කොළඹට ඒකපාත්‍ර එයි

දෙසැම්බර් 23, 2021

කොළඹ අන්තර්ජාතික ප්ල්ප් නාට්‍ය උලෙළ සංවිධානය කරන ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම පළමුවරට සංවිධානය කරන 'කොළඹ ඒකපාත්‍ර නාට්‍ය උලෙළ' දෙසැම්බර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා දිනපතා සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ. මෙරට පළමුවරට පැවැත්වෙන මෙම උලෙළ තරුණ නාට්‍යකරුවන් සඳහා වන තරගකාරි අංශය සහ ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ ඒකපාත්‍ර නාට්‍ය දැක්ම ලෙස අංග දෙදකින් සමන්විත වේ. ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ ඒකපාත‍‍්‍ර නාට්‍ය දැක්ම යටතේ එම්. සෆීර්ගේ 'ලව් ඇන් ලොක් ඩවුන්' නාට්‍යයේ මංගල දර්ශනයත්, මෙම වසරේ ඊජිප්තුවේ ශාම් එල් ශේක් නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වූ සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ 'අන්ටච්ඩ්' නාට්‍යයේ සිංහල නිෂ්පානයේ මංගල දර්ශනයත් මෙහිදී පවත්වනු ලබයි. නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදානය අවසන් දිනෙය්දීම පැවැත්වේ.