භාෂා කිහිපයක් කතා කරන්න හැකිවීම මාධ්‍ය ජීවිතයට ඉතා වැදගත්

නිවේදිකා සහ සහාය ප්‍රවෘත්ති නිෂ්පාදිකා තාරකා විජේවංශ
අප්‍රේල් 20, 2023

 

ඌවට පෑයූ පහන් තාරකාවක් බඳුය ඇය. සියලු දෙනා හැඳීන් වූයේ නිතැතින්ම පහන් තාරකාවක් ලෙසය.බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ අතර පාසල් ශිෂ්‍ය නායිකාවද විය.පාසල් පහන් තාරකා මාධ්‍ය එකකයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් මනා ලෙස හැසිරවිය හැකිය. පාසල් ඉංග්‍රීසි මාධ්‍ය ඒකකයේ මුල්ම සාමාජිකාවන් අතරට ලියැවුණු නම් අතර ඇයගේ නමද සටහන් වෙයි. නවවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතුවල නිරත වන කාලයේ දැක්වූ දස්කම් නිසාම පිට පිටම වසර දෙකක් සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීමට හැකිවීම නිසා 2007 සහ 2009 ඉඩවරයක ඉම කලා උලෙළේ හොඳම නිවේදිකාව ලෙස සම්මාන සහතික හිමි කරගත්තාය.ඉන්පසු තම සොහොයුරාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දසත පුවත් ළමා නිවේදිකාවක ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ළමා පුවත් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් උදා විය. රූපවාහිනි මහගෙදරින් ලැබූ අත්දැකීම් සම්භාරයක් සමඟ මාධ්‍ය කවුළු විවර කර ගත්තාය. වසර 2009 සිට 2011 වන තෙක් ළමා පුවත් හා ජනමාධ්‍ය ලෝකෙ ඉගෙන ගත්ත දෙවල් බොහෝය.ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් තුළින් තම අරමුණු කරා ළඟා විමට ඇය සමත් විය. මේ වන විට ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවක ලෙස කටයුතු කරයි.ඇය නමින් තාරකා විජේවංශයි.මේ ඇය පසුගිය දින සරසවිය සමඟ කළ පිළිසඳරයි.

 

කුඩා කල සිට තිබුණු සිහිනය සැබෑ වුණා ද?

ඇත්තටම ඔව් මගේ කුඩා කාලයේ තිබුණ සිහිනය මම සැබෑ කරගත්තා අද වන විට. ජීවිතේ අපිට සිහින තියෙනවා. ඒ සිහින පස්සේ හඹා යන්න ඕන. මම මේ සිහින පස්සේ හඹා යන්න පුරුදු වුණේ මුළු ප්‍රදේශයටම ඇහුණු ශබ්ද රටාවන් හදවතේ දෝංකාර දුන්න නිසා. පාසලේ හැමදාම ඇහෙන පහන් තාරකා මධ්‍යය ඒකකයේ විවිධ වැඩසටහන් කතාවන් හා දේශානුරාගී ගීත ශබ්ද රටාවන් නිසා මගේ හදවත හැමදාම ඉල්ලුවේ ජනමාධ්‍ය කියන තැනයි. ඉඩ වරයක ඉම කලා උලෙළේ වසර දෙකක් පිට පිටම හොඳම නිවේදිකාව වීමත් මම ලබපු ජයග්‍රහණයකි. ඒ නිසා මට අයියා ගේ උදව් ඇතිව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ළමා පුවත් ඒකකයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. රූපවාහිනී මහගෙදර ළමා ඒකකයේ තමයි මගේ මුල්ම රුව ප්‍රදර්ශනය වුණේ. එදා ලබපු සතුට ජීවිතේ මම කවදාවත් නොලැබුණු සතුටක්. පාසල් ජීවිතයේ ගොඩාක් කැපකිරීම් කරා අද මෙතෙන්ට එන්න. අගට මුලට කියනවට වැඩිය මුලින්ම කියන්න කැමති මට උදව් කරපු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. මම අද මෙතනට එන්න පාර කියාදුන් හා පාර හරස් කරපු එකී මෙකී සියලු දෙනාටම.අඟහරුවාදා දවස මගේ ජීවිතයේ හොඳම දවස කියලා මම සලකනවා. ඒකට ඌණ පූර්ණය එකතු කළොත් මට මෙහෙමයි කියන්න වෙන්නේ මම මුලින්ම ඉංග්‍රීසි භාෂාව හැසුරුවේ අඟහරුවාදා දවසකයි. ඒ ආපු ගමනේ මම අද භාෂා තුන හතරක පෙරහුරු කාරියක් වෙනවා. මම අද ජීවත්වෙන මාධ්‍ය ලෝකයට ඒවා හරිම වැදගත් වෙනවා. එදා මට ඒ බව නොතේරුණත් අද මට ඒවත් එක් ඉදිරි පිම්මක් පනින්න පුළුවන් වෙන ලොකු අවස්ථාවක්.

