මායාදැල ඇරැඹෙයි

අගෝස්තු 17, 2023

පිළිරූ, ගිම්හානය, අඳුරට පෙර, ආගන්තුකයා ඇතුළු නාට්‍ය 6 ක් නිර්මාණය කළ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘මායා දැල’ මුහුරත් උලෙළ පසුගියදා කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි. මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේ, ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න, ගාමිණී රාජනායක විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, කපිල සුමති ජයසිංහ, මොනිකා සේරසිංහ, කසුන් කාරියවසම්, තාරිකා ද සිල්වා රංගනයෙන් එක් වෙති.

සංගීතය නවරත්න ගමගේගෙනි. වේශ නිරූපණය වාසනා බණ්ඩාර, ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්තිගෙනි. මායා දැල එළැඹෙන ඔක්තෝබර් 12 වැනිදා සවස කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ දී මංගල දර්ශනය වේදිකාගත කිරීමට නියමිතයි.