‘වසන්තේ’ එකට එයි

අප්‍රේල් 28, 2022

 

ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ වසන්තේ ටෙලි චිත්‍රපටය පසුගිය දා යූටියුබයට එක් කළේය. මේ වන විට මිලියන දෙකකට වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් යූටියුබ් ඔස්සේ නරඹා ඇති මෙම චිත්‍රපටය ඉතිහාසයේ ප්‍රථම වරට යූටියුබ් හි ට්‍රෙන්ඩින් වන් වූ චිත්‍රපටයි. ටී වී දෙරණ නිෂ්පාදනයක් වූ වසන්තේ ශර්මිලා ධර්මරාසා පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. රන්දික ගුණතිලක, ලවන් අභිෂේක්, ප්‍රමෝද් ගනේආරච්චි, නෙත්මි රොෂෙල්, ගීත්මා බණ්ඩාර, මිෂෙල් දිල්හාරා, චරිත මැවූ මෙම චිත්‍රපටය සඳහා සංගීතය නිමේෂ් කුලසිංහගෙනි.

 

 

මායා ජාල චිත්‍රපටයේ රංගන වරම්

 

ත්‍රිකෝ ෆිල්ම්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගම ඉදිරිපත් කරන පුබුදු චතුරංගගේ කුලුඳුල් සිනමා නිර්මාණය 'මායා ජාල' චිත්‍රපටයේ රඟපෑමට ආධුනික නළු - නිළියන්ට අවස්ථාව සලසා දී ඇත. මෙරට ප්‍රවීණ නළු-නිළියන් දායකවන මේ සඳහා වයස් භේදයකින් තොරව රංගනයට උනන්දුවක් ඇති අය හට ඉදිරිපත් වීමට අවස්ථාව ඇත. නම, වයස, ලිපිනය, හැඳුණුම්පත් අංකය, මෑතකදී ලබා ගත් ඡායාරූපයක් හා ඔබේ රංගන අත්දැකීම් සහිත අයදුම් පත්‍රයක් සමඟ ලබන මැයි 02 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස ත්‍රිකෝ ෆිල්ම්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගම ආරාධනය කර සිටී.