බුත්තල ඉදන් ආපු ගමන කොහොමද?

2007 වර්ෂයේ සහ 2009 වසරේ මගේ ජීවිතේ වෙනස් කරපු හොඳම නිවේදිකාව සම්මානය හිස මුදුණේ තබා ගත්තේ මුළු ලෝකෙම මට ලැබුණු ජීවිතයක් හා සමානවයි. රූපවාහිනී මහ ගෙදරට එනකොට මම පාසල් යන අවුරුදු 15 ක යුවතියක්. රූපවාහිනියට එන හැම දවසකම මගේ අයියත් එක්ක හවස ඇවිත් ඥාති ගෙදරකදි ඇඟපත සෝදාගෙන උදේට රූපවාහිනියට එනවා. මේ විදිහට රූපවාහිනී යනකන් නොකඩවාම කරන්න වෙන බව දන්න නිසා හැදුණ වැඩුණ ඌව පළාතේ බුත්තලට සමුදීලා 2010 වසරේ කොළඹට එන්න හිතුවා. ඒ වෙනස් වීම නිසා තමයි මට මාධ්‍ය ලෝකෙ දොර කවුළු ඇරුණෙ කියලා මම හිතන්නේ.

 

මාධ්‍ය ඉගෙන ගන්නට කොහොමද පසුබිම සකසා ගත්තේ කොළඹට ඇවිත්?

පාසල් යන කාලයේ මම පාසල් නිමවෙලා හැම සතියෙම සිකුරාදාට කොළඹ එන්න සූදානම් වෙන්නේ ඉරිදා සෙනසුරාදා දසත පුවත් වැඩසටහන ඉවර වෙලා නැවත අයියයි මමයි ගෙදර යනවා බුත්තල. මෙහෙම ගිහින් 2010 වසරේ අපි සියලුම දෙනා කොළඹ පදිංචියට එනවා. මගේ ආසාව ඉෂ්ට කරගන්න න්‍යායාත්මක හා ප්‍රායෝගික අධ්‍යයනයන් නැතුව හා එයට සරිලන පහසුකම් නැතුව බුත්තල ජීවත්වීම තරමක් අපහසුතාවයකට පත් වුණා. 2010 දී ආපු ගමනේදීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉගෙන ගැනීමට මූලික පියවර තබනවා. ඉන්පස්සෙ මම නිලාර් එම් කාසිම් මහතාගෙන් ඉගෙන ගන්නවා. ඉන් අනතුරුව ඉඹ්ඊඊධ් හා පදනම් ආයතනයෙන් පාඨමාලාවන් හදාරනවා. මේ ආකාරයෙන් මූලික පියවර මගේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සකසා ගන්නට මට අවස්ථාව උදා වෙනවා.පාඨමාලාවලින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ශ්‍රී පාලි මණ්ඩපයෙන් මම ජනසන්නිවේදනය සම්බන්ධව හදාරන්න ඕන පාඨමාලාවන් සියල්ලම හැදෑරුවා.

