වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කලා ක්ෂේත්‍රයේ දක්ෂ මාමලාගේ නිර්මාණවල රඟපාන්න කැමැතියි

- මුහුණු පොතේ නිරූපණ දැකලා මට ගොඩක් ටෙලි නාට්‍ය සහ සිනමාපටවලට ආරාධනා ලැබුණා
- මම කවුරුවත් අනුකරණය කරන්න කැමැති නැහැ
- නිළියක් වීම චූටි කාලේ ඉඳන් තිබුණ සිහිනයක්
කුඩා කල සිටම කලාවට ඇලුම් කළ මේ කුඩා දැරිය කොට්ටාව ආනන්ද විද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරයි. 4 වසරේ අධ්‍යාපනය ලබන ඇය දක්ෂ දැරියකි. පාසල් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉඩ ලැබෙන කාලය අතරතුර ටෙලිනාට්‍ය රංගනයට පිවිසෙමින් ලක්ශෙට කොඩි සුපිපිගේ චරිතයද ‘නෙලුනි’ පාසල් සිසුවියද ‘කලියුග කාලේ’ මේ කුඩා දැරිය නාමලීගේ චරිතයද නිරූපණය කළාය.
වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ ‘ස්නයිපර්’ සිනමාපටයෙන් සිනමාවට දායක වූවාය. ඇය නමින් සෙහන්සා තාරින්දියි. මේ ඇගේ තොරතුරු සරසවියට කියන්න ආපු මොහොතයි.
මොනවද අලුත් තොරතුරු?
විශේෂ දෙයක් නැහැ. මේ දවස්වල පාසල් යනවා සහ ටෙලිනාට්‍යවල, රූපවාහිනිවල වැඩ කටයුතු කරගෙන යනවා. අම්මයි තාත්තයි දෙන්නා ඉතින් මට මේවට උදව් කරනවා.
අලුත් ටෙලිනාට්‍ය වැඩකට කතා කළා කියන්නේ ඇත්තද?
පසුගිය මාසේ රූගත කිරීම් ආරම්භ කළ ප්‍රියන්ත කෝනාර මහතාගේ ‘ගැටිස්සී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන අතර ජනිත් මධුසංඛ මහතාගේ ‘සඳයි මගෙ අම්මා’ වේදිකා නාට්‍යය සඳහාද මාව තෝරාගෙන තියනවා. සුනිල් ලියනාරච්චි මහතාගේ සිලෝන් සිල්වා වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වුණා. ළමා නිරූපිකාවක ලෙස පසුගිය දවස්වල කටයුතු ආරම්භ කළා.
නාලිකාවක නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නේ?
‘ඕඥචභබර ඊඍ’ නාලිකාවේ වෙසක් සතිය වෙනුවෙන් නිර්මාණය වුණු ‘පංච තන්ත්‍ර කතා’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඉදිරියේදී එම නාලිකාවේ ළමා නිවේදිකාවක ලෙස ළමා වැඩසටහන්වල කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. මේ දවස් වල ලෝකයේ පුදුම දේවල් සම්බන්ධ කරන වැඩසටහන විකාශය වෙනවා. ඒවා බලලා ගොඩක් අය මට ස්තුති කරනවා.
ළමා නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා නේද?
ඔව්.... නිරූපිකාවක ලෙසද කටයුතු කරනවා. අපි වගේ චූටි දරුවන් වෙනුවෙන් අලුතෙන් මසන ලද ඇඳුම් සඳහා මම නිරුපණ ශිල්පිනියක් ලෙස පෙනි සිටිනවා. මුහුණු පොතේ මේ වගේ නිරූපණ දේවල් දැකලා තමයි මට ගොඩක් ටෙලිනාට්‍ය වලට සහ සිනමාපටයට ආරාධනා ලැබුණේ.
තාරින්දි රගපාන්න කැමතිම කවර මාධ්‍යවලද?
වේදිකා නාට්‍යවල, ටෙලිනාට්‍යවල සහ චිත්‍රපටවල රඟපාන්න කැමතියි. ඒ වගේම පෝය නාට්‍යවලට සහ ළමා නාට්‍යවලට හඬ කවන්නත් කැමතියි. ඊට අමතරව වෙළඳ දැන්වීම් රඟපාන්න සහ ඩාන්සින් කරන්නත් කැමති.
දුවගේ උපන් දිනය දා මොනාද දුව කළේ.?
මැයි14 වැනිදාට තමයි මගේ උපන් දිනය යෙදිලා තිබුණේ. ඒ වෙනුවෙන් මම අනිත් අය වගේ නැතුව හිඟන අම්මා කෙනෙක් එක්ක හිඟන ළමයෙක් වගේ ඇඳගෙන ෂූට් එකක් කළා. හිඟන අම්මට රඟපෑවේ රශ්මි නැන්දයි. පිළියන්දල තමයි ෂුට් එක කළේ. මිනිස්සු අතරට ගිහිල්ලා ලැබුණු සල්ලිවලින් සහ අම්මයි තාත්තයි එකතු වෙලා සල්ලි දාලා පැපිලියානේ ළමා නිවාසයට දානයක් දුන්නා. උපන්දිනය වෙනුවෙන් එක තමයි මම කළේ.
පාසලේ නාට්‍යවලට සම්බන්ධ වෙලා නැද්ද?
අපේ පාසලේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ හය වසරෙන් පස්සේයි. ඒත් මට එළියේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඒ නිසා. දැනට මම වේදිකා නාට්‍ය දෙකක විතර රඟපාන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඉස්සරහට මට ගොඩක් රඟපාන්න ලැබෙයි කියලා.
දුවට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මාගෙන් සහ තාත්තගෙන් මට මේ වැඩ කටයුතුවලට හැමදාම එක් කරගෙන ගිහිල්ලා උදව් කරනවා. ඊට අමතරව සීයා සහ ආච්චිත්, නෑන්දලා මාමලා හා රශ්මි නන්දා ඇතුළු වූ ටීවි චැනල් එකේ සියලු දෙනාමත් උදව් කරනවා.
කවුරු වගේ වෙන්නද කැමති?
කවුරුවත් වගේ වෙන්න මම කැමැති නැහැ. මම ගොඩක්ම කැමැති දක්ෂ නිළියක් වෙන්නයි. මගේ චූටි කාලේ ඉදන්ම තිබෙන සිහිනයක් තමයි නිළියක් වීම. වෙන කවුරුත් වෙන්න මම කැමති නැහැ.
දුවගේ අනාගතයේ බලාපොරොත්තුව මොකක්ද?
කලා ක්ෂේත්‍රයේ දක්ෂ අධ්‍යක්ෂක මාමලා යටතේ රඟපාන්න සහ කලාව සම්බන්ධව රටකට ගිහිල්ලා ඉගෙන ගන්නයි. ඒ වගේම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝලේකට යන්නත්, ශිෂ්‍යත්වය පාස් වුණාම අපේ ගෙදරට චූටි නංගියෙක් අම්මයි තාත්තයි ගෙන්න බලා ඉන්න එකතමා මගේ අනාගතය බලාපොරොත්තු වෙන්නේ.