වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
සිනමාවේ දැවැන්තයන් සමඟ රඟපෑමට මට වාසනාව ලැබුණා

70 දශකයේ අග භාගයේ සිංහල සිනමාව උඩුයටිකුරු කළ චිත්‍රපට මාලාවක් බිහි විය. එම චිත්‍රපට මාලාව කේන්ද්‍රගත වුයේ භද්‍ර යෞවනයේ සිටි එක්තරා දඟකාර හුරුබුහුටි තරුණියක් වටාය. මගේ නංගි ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශාමා, මම බය නෑ ශ්‍යාමා. මේ චිත්‍රපට මාලාවේ ප්‍රධාන භූමිකා රඟදැක්වූ යොවුන් දඟකාර තරුණිය ළදරු අවධියේ පටන් සිනමාවට අවතීර්ණ වූ නිසාදෝ ළමා අවධියේ චිත්‍රපට නාමාවලියේ ඇගේ නම සඳහන් වුවේ බේබි ශ්‍යාමා ලෙසිනි. සිංහල සිනමාවේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු සුප්‍රකට කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ එම්. එස්. ආනන්ද සහ චිත්‍රපට නිෂ්පාදිකා වයලට් ආනන්ද ගේ වැඩිමහල් දියණිය ඇයයි. ඇය ශ්‍යාමා ආනන්ද. රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව දෑතේ ඇඟිලි සංඛ්‍යාවට පමණක් සීමා වූ වුවද, 70 දශකයේ අග භාගයේ සිංහල සිනමාවේ එක්තරා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාර ද්විත්ව රංගනයේ නියුක්ත වූ ශ්‍යාමා ආනන්ද දීපෂීකා ඕ.සී.අයි. සී ජනාධිපති සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පිනියකි. එදා බේබි ශ්‍යාමා අද විවාහ වී දරු මුනුපුරන් ලැබ කැනඩාවේ සිය සැමියා සමඟ පදිංචිව සිටි.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු, කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ එම්. එස්. ආනන්ද ඔබගේ පියා, ඔබට සිනමාවට පිවිසෙන්නට මං පැදුණේ ඔබගේ පියා නිසා. තාත්තා ගැන කතා කරමු.
මගේ තාත්තා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙද්දි ඔහුගේ වයස අවුරුදු දහ අටයි. සර් චිත්තම්පලම් ගාඩිනර් මහතා මගේ තාත්තව ඉන්දියාවට යැව්වා. සිනමා කැමරාකරණය පිළිබඳව වෘත්තීය මට්ටමින් හැදෑරීමට. පසුව ඔහුට සිලෝන් තියටර්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසුණා. සිලෝන් තියටර්ස් නිෂ්පාදනය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත, අක්කර පහ, නිධානය ආදී චිත්‍රපටවල කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ තාත්තා. සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රථම අධ්‍යක්ෂණය ‘ගැහැනු ළමයි’ කැමරා අධ්‍යක්ෂණය තාත්තාගෙ.
සිනමාවට ප්‍රවේශ වන විට අත දරුවෙක්. හා පුරා කියා රඟපෑවේ 1963 වසරේ තිරගත වූ වෙන රොබින් තම්පෝගේ වෙන ස්වර්ගයක් කුමටද චිත්‍රපටයේ. චිත්‍රපට නාමාවලියේ ඔබ නම සඳහන් වූයේ බේබි ශ්‍යමා ලෙසයි. අතීතයට ටිකක් යමු.
