච්චි වන අතර නිෂ්පාදන කළමනාකරණය-සසික ලක්මාල් හේරත්ගෙනි.
බිමල් ජයකොඩි, ප්‍රසන්නජිත් අබේසුන්දර, නිල්මිණි තෙන්නකෝන්, වොල්ගා කල්පනී, චින්තක වාස්, ශිරෝෂි රොමේෂිකා,කෝශලි ප්‍රනාන්දු, එරික් අබේවර්ධන, සෙනායා වැන්ඩවන්, එස්.අයි සමරක්කොඩි, ධනුෂ්කා ජයරත්න, සුවන්ති ඕෂදී “සිත්යාය” සඳහා රංගනයෙන් දායක වෙති.
- සේයාරුව- නිශ්ශංක විජෙරත්න