 

2014 වසරේ ඔබේ ගමන් මග බලාපොරොත්තු වුන ඉලක්කය වෙනස් කරනවා නේද?

මම 2014 වර්ෂයේ සහන පදනම යටතේ ස්වාධීන රූපවාහිනියේ සහාය ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙස සේවයට එකතු වෙනවා. මේ කාල කාලසීමාව තුළදී කොටස් වශයෙන් පිහිටු වන්නේ මාස තුනක් සහන පදනම යට⁣තේ ඉඳලා අවුරුදු හයක් දෛනික වැටුප් යටතේ වැඩ කළා. 2019 ඉඳන් මම ස්ථිර සේවයේ සේවය කරනවා සහය ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙස. දැන් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා. මම ස්වාධීන රූපවාහිනියට ඇවිල්ල පළමු ප්‍රවෘත්තිය කිව්වේ 2017 වර්ෂයේ. හදිසි ප්‍රවෘත්ති නිවේදනයක් ආවද කාලගුණ ආපදා සම්බන්ධව ප්‍රවෘත්තියක් ඒ ප්‍රවෘත්තියට සම්බන්ධ වුණේ නායයාම් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමයි.නිශාන්ති දිල්රුක්ෂි අක්කා තමයි එදා ප්‍රවෘත්ති නිෂ්පාදිකාව ලෙස කටයුතු කළේ. ඒ එහි පූර්ණ වගකීම ඇරගෙන මට ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නට අවස්ථාව සලසලා දුන්නා. එවක හිටපු ප්‍රවෘත්ති කළමනාකාරතුමාව දැනුම්වත් කරලා. ඒත් මේ වගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ ජ්‍යේෂ්ඨ නිවේදකයෝ ඒත් එදා මට ඒ අවස්ථාව ලබා දුන්න ඒක ගැන මම අදත් ඒ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. මට එදා මගේ ජීවිතේ ලැබුණු ලොකුම දේ ඉෂ්ට කරගැනීම තමයි මගේ එකම අරමුණ වුණේ.එදායින් පස්සේ මම කාල සටහනකට අනුව ප්‍රවෘත්ති කියන්න අවස්ථාව ලැබුණා. ඉන්පසු මම පැයෙන් පැය පුවත් කියන්න පටන් ගත්තා.ඉන්පස්සෙ මට දිවා පුවත් කියන්න අවස්ථාව උදා වුණා. මේ ආකාරයට මම දැන් ප්‍රවෘත්ති අංශයේ වැඩ කටයුතු කරගෙන යනවා.

 

දැනට ඔබ ප්‍රවෘත්ති අංශයේ සහය ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් විතරද?

ප්‍රවෘත්ති පිටපත් කිරීම සහ කාලීන හා වාර්තාමය සිදුවීම් වාර්තා කරන්නට යනවා. ඊට අමතරව විශේෂ අවස්ථා රැගත් වාර්තාකරණයේ යොමු වෙනවා. දෛනිකව ප්‍රවෘත්ති අංශයේ තියෙන වැඩ වැඩකටයුතුවලට යොදවන ආකාරයට වැඩ කටයුතු කරනවා. නාලිකාව නිෂ්පාදන අංශයට වැඩිය මම හැමදාම ඇලුම් කළේ ප්‍රවෘත්ති අංශයටයි.ප්‍රවෘත්ති අංශයක නියැළිලා සිටින විට අපිට අංශ කොටස් වශයෙන් බෙදලා වැඩකටයුතු කරන්න බැහැ. අපිට පවරන ඕනෑම කාර්යයක් කරන්නට අපි බැඳීලා ඉන්නේ. ප්‍රවෘත්ති වාර්තාකරණය හා නිවේදනය කියන්නේ හරි වගකීමෙන් කළ යුතු දෙයක් නිසා හරිම පරිස්සමෙන් අපි සියලු දේම ටීම් එකක් හැටියට තමයි වැඩ කටයුතු කරන්නේ. මේ හැම අංශයකම ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරල තමයි වැඩ කටයුතු කරන්නේ සියලු දෙනාම. ජ්‍යෙෂ්ඨ තත්ත්වයත් එක්ක ගනුදෙනු කරන ආකාරයට තමයි ඕනෑම කෙනෙකුට ප්‍රායෝගික හා න්‍යායාත්මක අධ්‍යයනය ලබාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඔවුන් ගෙන් ලබාගන්නා ගුරුහරුකම් අපේ ජීවිතවලට ගොඩක් වටිනවා. ජීවිතය ගමනක් යන්න නම් ඒකෙ අරමුණක් තියෙන්න ඕන. ඒ අරමුණ ඉෂ්ට කරගන්න වගකීම බාරගන්න ඕන හරි ආකාරව පවරන වැඩවලදි. අද ප්‍රවෘත්තිය අදම කියන්න ඕන හෙට ප්‍රවෘත්ති නිකුත් කරලා වැඩක් නෑ. ඒ නිසා මම ඒ දේට හරිම කැමතියි. අද වැඩේ අද ඉවර කරන්න.