සිනමාව සහ මගේ පවුල අතර තිබුණේ පුදුම සුසංයෝගයක්. හැම මොහොතෙම මගේ නිවස කලාකරුවන්ගෙන් සිනමා ශිල්පීන්ගෙන් පිරිලා. බොහෝ චිත්‍රපටවල කැමරාකරණය කළේ මගේ තාත්තා නිසා ළමා චරිත සඳහා ළමා නිළියක් අවශ්‍ය වූ විට බොහෝ දෙනා පියාගෙන් ඉල්ලීම් කරනවා. මාව චිත්‍රපටය සඳහා දායක කර දෙන ලෙස. එවැනි ඉල්ලීමක් මතයි මම නොදැනුම්වත්වම රඟපෑවේ. වෙන ස්වර්ගයක් කුමටද චිත්‍රපටයේ රඟපාද්දී මට මාස හයයි. ඉන්පසු තාත්තා අධ්‍යක්ෂණය කළ සිතක මහිම, සත පනහ, ඇතුල්වීම තහනම් මෙන්ම සුවිනීත ලාලනී, සුහද දිවිපිදුම, පේනවා නේද, සෙනෙහස, ප්‍රියංගා ආදී චිත්‍රපට ගණනාවක හුරුබුහුටි දැරිවියගේ චරිතය රඟපෑවා. නමුත් මගේ මතකයේ එම චරිත රැඳී නැත්තෙ මම ඉතාමත් කුඩා අවධියේ චිත්‍රපටවල රඟපෑ නිසයි.
බේබි ශ්‍යමා බොහෝ සිනමා තාරකාවන්ට නොලැබුණු සිනමාවේ දැවැන්තයන් සමඟ රඟපාන්න අවස්ථාව හිමිවුණා. එය ඔබ ලැබු සුවිශේෂ භාග්‍යයක් කියා මම හිතනවා.?
සිනමාවේ දැවැන්ත රංගන ශිල්පීන් වන රුක්මණී දේවිය, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ටෝනී රණසිංහ, ලිලියන් එදිරිසිංහ, අසෝක පොන්නම්පෙරුම, රීටා රත්නායක, සෝනියා දිසා, ජිවරාණි, ෆ්ලොරීඩා ජයලත්, විජය කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන, අනුලා කරුණාතිලක, ෆ්‍රෙඩී සිල්වා ආදි සිනමාවේ දැවැන්තයන් සමඟ රඟපෑම් වාසනාව මට හිමිවුණා. සිනමාවේ පුරාවෘත්ත ලෙස සැලකෙන අග්‍රගණ්‍ය සිනමාකරුවන් සමඟ රඟපෑමට ලැබීම මා ලද භාග්‍යයක්.
ඔබගේ පියා හා පුරා කියා අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළ 1969 තිරගත වූ ප්‍රවේසම්වන්න චිත්‍රපටියේ ඔබ රඟපෑවේ ද්විත්ව චරිතයක්. එපමණක් නොවෙයි එම රංගනය වෙනුවෙන් ඔබට දීපාශිකා සම්මානය හිමි වුණා. මා සිතන පරිදි කුඩා දරුවෙකුට ශ්‍රී ලංකාවේ සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
ප්‍රවේශම්වන්න අපේ පවුලේ චිත්‍රපටයක්. මම එහි රඟපාද්දී මගේ වයස අවුරුදු අටයි. යහපත් දියණියක් සහ නපුරු දියණියක්. ද්විත්ව චරිතයක් කියා මට විශාල අභියෝගයක් දැනුණේ නැහැ. ප්‍රවේසම්වන්න චිත්‍රපටියේ රංගනය පිළිබඳ රංගන ශිල්පීන්ට තාත්තා ගුරුහරුකම් දෙද්දී ඒ දෙබස් නිතරම මට ශ්‍රවණය වුණා. නිතර නිතර ඇසෙන දෙබස් ඛාණ්ඩ නිසා එයින් යම්කිසි අවබෝධයක් මට ලැබුණා.
දර්ශන තලයට පැමිණි විට මට නිදහසේ රඟපාන්නට හැකියාව ලැබුණා. නිතරම දෙබස් අසන්නට ලැබීම සහ රංගන ශිල්පීන් හා මා තුළ තිබු කුලුපහ සබඳතාවය. ඇත්තටම රංගන ශිල්පීන් මට හරිම ආදරෙයි. මාව නිතරම හුරතල් කරනවා. ඒ නිසාම මට රඟපාන්න පහසු වුණා.
ප්‍රවේසම්වන්න හී දැවැන්ත නළු නිළි පිරිසක් හිටියා. ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ලීලියන් එදිරිසිංහ, ටෝනි රණසිංහ ආදීන් මට මගේ පවුලේ අය වගේ. ඒ නිසා රංගනයට අතිශයින් පහසු වුණා කියා මට හිතෙනවා. ප්‍රථම වරට දීපශිඛා සම්මාන තිළිණ කර ගනිද්දී මට පුදුම හිතුණා මා සමඟ එදා සම්මාන ගත්තේ රුක්මණී දේවි ප්‍රමුඛ සිංහල සිනමාවේ සිටි දැවැන්තයන්. එය මගේ ජීවිතයට ලොකු භාග්‍යයක්.
