වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
‘රජා මං වහලා’ නොවැම්බර් 6 වැනිදා
නොවැම්බර් 3, 2022

චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය නොවැම්බර් 6 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත වේ.
සනත් විමලසිරි, උමයංගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න, තෙරුණි අහංසා, තිලංක ගමගේ රංගන දායකත්වය සපයන ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය 2016 දී රාජ්‍ය සම්මාන 10 කින්ද, 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය.
එළැඹෙන නේපාල අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා තොරාගෙන ඇති එකම ශ්‍රී ලාංකේය නාට්‍යයද මෙය වේ.