මෙය වෙනස්ම වෙනස්ම චිත්‍රපටයක්

‘පියාඹන්න ආයෙත්’ හැදූ ෂර්ලි සමරසිංහ
ඔක්තෝබර් 27, 2022

 

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කලාවට ඔහු අවතීර්ණ වන්නේ ජාතික රූපවාහිනිය අධ්‍යාපනය ඒකකයේ නිවේදකයකු සහ නිෂ්පාදකවරයකු වශයෙනි. ඉන් අනතුරුව පෞද්ගලික නාලිකා කිහිපයක වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. එදා ඔහු වැඩියන්ම ප්‍රිය කළෙ වාර්තාමය වැඩසටහන් අධ්‍යක්ෂණය කිරීමටයි. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සිනමාවට පි විසෙන ඔහු ‘ඉස් කයි’ සිනමාපටයට ජාතික හා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය. සහය අධ්‍යක්ෂකවරයකු සහ නිෂ්පාදන කළමනාකරුවකු වූ ඔහු සිනමා ක්ෂේත්‍රය තුළ නිසැක හැකියාවන් පෙන්විය.

‘පියාඹන්න ආයෙත්’ සිනමාපටය අධ්‍යක්ෂකවරයා වන ඔහු ෂර්ල සමරසිංහයි.

 

මම සිනමාව පිළිබඳ හොඳ අධ්‍යයනයන් කරමින් සිටියේ. ඒ වකවානුවෙ තමයි ‘පියාඹන්න ආයෙත්’ අධ්‍යක්ෂණය කරන්න ඕනෙයි කියල හිතුණේ. මම සිනමාවේ වැඩියෙන්ම, ආසා කරන්නේ යථාර්ථවාදී සිනමාවටයි මට ඕන වුණේ කාගෙත් අවධානයට ලක් වන කලාත්මක චිත්‍රපටයක් කරන්නයි. ඒ වෙනකොට පිටපත් කිහිපයක් ම කියවලා තිබුණේ. එහෙත් පසුගිය වකවානුවේ තිබුණු වාතාවරණයත් එක්ක කරගන්නට අපහසු වුණා. මේ කරපු නිර්මාණය කලාත්මක චිත්‍රපටයක් නො වුණත්, කලාත්මක ධාරාවේ තියෙන චිත්‍රපටියක් ලෙසයි ගණනය වෙන්නේ. ලාංකික ප්‍රේක්ෂකයන් කැමැති කලාත්මක චිත්‍රපටයක් බලලා රස විඳීන්න. ගුලිවෙලා හිර වෙලා ඉන්න සියලු දෙනාම ශාලාවකට ගිහිල්ලා ඔවුන්ගේ අත්දැකීම් විඳගන්න තමයි එතැනට යන්නේ. ඒ නිසා තමයි මම මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නට හිතුවේ.

කිලෝ මීටර් 4500 ක් මහ පාරේ ඔබේ සිනමාපටය රූගත වෙනවා. රූඩ් මූවී එකක් ලෙස නේද මේ සිනමාපටය ගණනය වෙන්නේ?

අධචඤ ර්ධමඪඥ සිනමා සංකල්පය ලෝකයේ විකල්ප ධාරාවේ තියෙන සිනමා ශානරයකි.ලංකාවෙ තරුණ සිනමාකරුවන් කිහිප දෙනකු මේ සංකල්පය යටතේ සිනමාපට නිර්මාණය කරා. මේ සිනමාපටය පළමු සිනමාපටය ලෙස ගනන් ගන්න බැහැ. සිනමාපටයක් නිර්මාණය කරද්දී ආඛ්‍යානය පිළිබඳ අපිට මතයක් ගොඩනඟන්න වෙනවා. නිර්මාණය සඳහා යොදන ආයෝජනයන් ගත්තත් දැවැන්ත කාර්යභාරයක් සිදු වෙනවා.වෙනත් සිනමාපටයක් ගත්තම යොදන්න වෙන පසුතල නිර්මාණය නළු නිළියන් හා වෙනත් කාර්යයන් සඳහා විශාල මූල්‍යමය දායකත්වයක් දක්වන්න වෙනවා. එහෙත් මේ ගණයේ සිනමා පට වලට යන වියදම ටිකක් අධික වුණාට අනිත් පැත්ත හොඳයි. මගේ සිනමාපටය සමීක්ෂණයක් හැටියට නිර්මාණ කරපු චිත්‍රපටයක්. ලංකාවේ බොහෝ තැන්වල මේ චිත්‍රපටය රූගත කළා. ඒ හින්දා තමයි රෝඩ් මූවී සංකල්පය යටතේ කිලෝ මීටර් 4500 ක් විතර යන්න වුණේ. තිර පිටපතට අනුව එහි තියෙන දර්ශන තල ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම තමයි මගේ මූලිකම පරමාර්ථය වුණේ. ලෝකයෝ අභඤඥ ථධමඪඥඵ සංකල්පය යටතේ නිර්මාණය වන ගොඩක්ම සිනමාපටවල ඒ ලක්ෂණ තියෙනවා.