එම්.එස්. ආනන්ද ශ්‍යමා නමින් චිත්‍රපට මාලාවක් 1975 ආරම්භ කළා මගේ නංගි ශ්‍යමා, චණ්ඩි ශ්‍යමා, හලෝ ශ්‍යමා, මම බය නෑ ශ්‍යමා. ඒ චිත්‍රපට හතරේම ප්‍රධාන නිළිය ඔබ?
මගේ තාත්තා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ මගේ නංගි ශ්‍යමා චිත්‍රපටයේ මම රඟපෑවේ රෝයි ද සිල්වා සුමනා අමරසිංහ සහ එච්.ආර්. ජෝතිපාල සමඟ ඒ වන විට මගේ වයස අවුරුදු දහතුනක් පමණ වුණත් පෙනුමෙන් නම් පහළොවක් පමණ ඇති. විනෝදාත්මක චිත්‍රපටයක්. විශේෂයෙන්ම එච්.ආර්. ජෝතිපාල ඒ දිනවල නිතරම අපේ ගෙදර සිටියේ. ජෝතිපාල ප්‍රධාන චරිතයක් හා පුරා රඟපෑවේ ඇතුල්වීම තහනම් චිත්‍රපටියේ. ඒ අවස්ථාව ඔහුට සලසා දුන්නේ තාත්තා. රෝයි ද සිල්වා සුමනා අමරසිංහ මේ සියල්ලම අපේ පවුලේ හිතවතුන් නිසා රඟපෑමට හරිම පහසුවක් මට දැනුණා.
චණ්ඩි ශ්‍යමා ලෙස ඔබ එදා අතිශය ජනපි‍්‍රයත්වයක් ඉසිලූ නිළියක්. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ ඔබ හා පුරා කියා ද්විත්ව චරිතයක් රඟපෑ චණ්ඩි ශ්‍යාමා පිළිබඳ කතා කරමු.
ඇත්තටම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ ප්‍රධාන චරිතයක් රඟපෑමට ලැබීම මගේ සිනමා ජීවිතයේ මා ලද විශිෂ්ටතම ජයග්‍රහණයක්. බොහෝ දෙනාට ඒ අවස්ථාව හිමි වී නැහැ. ඇත්තටම චණ්ඩි චරිතයක්. කැමරාව තුළ චණ්ඩිකම් දඟකාරකම් අකීකරුකම එමටයි. ගාමිණී ෆොන්සේකා මට ගුරුහරුකම් කියාදෙනවා. අතිශය සුන්දර ලෙන්ගතු කාල පරිච්ඡේදයක් අදටත් මට සුන්දර මතකයක් ඉතිරි කළ චිත්‍රපටයක්. චණ්ඩි ශ්‍යාමා චිත්‍රපට ශාලාවල හවුස් ෆුල්. උදේ 10.30 / 2.00. සවස 06.00 රාත්‍රී 9.00 දර්ශනවල සෙනඟ පිරී ඉතිරී සිටියා. ගේට්ටු දොරවල් කඩන්න තරම් සෙනඟ ශ්‍යාමා චිත්‍රපට ධාරාව එතරම්ම සාර්ථකයි.
ගාමිණී ෆොන්සේකා සමඟ නැවතත් මට රඟපාන්නට අවස්ථාව උදා වුණා. හලෝ ශ්‍යාමා චිත්‍රපටය. මවට රඟපෑවේ ශි‍්‍රයාණි අමරසේන. ඒ වන විට මට අවුරුදු දහ අටක් පමණ ඇති. මේ යුගයේ දී නම් රඟපෑම පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව රඟපෑවේ.
සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මැතිනිය හා පුරා කියා අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටයේ වසන්ති චතුරාණී ගේ යෙහෙළිය පද්මිණි නැමැති උප ප්‍රධාන චරිතය රඟපෑමට ඔබට අවස්ථාව හිමි වුණා. එය ඔබේ ජීවිතයේ සුවිශේෂීතම කඩඉමක්?
