වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
ඇතුවත් බෑ නැතුවත් බෑ
මාර්තු 2, 2023

ගයාන් මහගලගේ විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’ විනෝදාත්මක වේදිකා නාට්‍යය මාර්තු 05 වැනිදා ඉරිදා සන්ධ්‍යා භාගයේ පානදුර බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේදී දර්ශන වාර දෙකක් ලෙස වේදිකාගත කිරීමට නියමිතය. මෙයට මහින්ද පතිරගේ, නිල්මිණි කෝට්ටේගොඩ, අංජුලා රාජපක්ෂ රංගනයෙන් දායක වෙති.