 

ඉගෙනගත් හා ඉගෙනගන්න මාධ්‍ය කලාවේ ඔබ දකින වෙනස් පැතිකඩ මොකක්ද?

මාධ්‍ය ලෝකයට පිවිසෙන කොට මූලික අධ්‍යාපනය ලබන පියවර වෙනස්. මාධ්‍යයට අවතීර්ණ වෙලා වැඩ කටයුතු කරගෙන යනකොට එහි තිබෙන පැතිකඩ වෙනස්. මේ පැතිකඩවල් දෙකම නිවැරදිව තේරුම් අරගෙන අපේ ජීවිතයේ කොහොමද හැඩගස්වා ගන්නේ අපේ ජීවිතේ ගමන කොහොමද ඉටුකරගන්නේ ඒ දෙය මූලිකවම තේරුම් ගත යුතු වෙනවා.ප්‍රවෘත්ති වාර්තාකරණය හා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී සිදුවෙන්නේ ජනතාව දැනුම්වත් කිරීම හා ජනතාවට නිවැරැදි දේ ලබාදීමයි. මූලික අධ්‍යයන කටයුතුවලදී න්‍යායාත්මක දේවල් තමයි වැඩි හරියක් ලබාදෙන්නේ. ඉන් පසු අපි මාධ්‍ය ලෝකයට අවතීර්ණ උණාට පස්සේ එහි බැරෑරුම් කාලසීමාව තමයි අපිට උදා වෙන්නේ අපි නිවැරැදි දේ හරියාකාරව ම ලබාදිය යුතු වෙනවා. එසේ නොවුණොත් අපි සමාජගත කරන්නේ වැරැදි දේවල් නිසා අපිව ප්‍රතික්ෂේප කරන ප්‍රමාණය වැඩිවෙනවා. සත්‍ය හා නිවැරදි හා විශ්වසනීයත්වය ගිලිහුණාට පස්සේ සියලුම දේවල් ඉවර වෙනවා. මම ඒ නිසා කරන්නේ මුලින් අධ්‍යයනය කරපු හා අධ්‍යයනයට යොදා ගත් දේවල් හා දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන දේවල් උපයෝගී කරගෙන සත්‍ය දේවල් දීම පමණයි කරන්නේ.

 

ගහකොළින් පිරි පරිසරයේ හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ නේද?