 

ඔබ කියන විදිහට ලාංකීය ප්‍රේක්ෂකයා මේ දර්ශන තල වැලඳ ගත්තා කියලා හිතනවද?

ප්‍රේක්ෂකයා හැම වෙලාම තිර පිටපතට අනුගත වෙලා කතාවට අවශේෂ චරිත සහ දර්ශන තල තමයි ඉල්ලා සිටින්නේ. කොළඹට අදාළ කතා වස්තුවක් නම් කොළඹ අවට රූගත කිරීම් කරන්න තිබුණා.පිටරටක ඉදන් එන යුවතියක් ලංකාවේ සුන්දර ස්ථාන නරඹන්න යන කතා වස්තුවක් තමයි මෙහි ගැබ් වෙලා තියෙන්නේ. ඒ නිසා පිටපතට අදාළව ව්‍යාජ රූපරාමු පහ මවාපාන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැහෑ නුවරඑළිය වගේ දර්ශන තලයකට තේ වතු බහුල වෙනත් ප්‍රදේශයක් පෙන්නලා ප්‍රේක්ෂකයා රැවටීමට අවශ්‍යතාවයක් වුණේ නැ. සිනමාපටය පුරාවටම භූගෝලීය ලක්ෂණ හොඳීන් ඉස්මතු කරල පෙන්නනවා.

තෝරා ගන්නා නළු නිළි යුවළ අපේක්ෂා කළ කාර්යභාරය ඉටු කළාද?

ලංකාවේ වෘත්තීමය නළු නිළියන් සොයා ගැනීම ටිකක් අපහසුයි. ඒත් චමත්කා සහ කලණ දෙන්නා පිටපතට අනුගත වෙලා ඕන විදිහට රංගනයේ යෙදුණා. බලාපොරොත්තු වුණු සංකල්පයේ ඉටු කරා. කලණ ගුණසේකර හා චමත්කා කියන්නේ වෙනත් වෘත්තියක නියැළිලා රඟපාන නළු නිළි යුවළක් නොවෙයි. අද අපේ නළු නිළියන් ටෙලි නිර්මාණ හරහා කාර්යබහුල වෙලා තියෙන්නෙ. අපි නිතර ටෙලි නාට්‍ය හරහා දකින නළු නිළියන් චිත්‍රපටියකට සම්බන්ධ කර ගැනීම දුෂ්කර කාර්යයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නෙ. සිනමාපටයකට තෝරාගැනීමේදී නළු නිළි යුවළට වෙනත් නිර්මාණ හරහා එකතු වීමට ටිකක් අපහසු තාවයක් තියෙනව. මෙම නිර්මාණය කරන්නේ කාල පරාසයක් තුළ. ඒ කාලසීමාව තුළ හරියටම වැඩේ ඉවර කරලා අපි ඊළඟ පියවරට එළැඹිය යුතුයි. කලණ සහ චමත්කා එක නිර්මාණයක් බාර ගත්තම ඒ නිර්මාණය ඉවර කරලා තමයි ඊළඟ නිර්මාණයට අත ගහන්නේ.ඒක ක්ෂේත්‍රයේ තියෙන හොඳ ලක්ෂණයක් හැටියට මම දකිනවා.

 

ලාංකේය සිනමාව ගැන මොකද හිතෙන්නේ,අධ්‍යක්ෂක වරයෙක් වශයෙන්?