ඇත්තටම ගැහැණු ළමයි චිත්‍රපටයේ රඟපෑම සඳහා මා තෝරාගත් බව මම දුටුවේ පුවත්පතක මගේ නම සඳහන්ව තිබූ විටයි. එතෙක් මා දැන සිටියේ නැහැ. සුමිත්‍රා පීරිස් මහත්මිය සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අපේ ඉතා කුලුපග හිතවතුන්. සුමිත්‍රා පීරිස් මහත්මිය මගේ යම්කිසි දක්ෂතාවයක් දැක ඇති ඒ නිසා වන්නට ඇති ඇය මෙම චරිතයට මාව තෝරා ගත්තේ.
ඔබ අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ විනය බෙහෙවින් ගරු කරන පාසලක කන්‍යා සොහොයුරියෝ ඔබට රඟපාන්නට අවසර දුන්නද?
මුලින්ම අධ්‍යාපනය ලැබුවේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ පසුව තාත්තා අවශ්‍ය වුණා මාව කතෝලික පාසලකට යවන්න. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. උසස් පෙළ ඉගෙන ගත්තේ විශාඛා විද්‍යාලයේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ විදුහල්පතිනියව සිටී කන්‍යා සොහොයුරිය මට රඟපෑමට අවසර දුන්නා. මම රඟපෑ පාසල් නාට්‍ය ඉතා ආශාවෙන් නැරඹුවා. මම චිත්‍රපටවල රඟපාන බව පාසලේ කාටත් පවසා නැහැ. චිත්‍රපටය තිරගත වූ පසුවයි බොහෝ දෙනා දැන ගත්තේ. නමුත් මම පාසලේ සිසුන් කන්‍යා සොයුරියන් බොහොමයක් මට ආදරෙයි. හේතුව විනය ගරුකව මම පාසැලේ අධ්‍යාපනය හැදෑරූ නිසා. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය විශේෂයෙන් අධ්‍යපනයට වගේම විනයට මුල් තැන දෙන පාසැලක්. ඒ දවස්වල මගේ චිත්‍රපට නැරඹු පේ‍්‍රක්ෂකයෝ පාසලට ලියුම් එවනවා. ඒ ලියුම් මට නොපෙන්වා සිස්ටර් පි‍්‍රන්සිපල් බාර දෙන්නේ මගේ තාත්තාට.
ඔබගේ පියා නිෂ්පාදනය කළ පවුලේ චිත්‍රපටවල පමණක් රඟ පෑ ඔබට පෙම්වතියකගේ චරිතයක් රඟපාන්නට ආරාධනා ලැබුණේ නැද්ද?
අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු බොහෝ දෙනෙකුගෙන් ආරාධනා ගලාගෙන එන්නට පටන් ගත්තා. නමුත් මගේ අම්මා පෙම්වතියගේ චරිතය රඟපානවාට කැමැත්තක් දැක්වුයේ නැහැ. එයට හේතුව මම දන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ඔවුන්ගේ නිර්මාණවලට පමණක් මාව දායක කර ගන්නට. ඇත්තටම තාත්තා ප්‍රධාන නිළිය ලෙස මාව තෝරාගෙන ඒ මත චරිතය ගොඩනංවමින් තිර කතාව ලියනවා. සිනමාවේ ආදරවන්තියක් නොවුණත් මම ජනපි‍්‍රය නිළියක් බවට ඒ දිනවල පත්වුණා. මම අවුරුදු 6 පටන් අවුරුදු 20 දක්වා මගේ ළමා විය යොවුන් විය සිනමා වෙනුවෙන් කැප කළා.
ඔබ සම්මානනීය නිළියක්?
ප්‍රවේශම්වන්න චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් දීපසීකා සම්මානය ලැබුණා. ගැහැණු ළමයි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ජනාධිපති කුසලතා සම්මානය සහ ඕ.සී.අයි. සී කුසලතා සම්මානයත්, වැඩිම ආදායම් වාර්තා පිහිට වූ චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටය වෙනුවෙන් ජනාධිපති කුසලතා සම්මානයක් මට පිරිනැමුණා.
ඔබේ සැමියා ජනපි‍්‍රය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කතා කරමු ඔබේ විවාහය ගැන?