ඔබ කියන කතාවට මම එකඟ වෙනවා. හැබැයි ඒත් බුත්තල හිටිය නම් අද මට මේ තැනට එන්න ලැබෙන්නේ නෑ. මටත් එහෙ නම් වෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය තරුණ තරුණියන් හා සමානව විවාහයක් කරගෙන දරු මල්ලෝ හදාගෙන ජීවත් වෙන්න විතරයි වෙන්නේ. හරියට කූඩුවකට දාලා දොර අරින වෙලාවට එළියට එන එකයි කූඩුව ඇතුළට දාලා වහන වෙලාවයි විතරයි දකින්න පුළුවන් වෙන්නේ. ඒවාගේ ජීවිත හරියට ලුණු පොල් කටුවකට වතුර දානවා හා සමානයි. මට හැමදාම ඕන වුණේ තිරේ පිටුපස්සේ ඉන්න නෙවෙයි තිරේ ඉදිරිපසට ඇවිල්ල සෙල්ලම් කරන්න. ඒ ගමන මම අද මහන්සියෙන් හරි ඇවිත් ඉන්නවා. එහෙම කියන්නේ මට ඒ ගහ කොළ සුවඳත් තියෙනවා. ගෙන්දගම් පොළොවෙ පය ගහපු එකේ වටිනාකමක් තියෙනවා.

 

මුල්ම වතාවට ප්‍රවෘත්ති නිවේදනය කරනවිට මොකක්ද හිතුණේ?

මට හිතුණ එකම දේ තමා මම නිවැරැදිව ඉදිරිපත් කරනවා කියන එක විතරයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ ඉස්සරවෙලා මම දුරකථන ඇමතුමක් අරන් අම්මට කිවුවේ ටී.වී එක දාන්න කියන එක විතරයි. සිත්තරවකු ඇන්ඳ සිතුවමක් සේ මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සිදුවීම එයයි. ඒ සිතුවම අඳීන්න මට පින්සල ලබාදුන්නු නිශාන්ති දිල්රුක්ෂි අක්කාව ජීවිතය හැමදාම මගේ හිත ඇතුළේ ඉන්නවා.එදා නිකමටවත් තීන්ත ටික මගේ අතේ තිබිලා පින්සල දුන් නැත්නම් මට අඳින්න වෙන්නෑනේ සිතුවම. මේ දේ කරන්න මම ප්‍රවෘත්ති කටපාඩම් කරා හැමදාම. ඒත් ඒදෙය දැනගත්තට පස්සෙත් මම හැමදාම හැම නිවුස් එකක්ම කටපාඩමින් කියන්න පුරුදු වුණා. ඒ නිසාම එදා ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට මට එක වචනයක්වත් වැරදුණේ නෑ. මම ඒ ගැන හරිම සතුටු වෙනවා. ජීවිතය ජය ගන්න නම් දුක සතුටට පෙරළා ගන්න ඕනේ කියන එකයි මම අහල තියෙන්නෙ.

 

ප්‍රවෘත්ති වාර්තාකරණය, නිෂ්පාදනය, නිවේදනය යන අංශ වලින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?

ප්‍රවෘත්ති අංශයක නියළී සිටින විට මේ තුනම එක හා සමානව දැනගැනීම හා න්‍යායාත්මක, ප්‍රායෝගිකව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා මම මේ තුනටම එක හා සමානව වැඩ කටයුතු කරනවා. ඒත් මම මෙතැනට එන්න ඉස්සෙල්ලා වඩාත්ම ආසා කළේ ඉස්සරහාට මූණ පෙන්නගෙන වැඩ කටයුතු කරන්න.ඒත් මෙතනට ආවට පස්සෙ ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් ලැබුණට පස්සේ මේ සියලු දේම එක හා සමානව කටයුතු කිරීමත්. එකිනෙකට වගකීම දම්වැලක් හා සමානව බැඳී පවතින බවයි තේරුම් ගත්තේ. මේ සියලු දේවල් මා තේරුම් ගත්තට පස්සේ කිසිවකු නිවේදිකාවක් වීමට වත් ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් වෙනවා කියන තැනට වත් ප්‍රවෘත්ති වාර්තාකරණයට පමණක් යොමු වෙනවා කියන එකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම ප්‍රවෘත්ති අංශයේ වැඩ කරනවා කියන එක විතරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම ප්‍රවෘත්ති අංශයට එන විට මට කිසිම දෙයක් බැරුවයි මම මෙතනට අවේ. න්‍යායාත්මක දැනුම පමණයි රැගෙන ආවේ. මෙතනින් තමයි මම ප්‍රායෝගික අත්දැකීම් සියල්ල ලබා ගත්තේ. ප්‍රවෘත්ති අංශය කියන්නේ හරියට නොනවත්වා දුවන කෝච්චියක් හා සමානයි. හරියට කුමි ගෙදරක ජීවත් වෙන කූඹින් වගේ. කිසිම මොහොතක නිදහසේ ඉන්නවා කියන්න බෑ කාටවත් හැමවෙලේම ක්‍රියාකාරිත්වයක් තුළ තමයි වැඩ කරන්නේ. මම හැමදාම බලාපොරොත්තු වුණේ ඒ වගේ අංශයක වැඩ කරන්න.