අපට දැවැන්ත සිනමා කර්මාන්තයක් නෑ නමුත් අපි ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න ඕන හරි දේ පමණයි. ඕනෑම නිර්මාණයක මූල, මැද අග කියන සංකල්ප තුන හොඳට සෙවිය යුතුය. එවිට ඕනෑම දෙයක් ස්පර්ශ කිරීමට ලේසි වෙනවා. මුලින්ම සිනමාපටයක් නිර්මාණය කරන්න ඕන කියලා හිතලා සිනමාපට නිර්මාණය කරන්න බෑ. තිර පිටපත භාර ගන්න තැන සිට අවසානය දක්වාම නිර්මාණය වගකීම බාරගත යුතුයි. අධ්‍යක්ෂකවරයා කියන සංකල්පය යටතේ වගකීම් සම්භාරයක් තියෙනවා.මම හැම නිර්මාණයකටම අගයක් දෙන්න තමයි ඒ වගකීම අරගෙන කටයුතු කරන්නේ.

 

පියාඹන්න ආයෙත් සිනමා පටයේ කැමරාවත් සමඟ තිබුණ සම්බන්ධතාවය ගැන කථා කළොත්?

ටෙලි නාට්‍ය කැමරා කරණයට හත්පසින් වෙනස් කැමරා කරණයක් සිනමාවේ සිදුවෙන්නේ. සිනමාවේ කෙටි කාල පරාසයක් සමඟ පුළුල් වපසරියක සියලු දෙනාගේ සම්බන්ධතාවය එක්ව ගොඩ නැගෙන රුප රාමුවලට ජිවයක් ගෙන එන්නේ.සිනමා කැමරාව කියන්නේ චිත්‍රපටයේ ඇති ප්‍රධාන භූමිකාවයි. රෑඩ් මූවී සංකල්පය යටතේ කැමරාවක් හැමවෙලේම භු විෂමතාවයේ පවතින ලක්ෂණත් එක්ක ගණුදෙනුවක් සිදු වෙන්නේ එහි රංගනයේ යෙදෙන නළු නිළියන් සමගයි. විවිධ විදියට කැමරා කෝණ භාවිතා කරන්න වෙනවා. ඒ සඳහා කැමරා කෝණවලට අවශ්‍ය අලෝකකරණය උපයෝගිකර ගන්නේ මොන විදිහයද. ඒ පවතින අලෝකයෙන්, යෝදා තිබෙන කැමරා වලින් රුප රාමු ගන්නේ කුමන අකාරයටද ‘පටිගත කරගන්න යන සියලු දෙවල් මනසේ චිත්‍රණය කරගෙන කැමරාව සමඟ සහසම්බන්ධතාවය මනාලෙස තබා ගතයුතුය. එසේ නොවුණෝත් හිල්වෙච්ච බාල්දියක් සමානයි. එමෙන්ම රුප රාමු අතර සහසම්බන්ධතාවය මනාලෙස පවත්වා ගතයුතුය. චරිතවල, ඇඳුම්වල, අලෝකකරණය, වේශ නිරුපණය, තිරපිටපතේ අන්තර්ගතයට අදාළ විමයි. කැමරාව භාවිතය ඉතාම වගකිමෙන් සිනමාපටය පුරාවටම සිදුවුණා.

 

ඔබේ සහ එම්. සෆීර්ගේ තිර රචනය එක හා සමානයි ඒ ගැන මොකද කියන්නේ ?

මම ඒ සිනමාපටය බැලුවා .මගේ සිනමාපටය චරිත දෙකකට වැඩි සංඛ්‍යාවක් රංගනයේ යෙදෙනවා. ඔහුගේ සිනමාපටය චරිත තුනක් පමණයි රංගනයේ නියැළෙන්නේ. මේ කතා තේමාව හරි සංකීර්ණයි. අධචඤ ර්ධමඪඥ කතන්දරයක් තුළ ගලාගෙන කතාවක් මෙතැන තියෙනවා. ප්‍රේමය මුල් කරගෙන ලෝකයේ ගොඩක් රටවල මේ ශානරයේ සිනමාපට බිහිවෙලා තියෙනවා. හැබැයි ඒ වගේ කතා වස්තු එකිනෙකට වෙනස්. සෆිර්ගේ සිනමාපටයත් මගේ සිනමා පටයත් බලපු ගොඩක් දෙනෙක් කිව්වේ එක හා සමානයි කියලා තමයි. ඒත් එහි ඇතුළාන්තය හරියට කියවලා නැති පාටක් මට දැනෙනවා.අතහැරීම හා එක්වීම ගොඩනැගීමට අධ්‍යක්ෂකවරුන් අරගෙන තියෙන මහන්සිය ගැන තව වෙනකම් කතා කරන්නේ නැහැ. ඒත් කතා කරන්නෙ තිරපිටපත එක හා සමානයි කියලා විතරයි. මම කොයිම මොහොතකවත් එකම තිර පිටපතක් කියන එකට එකඟ වෙන්නේ

