අමිතාබ් බච්චන් ඇබ්බැහි වුණු ලංකාවේ පුංචි කෙල්ලගේ ගීතය

"මැණිකේ මගේ හිතේ"
අගෝස්තු 19, 2021

 

 

 

යොහානි ද සිල්වා කියන්නේ ඉතාමත් කෙටි කලකින් ජනප්‍රිය වුණු නව පරපුරේ ගායන ශිල්පිනියක්. ඛ්ධමඥප ඉධදඨඵ වලින් මුල් කාලයේදී ජනප්‍රිය වුණු ඇය සිත දැවුණා, ආයේ, හාල්මැස්සා, හීනෙට ඇවිදන් යං යන ඇගේ ස්වතන්ත්‍ර ගීතවලින් ජනතාව අතරට ගියා.

මෑතකදී යොහානි ද සිල්වා සහ චමත් සංගීත් විසින් ඛ්ධමඥප ඵධදඨ එකක් කළා. ඒකේ නම "මැණිකේ මගේ හිතේ". මේ ගීතය මුලින්ම ගායනා කළේ සතිෂාන් විසින්. මේ ගීතය රචනා කළේ දුලාන් ඒඅඔ. "මැණිකේ මගේ හිතේ" ගීතයේ සංගීතය නිර්මාණය කළේ චමත් සංගීත් විසින්. මුල් ගීතයේ සංගීතය යම් තරමකින් වෙනස් කරලා චමත් සහ යොහානි නැවත මේ ගීතය මීට මාස දෙකකට ඉහතදී ප්‍රතිනිර්මාණය කරනවා. මේ වනවිට එය යූටියුබ් මඟින් මිලියන තිහකට වැඩි පිරිසක් නරඹලා තියෙනවා. මුල් ගීතයටත් වඩා යොහානි ගායනා කළ ගීතය වැඩිපුර ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලය වුණේ මේ ගීතය බොලිවුඩයත් ආක්‍රමණය කිරීමයි.

1981දී තින්නු ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කළ අමිතාබ් බච්චන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ ක්‍රියාදාම චිත්‍රපටයක් "කාලියා" කියන්නේ. මේ චිත්‍රපටයේ එන අමිතාබ් බච්චන් විසින් අපූරු නර්ථනයක යෙදෙන "බ්චඩචද ඊඥපඪ කඥඩ ව්චලචප ඩ්චඪ" නම් ගීතයේ වීඩියෝපටයට යොහානි ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය අමිතාබ් බච්චන්ගේ මිනිබිරිය වන නව්‍යා නවෙලි විසින් සංස්කරණය කරනවා. මේ වීඩියෝපටය අමිතාබ් බච්චන්ගේ නෙත ගැටුනු වහා ඔහු එයට කොයිතරම් ඇබ්බැහි වුණාද කිවතොත් ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි මේ වීඩියෝව පළ කර ඒ ගැන අපූරු සටහනක් යොදනවා. එය මෙසේයි.

 

"ඇදහිය නොහැකි තරම් අලංකාර ශ්‍රී ලාංකික ගීතයක් වන "මැණිකේ මගේ හිතේ" ගීතය මම අගය කරනවා. මේ ගීතය මගේ නිවසේම ඉන්න දක්ෂයා මගේ මිණිබිරී නව්‍යා නවෙලි මගේ කාලියා චිත්‍රපටයේ ගීතයට සංස්කරණය කරලා තියෙනවා. මේ ගීතය මුළු රැයේම මගේ මනස තුළ සෙල්ලම් කරනවා. මට එයට සවන්දීම නැවැත්විය නොහැකියි."

 

අමිතාබ් බච්චන් වැනි බොලිවුඩයේ සිටින දැවැන්ත රංගන පෞරුෂයක් විසින් නව සංගීත ආරකින් නිර්මාණය වුණු මෙරට නව පරපුරේ ගායන ශිල්පිනියකගේ ගීතයක් අගය කිරීම ප්‍රසංසනීයය. මේ පිළිබඳව සරසවිය අපි යොහානි ද සිල්වාගෙන්ම අදහස් විමසීමට තීරණය කළා.

 

"මැණිකේ" ගීතය අමිතාබ් බච්චන් පවා අහන ගීතයක් වෙලා. අහම්බයකින් හරි එහෙම වුණු එක ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. වඩාත්ම සතුටු වෙන්නේ චමත් සංගීත් එක්ක මෙම නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණු එකට. චමත් එක්ක සම්බන්දවෙන්නේ මම මුල්ම කාලේ. ඔහු එදා ඉඳන් හැම අවස්ථාවකම මට උදව් කරලා තියෙනවා.

ඉතින් සංගීත නිර්මාතෘ චමත්ටත් , මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත් , පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටිපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (ර්‍ථඥබබචඩ ඡ්ටටඥජබ) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ. මගෙත් එක්ක ඉන්න රසික රසිකාවියන්ටත් බොහොම ස්තූතියි !

 

බොලිවුඩ්වල ඉන්න ඒ වගේ ජ්‍යේෂ්ඨ නළුවෙක්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන මොකද හිතෙන්නේ?

මේක මගේ සංගීත දිවියේ විශේෂ සන්ධිස්ථානයක් කියල හිතනවා. මම සංගීතයට අලුත්. එහෙමත් නැත්නම් නවකයෙක්. ඇත්තටම මට ඉගෙන ගන්න සහ දියුණු කරගන්න ගොඩක් දේ තියෙනවා. නමුත් මම කියන හැම සින්දුවක්ම මම ඉතාමත් ආසාවෙන් සහ රසවිඳීමෙන් කියන්නෙ. ඉතින් එහෙම කරපු නිර්මාණයක් ඔහු වැනි ජ්‍යෙෂ්ඨ කීර්තිමත් රංගන ශිල්පයෙක් රසවිඳීන බව දන ගන්න ලැබුණු එක මහත් ගෞරවයක්.

 

කවදාහරි බොලිවුඩ්වල ගීතයක් කියන්න අවස්ථාව ලැබුණොත්?

දැනටමත් ආරාධනා රැසක් ඇවිත් තියෙනවා. මගෙත් එක්ක ඉන්න පෙටා ඉෆෙක්ට් (ර්‍ථඥබබචඩ ඡ්ටටඥජබ) කණ්ඩායම මේ සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යනවා.