 

විවිධ පාඨමාලාවත් හදාරලා ජනමාධ්‍ය ලෝකයට පිවිසෙන බෝහෝ දෙනෙකුට න්‍යායාත්මක දැනුම පමණ ද ලැබෙන්නේ?

ඇත්තටම ඔව් මම ඒ අත්දැකීම් තුළින් තමයි කියන්නේ. මටත් ලැබුණේ න්‍යායාත්මක දැනුම පමණයි ගොඩක්ම ලැබුණේ. ප්‍රායෝගික දැනුමක් කිසිවකුට ලැබෙන ප්‍රමාණයක් නැහැ. ප්‍රායෝගික දැනුම ලබාගන්න නම් ඔවුන් පාඨමාලාවන් අවසන්වී විවිධ ජනමාධ්‍ය ආයතන සොයා යා යුතු කාලයක් වී තිබෙන්නේ. ඒ යන ආයතනවල තුළදී අපගේ ක්‍රියාකාරීත්වය සහ අපේ දැනුම අපි කරන කියන දේවල් තුළින් තමයි අපිට යම් තැනක ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වෙන්නේ. මටත් ඒ දේ හින්දා තමයි මෙතන අද රැඳී පවතින්නට අවස්ථාව උදා වුණේ. මගේ වාසනාවට තමයි මම සහන පදනම යටතේ මෙතැනට එන්න ලැබුණේ.

 

ආපස්සට හැරී බලන විට මොකද හිතෙන්නේ?

මෙතනට එන්නට ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අඬලා තියෙනවා. නිදි වරලා තියෙනවා. සමහර වෙලාවට හිත ඇතුළේ හිරකරගෙන යම් යම් දේවල් විඳගෙන දරාගෙන ඉඳලා තියෙනවා. මගේ ජීවිතේ මම කවදාකවත් කාත් එක්කවත් සණ්ඩු වෙන කෙනෙක් නෙවේ. ඒ හැම දෙයක්ම මගේ හිත ඇතුළෙන් දරාගෙන ඒ දුක විඳගන්න එක තමා කරන්නේ. තමන් නිෂ්පාදනය කළ ප්‍රවෘත්තියක් යන විට මාර සතුටක් දැනෙන්නේ හැමෝටම. මම හැමදාම දකින්නේ දැක්කෙ මගේ සතුට විතරක් නෙවේ. අනුන්ගේ සතුටත් මගේ සතුටක් බවට මම පත්කර ගන්නවා. ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමෙන් හා පිටපත් කිරීමෙන් ලැබෙන සතුට සහ එය ප්‍රචාරය වෙන කොට ලැබෙන සතුට අමුතුම සතුටක්. ඒත් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තුළින් ලැබෙන සතුට වෙන දෙයක්.එකිනෙකට වෙනස් වෙන ආකාරයට තමයි ඒ හැඟීම් තුළ ජීවත් වෙන්නේ. හැබැයි බුත්තල ඉඳන් කොළඹට ආපු මම තාරකා විජේවංශ ලෙස සටහනක් නමක් හැදුණ නම් මේ ස්වාධීන රූපවාහිනී නාලිකාව ආයතනය නිසා කියන එක මම අවිවාදයෙන් කියනවා. මූලාරම්භ සිට මේ තාක් මට උදව් කරපු සියලු දෙනා නිසා තමයි මට ඒ ස්ථානය හිමිවුණේ. ආපස්සට හැරිලා බලන විට හරිම සතුටක් දැන් දැනෙන්නේ.

