වර්ෂ 2023 ක්වූ February 06 වැනිදා Monday
අලුත් හොරෙක් ඕනෑ ජූලි 02 එල්ෆින්ස්ටන් හිදී

අජිත් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද අලුත් හොරෙක් ඕනෑ වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ජුලි 02 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය. රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, රෝහාන් විජේතුංග, මිහිරි ප්‍රියංගනි, කුමාරි සේනාරත්න, සමන්ත පරණලියනගේ චරිත නිරූපණය කරන මෙහි සංගීත නිර්මාණය ඇන්තනි සුරේන්ද්‍ර ගෙනි. වේදිකා පසුතල නිර්මාණය ලුවොලින් වැන්ඩවෝල් ගෙන් වන අතර ඇඳුම් නිර්මාණය නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස් ගෙනි. වේදිකා පරිපාලනය සුමේධ ප්‍රසන්න විසින් සිදු කරන අතර ආලෝකකරණය සහ ශබ්ද පරිපාලනය මිහිඳු මධුසංඛ ගෙනි. අලුත් හොරෙක් ඕනෑ ප්‍රධාන සංවිධායක සහ නිෂ්පාදනය ජුඩ් ශ්‍රීමාල් ගෙනි.