මගේ සැමියා සාලිය ඉගෙන ගත්තේ තර්ස්ටන් විද්‍යාලයේ. ඔහු එවකට තර්ස්ටන් විද්‍යාලය කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අපි අතරේ හටගත් පේ‍්‍රම සම්බන්ධතාවයකින් පසුව අපි දෙදෙනා 1980 දී විවාහ වුණා.
විවාහයෙන් පසුව සිනමාවට සමුදීලා කැනඩාවට පදිංචියට ගියා?
විවාහයෙන් පසුව මම ප්‍රමුඛස්ථානයන දුන්නේ මගේ පවුල වෙනුවෙන්. මගේ සැමියා සහ දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් සිනමාවෙන් සමුගත්තා නොවේ. මදකට සිනමාවට විරාමයක් තැබුවා. මට අවස්ථාවක් සැලසුණා කැනඩාවට යන්නට, ඒත් පදිංචිය බලාපොරොත්තුවෙන් ගිය ගමනක් නොවෙයි. වසර තුනකට පසු නැවත එන්නටයි තීරණය කළා. වසර 3 වසර 5 වුණා. අවසානයේදී කැනඩාවේ පදිංචියට ස්ථිර වුණා. අපි ව්‍යාපාර පටන් ගත්තා කැනඩාවේ. ඒ නිසා ලංකාවට ආයුබෝවන් කීමට සිදුවුණා.
මට දරුවන් දෙදෙනෙක් සිටිනවා. දුව මන්දිරා දුව විවහ වෙලා දුවට දරුවෝ දෙදෙනෙක් සිටිනවා. ඇගේ පුතා පියර්ස්ට අවුරුදු අටයි. දියණිය සොරායාට අවුරුදු හයයි. පුතා අවිවාහකයි. දෙනොගේ පදිංචිය කැනඩාව ටොරොන්ටෝ.
ඔබ රඟපෑ අවසන් චිත්‍රපටය මම බය නෑ ශ්‍යාමා හී ඔබේ දියණිය මන්දිරා රඟපානවා නේද?
ඔව්. මම බය නෑ ශ්‍යාමා මගේ තාත්තා ගේ නිෂ්පාදනයක් සහ අධ්‍යක්ෂණයක්. තාත්තා මන්දිරාට හරිම ආදරෙයි. තාත්තාට අවශ්‍ය වුණා මන්දිරා ඔහුගේ මිනිබිරි චිත්‍රපටයකට දායක කර ගන්නට. මම එම චිත්‍රපටය රඟපෑවේ මන්දිරාගේ අම්මාගේ චරිතයයි. ඒ පුංචි මන්දිරා දැන් අම්මා කෙනෙක්. මම ආච්චි කෙනෙක්. නිසි වයසේ දී නිසි දේ කළ කෙනෙක් ලෙස අද මට මගේ ජීවිතේ ගැන සතුටු විය හැකිය. මගේ තාත්තා නිසා මම නිළියක් වුණා. මාස හයේ සිට වසර විස්සක් පුරා රඟපෑවා. වසර 20 දී විවාහ වුණා. සිනමාවෙන් ඈත් වී පවුල් ජීවිතයට මුල් තැන දුන්නා. මගේ පවුල් ජීවිතය දරුවන් ලැබුවා. මුනුපුරන් මිනිබිරියන් ලැබුවා. මිනිබිරිය චිත්‍රපටයක රඟපෑවා. ගැහැනියක් හැටියට සිනමා නිළියක් හැටියට මවක් හැටියට මිත්තණීයක් හැටියට අද මම තෘප්මත්. නිසි කාලයේ දී නිසි තීරණවලට යොමුවීම නිසා අද මම සතුටින් ජීවිතයක් ගත කරනවා. වසරකට වරක් ලංකාවට පැමිණ මගේ අම්ම සමඟ මාසයක් හෝ මාස දෙකක් පමණ කාලයක් ගත කරනවා. තාත්තා මෙලොව හැර ගියත් අම්මව මම සහ නංගී වරින් වර පැමිණ රැක බලා ගන්නවා.
සිනමාපටයකට හෝ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නට කැමති නැද්ද?
කැමතියි මට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් රඟපාන්නට කැමතියි.