නැහැ. අන්තවල් දෙකක් සිනමාපට දෙකෙන් නිරූපණය වන නිසා අපි එකම ගමන් මාර්ගයක ගමන් කරලා නැති බව හොඳටම පේනවා. ලංකාවට තාම රෝඩ් මූවී සංකල්පය යටතේ නිර්මාණය වන සිනමාපට අලුත් නිසයි එහෙම දැනෙන්නේ.

 

දැනට සිනමාපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඉතාම හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙනවා. ඒ වගේම කුමන හෝ චිත්‍රපටයක ප්‍රදර්ශනය ආරම්භ වුණාම ප්‍රේක්ෂකයන්ගේ සමීක්ෂණයක් කිරීම ඉතාම වැදගත් වෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයන් සංස්කෘතිය සභ්‍යත්වයට හුරුවෙච්ච සිනමාපට නැරඹීමට තමයි කැමැත්තක් දක්වන්නෙ. ඒ අතර මේ නාගරික පරිසරය තුළ නිර්මාණය වෙලා තියෙන සිනමා හල්වල ප්‍රවේශ පත්‍ර වල මිල ටිකක් අධිකයි. ප්‍රාදේශීය වශයෙන් තියෙන සිනමාහල්වල මිල ගණන් අඩුයි. මිට වසර තුන, හතරකට ඉස්සල්ලා සිනමා පටයක් බලන විට උදේ අපුවාම දර්ශන තුනම බලලා රෑ 11, 12 වෙනවා යනකොට.එදා මිල ගණන් අද මිල ගන්න සංසන්දනය කරපුහාම එක සිනමාපටයක් වත් බලන්න බැරි පිරිසකුත් ඉන්නවා. අද බොහෝ ප්‍රේක්ෂක පිරිසක් විවිධ ක්‍රම උපයෝගී කරගෙන සිනමාපට බලනවා. සිනමා ශාලාවකට ප්‍රේක්ෂකයන්ගෙන් ගෙන්වාගැනීමේ ක්‍රමවේදයකුත් නැති පාටක් තියෙනවා. එක ළඟ සිනමා පට තුන හතරක් ප්‍රදර්ශනය ආරම්භ කරපුවාම සිනමාහල් කරා බෙදීයාමක් සිදුවෙනවා. එහෙම උණාම ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අධ්‍යක්ෂකවරයකු ළඟම තියෙනවා .

 

සිනමා පටයක් තිරගත වීමට ප්‍රථම සිදුවෙන කාර්යභාරයන් ටිකට ඔබ එකඟද?

යම් නිර්මාණයක් කරපුවාම රජය පැත්තෙන් දාන කොන්දේසි ටිකක් තදයි. විධාන අණපනත් සහ බදු බර පැටවීම අද දක්නට ලැබෙන විශේෂ දෙයක් ලෙස සැලකිය හැකිය. මේ අතර හොඳ දේවලුත් තියෙනවා. ලංකාවේ කොතන ගියත් පෝලිම් යුගය නම් නැති වෙන පාටක් පේන්න නැහැ. නව ක්‍රමවේදයන් එන්න එන්න පැරණි ක්‍රමවේදයන් යටපත් වෙනවා. නමුත් අපේ සිදුවෙන්නේ තාම පැරණි ක්‍රමයි. බෙදාහැරීම් ක්‍රමවේදයක් ද අසාර්ථක ක්‍රමවේදයක් ලෙසයි තියෙන්නේ. ජාතික ප්‍රතිපත්ති නියාමනයක් නැතිකම තමයි මේකට මූලිකම හේතු වෙලා තියෙන්නේ. නව අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ නිර්මාණය ප්‍රදර්ශනයට ගැනීමේදී ප්‍රශ්න තියනවා. ඒවා රටට ලෝකයට කිව්වා කියල කවදාක්වත් විසඳුම් ලැබෙන දේවලුත් නෙවෙයි කියලා හිතනවා. ගොඩක් මේ ක්‍රමවේදයන් තුළ තියෙන්නෙ වැල යන පැත්තට මැස්ස ගැසීම පමණයි. අපිට ඕන විදියට මැස්ස ගහන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෑ. එයට යම් යම් හේතු තියෙනවා.