 

ඔන් කැමරා නිසා ඔබට ලැබුණු දේවල් ගොඩක් තියෙනවා නේද?

ලාල් හේමන්ත මාවලගේ මහතා ප්‍රවෘත්ති කළමනාකරු ලෙස පැමිණි පැමිණියාට පසුව. ප්‍රවෘත්ති අංශයේ සිටි සියලු දෙනාටම ඔන් කැමරා වාර්තාකරණයට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තුළින් මාසික හොඳම ප්‍රවෘත්තිය තෝරා තෑගි සහ සහතික පතක් ලබාදෙන්නට අවස්ථාව උදා කර දී තිබුණා. ඒ නිසා ප්‍රවෘත්ති අංශයේ සියලු දෙනාම උද්‍යෝගයෙන් ඒ කාලය කටයුතු කළා. 2015 සහ 2016 වසරවල්වල ප්‍රවෘත්ති තුනක් මම කළා ඒ ප්‍රවෘත්ති තුනම හොඳම ප්‍රවෘත්ති බවට පත්වුණා. එයින් ලැබුණු ත්‍යාග සහ සහතික නිසා මගේ පෞද්ගලික ලිපිගොනුවලටත් හොඳ සහතික පතක් නිකුත් වුණා.

 

ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී ලබපු අමිහිරිතම අත්දැකීම මොකක්ද මේ කාල වකවානුවේ?

කොරෝනා වසංගතයක් සමඟ ප්‍රවෘත්ති අංශයට විශාල වගකීම් සම්භාරයක් පැටවුණා. කොරෝනා සමයේ අපි කුඩා කණ්ඩායම් වශයෙන් බෙදිල තමයි වැඩ කළේ. කොරෝනා කාල පැවති වසර තුනේදීම කෝෂල අයියා සහ මම තමයි කොරෝනා ප්‍රවෘත්තිය පිටපත් කළේ. මම හිටපු කණ්ඩායමේ. ඒ කාලේ හැම ජධපධදච නිවාස යක්ම කොච්චර ගාණක් මැරුණද ?කොච්චර ගාණක් අද කොරෝනා වාර්තා කරලා තියෙනවද? කියලා සියලු දෙනාම අපෙන් තමයි අහන්න පටන් ගත්තේ. මිනිස්සු විඳපු දුක හා තනි වෙන විදිය මැරෙන විදිහ සියැසින් දැක ගන්න ලැබීමත් මම හිතන විදියට මහා ඛේදවාචකයක් කියලයි මට එදා දැනුණේ. අවසාන කාලය මට පුදුම බයක් දැනුණේ 2021 මැයි මාසයේ මාත් කොරෝනා රෝගියෙක් බවට පත්වෙනවා. මම ගෙදර ඉදන් ඔෆිස් එකට යන එකයි ඔෆිස් එකේ ඉදන් ගෙදරට එන එකයි විතරයි කළේ. අපි වැඩ කරපු සියලු දෙනාටම කොරෝනා හැදි හැදී යන කාල සීමාව තුළ තමයි මේ දේ මටත් සිදු වෙන්නේ. අපේ අංශෙ අයියා කෙනකුට හැදීම නිසා එයා මාව දැනුම්වත් කරා මට හැදුණා නංගි ඔයාවත් චෙක් කරල බලන්න කියලා. ඒ වෙලාවෙ චෙක් කළ බලනකොටත් මාත් පොසිටිව් ගෙදරට අම්මාටයි තාත්තටයි මේ දේ කියලා මම වෙනම හිටියා. එදා හැම තැනම ඇඳීරි නීතිය දාලා තිබුණේ වාහනයක් වත් තිබුණේ නැහැ. කෝමහරි ඔෆිස් එකෙන් මට වාහනයක් එවල මම ජයවර්ධනපුර හොස්පිටල් එකට ගිහිල්ලා අචනඪඤ චදබඪඨඥද බඥඵබ කරන්න පෝලිමේ ඉන්නකොට මට හොඳටම අමාරු වුණා. බඥඵබ කරාට පස්සේ මම නධඵඪබඪමඥ බවට පත්වෙලා හිටියා. එදා දැනුණ වේදනාව දුක මට කවදාක්වත් ජීවිතේ දැනිලා නැහැ. එයට හේතුව තමයි මම සියසින් මේ සියලුම දේවල් දැකපු නිසායි. මම හිතුවේ මමත් මැරිල යයි කියලා. එදා මට උදව් කරපු අපේ ඩ්‍රැයිවර් මහත්තයා මම මතක් කරන්නේ ඇත්තටම ආදරෙන්. ඔහුගේ හදවතේ තිබුණ මනුස්සකම එදා දොරේ ගලාගෙන ගියා. කොහොම හරි මගේ වාසනාවට මම අර මැරෙන මිනිස්සු අතර ඉඳලා බල බලා ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා පෙරකළ පිනකට ද කොහෙදෝ. ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ ඉඩ නැති නිසා අපේ නාලිකාවෙන් මාව නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එකේ නවත්තපු නිසායි මාව අද ඉන්නවා නම් ඉන්නේ. මම හොඳ වෙලා ගෙදර එනකොට ගෙදර අයටත් හැදෙනවා. මේ වගේ දේවල් දැකලා මට ජීවිතේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී මම ලබපු අමිහිරිතම වාර්තාකරණයේ ඒක් අඳුරු සේයාව ඒකතමයි.