 

සිනමාහල් කරා චිත්‍රපටය බෙදාහැරීම සම්බන්ධව තිබෙන ගැටලු මොනවාද ?

චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධව මීට ප්‍රථම ජාතික චිත්‍රපට සංස්ථාව තමයි ඒ වගකීම භාරගෙන කටයුතු කළේ. ඉන් පසුව විවිධ බෙදාහැරීම් සංගම් ඇතිවීම නිසා චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධව ප්‍රශ්න මතු වුණා. විවිධ පාර්ශ්වයන් බෙදාහැරීම නතු කර ගැනීම නිසා සිංහල සිනමාපටවලට බලපෑම එල්ල විම ක්‍රමයෙන් සිදු වෙමින් පැවතුණා. විදේශීය සිනමා පට ප්‍රදර්ශනය ආරම්භ වීමත් සමඟම බෙදාහැරීමේ ගැටලු මතු වුණේ. ඉන් පස්සේ සිංහල සිනමාපට ප්‍රදර්ශන වාර ගාණ සීමා කිරීමට පෞද්ගලික ඒකාධිකාරියක් විසින් පවත්වාගෙන ගියා. මේ කිසිම දෙකට විසඳුම් සොයන්න කිසිවකු ඉදිරිපත් වුණෙත් නැහැ. මම හිතන විදියට අදත් එහෙමයි හෙටත් එහෙමයි මතුවටත් එහෙම වෙයි කියලා හිතනවා. සිනමාපටයක් අධ්‍යක්ෂණය කරල එහි සියලු කටයුතු ඉවර වුණාම නිෂ්පාදකවරයාට බාර දුන්නට පස්සේ චිත්‍රපටිය බෙදාහැරීම සම්බන්ධව වගකීම තියෙන්නෙ නිෂ්පාදකවරයා සතුව. නිෂ්පාදකවරයා හොඳ න්‍යායාත්මක දැනුමක් තියෙන පුද්ගලයෙක්. නිෂ්පාදකවරයෙකු කිසිවිටෙකත් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධව දැනුමක් නැත්නම් නිෂ්පාදනයට අත ගසන්නේ නැහැ. ඒ කටයුතුවලට මම සම්බන්ධ වෙන්නේ ඉතාම සීමිත වශයෙන්. පෞද්ගලිකව මම බෙදාහැරීම සමාගම් සමඟ සම්බන්ධතාවයන් තියෙනවා. ඒ සියලු දෙනා සමඟ අපි ගනුදෙනු කරනවා. සිනමාහල්වල තියෙන ප්‍රශ්න තියෙනවා. බරපතළ ලෙස තියෙන්නේ සිනමා හල්වලට එන ප්‍රේක්ෂකයන්ට තමන් එන වෙලාවට බලාපොරොත්තු වෙන සිනමාපටය නෙවෙයි ප්‍රදර්ශනය වෙන්නේ. මීට ඉස්සෙල්ලා සිනමා හල්වල දර්ශන තුනම එකම සිනමා පටය ප්‍රදර්ශනය වුණේ. අද තරගකාරිත්වය නිසා ද වෙන යම් හේතුවක් නිසාද, එක සිනමාපටයක් එක දර්ශන වාරයක් පමණක් ප්‍රදර්ශනය වෙන්නේ කියන එක ගැටලු සහගතයි. මේ තියන සංගම් සියලු දෙනාම එකට එකතු වෙල පොදු තීරණයක් මත විසඳුමකට ඇවිල්ලා තමන් ලබා ගන්නා සිනමා පටය මේ කාල සීමාවේ සිට මේ දක්වා ප්‍රදර්ශනය ආරම්භ කළොත් සිනමා ක්ෂේත්‍රයට හොඳ දවසක් යයි.

 

සිනමා කර්මාන්තයක් ස්ථාපිත කරන්න මොන වගේ හේතු සාධක ද අවශ්‍ය වන්නේ ?

ලෝක සිනමා කර්මාන්තය තුළ විවිධ රටවල්වල ඒ රටට ආවේණික න්‍යාය ධර්මයන් තියෙනවා. ඔවුන්ගේ ස්වාධීන පත්තියට අනුකූලව නීතිමය රාමුවක් තුළ සිනමාව කර්මාන්තයක් බවට ස්ථාපිත කරල තියෙන්නේ. ඒත් අපේ රටේ දාම් බෝඩ් එකක දාන් අදිනවා වගේ ඉත්තෝ එහාට මෙහාට කරල දාම් අදිනවා වගේ වැඩක් වෙන්නෙ. වෘත්තිමය වශයෙන් පිරිසක් බිහි උන දවසට ඒ සියලු දෙනාට හඬ නගන්න දැන්ම හේතු සාධක ඉදිරිපත් කරල වැඩක් නැහැ. අඩි පාරක යන අපි මහපාරක් කපාගන්න දැම්ම සැලසුම් ඉදිරිපත් කරලා වැඩක් නෑ නේද.

 

අනාගත සිනමා මාධ්‍යය ගැන මොනාද කියන්න තියෙන්නේ ?

වර්තමානය වන විට අලූත් තාක්ෂණය තුළින් සිනමාපට නිර්මාණය වීමට පටන්ගෙන තියෙන්නේ. සිනමාව අගමුල කොතනද කියලා ලියන්න කියන්න බැහැ. අතීතය අනාගතයට සංසන්දනය කරන්නත් බැහැ. දවසින් දවස වෙනස් වන ලෝකය තුළ නිර්මාණ බිහිවීමත් තුළ. ප්‍රවීණයන් මෙන්ම නව පරම්පරාව අලුත් නිර්මාණ බිහි කරනවා. නිර්මාණවේදියාගෙන් වේදියාට තාක්ෂණයත් වෙනස් කරනවා. මේ ගමන යන්න නම් අපි එතැනට යා යුතුයි. පැරණි ක්‍රම තුළම එල්බ ගෙන ඉන්නවට වැඩිය නව ක්‍රම තුළ තුළ ජීවත් විය යුතුයි. මම මගේ නිර්මාණ තුළ ඉදිරියට දකින්නේ අද දේ නෙවෙයි හෙට දේ ගැන පමණයි.තාක්ෂණය අනාගතයට කොහොමද යොදාගන්නේ කියන එක මම හැම නිර්මාණයක් තුළම කතා කරන්නේ. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන කලාත්මක හෝ සම්භාව්‍ය නිර්මාණයක් ඔවුන්ට රසවිඳීය හැකි අයුරින් නිර්මාණය කිරීම තමයි සියලුම නිර්මාණවේදීන්ගේ වගකීම වෙන්නේ. නිර්මාණවේදීන්ට අවශ්‍ය වටපිටාවත් මේ තුළ සැකසිය යුතුය. ඒ සියලු දෙනාට ගෞරවාන්විත බවක් ඇති කිරිම. ඒ සියලු දෙනා රටේ සම්පතක් බවට සිතිය යුතුයි.

 

ඔබේ ඉදිරි වැඩ කටයුතු කොහොමද ?

අලුතෙන් නිර්මාණ කීපයකටම දායකත්වය දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙනවිටත් තිර පිටපත් කිහිපයක්ම කියවීමෙන් පවතින්නේ. මේ සිනමා පටය ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව මොන වගේ නිර්මාණයක්ද කරන්නේ කියලා හිතමින් මේ පිටපත් කියවනවා. සිනමාව වෙනුවෙන් ඉදිරියේ හොඳ වැඩපිළිවෙළක් ගැන තරුණ නිර්මාණ කරුවන් එක්ව කටයුතු කරන්න ඕන කියන තැනයි මම අදත් ඉන්නේ හෙටත් ඉන්නේ. ඒවගේම මේ අවස්ථාව කරගන්නවා මට මේ තාක් මේ ගමන එන්න උදව් කරපු සියලුම දෙනාට ස්තූතිය පුද කරන්න.