 

මේ ආපු ගමනේ ඔබේ පිටිපස්සේ හිටිය කට්ටිය මතක් කරන්න කැමතිද?

මේ ගමනෙදි මගේ පවුලේ අම්මා තාත්තා අයියා ඇතුළු සියලු දෙනා මට පාසල් යන කාලයේ ඉඳන් යෝධ ශක්තියක් වුණේ. ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සහ මගේ සහෝදර සහෝදරියන් ද මම මතක් කරන්න කැමති. 2010 වසරේ කොළඹට ආවට පස්සේ මාව මගේ දෙවැනි අම්මා වගේ බලාගත්තේ මෙලනි මිස්. මගේ ජීවිතයේ ගොඩක් දේවල් මට අහිමි වෙන්න යන වෙලාවේ මෙලනි මිස් මාව නිවැරදි තැනට ගෙන ගියා. ඒ වගේම මට උදව් කරපු ගුරුවරු සියලු දෙනාම කොළඹට ඇවිල්ල මතක් කරන්න කැමතියි. මගේ නාලිකාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සිට මගේ දෙපාර්තමේන්තුවේ සියලුම දෙනා මට අදටත් එදා වගේම උදව් කරනවා. ඔවුන් මගේ පිටුපසින් නැත්නම් මට කවදාවත් මේ ගමන යන්න හම්බෙන්නෙ නැහැ කියන එක මම අවිවාදයෙන්ම දන්නවා. රූපවාහිනී මහගෙදරින් ලැබුණු පන්නරය මගේ සියලුම දේවල් ශක්තිමත් කර ඉදිරි පියවර තබන්නට ඔසවා තැබුවා. එදා එයින් ලබපු සදාචාරාත්මක ජනමාධ්‍ය ජීවිතය මෙදා මට ඔටුණු පැලඳූවා කියලයි මම හිතන්නේ. මට උදව් කරපු සියලු දෙනාටම ස්තුතියි කියන්න මම මේ අවස්ථාවක් කර ගන්නවා.

 

මේ තාක් සඟවාගෙන සිටි ඔටුන්නේ හිමි කරුවා කවුරුන්ද?

ඔටුන්නේ හිමිකරුවා දැම්ම කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනවා. ඔටුනු පලඳීන මාසයක් තියල හැමෝටම මම කියනවා.

 

[email protected]