නිල ඇඳුමේ අභිමානය

අප්‍රේල් 28, 2022

ප්‍රීති සින්ටා සහ රිතික් රෝෂන් රිදී තිරයේ එකට දකින්නට ලැබුණේ කොයි මිල් ගයා, ලක්ෂ්‍යා සහ මිෂන් කාශ්මීර් වැනි චිත්‍රපටවලිනි. කොයි මිල් ගයා චිත්‍රපටයෙන් පසු ඔවුන් රිදී තිරයේ ජනප්‍රිය යුවළක ලෙසින් හඳුන්වන්ට යෙදුණි. ප්‍රීති මේ වන විට නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක ලෙස කාර්ය බහුල දිවියක් ගත කරන්නීය. එදා රෝහිත් මෙහ්රා සහ නිෂා ලෙසින් චරිත මැවූ ඔවුන් පසුගිය දිනෙක යළි හමු විය. ඒ ගුවන් ගමනක් අතරතුරදීය. ප්‍රීති සිය නිවුන් දරුවන් වන ජායි සහ ජියා සමඟින් ඇමරිකාවේ සිට ඉන්දියාවට පැමිණියේ දරුවන්ගේ පළමු ඉන්දීය ගමන ලෙසිනි. එම ගුවන් ගමනේදී ප්‍රීතිට පැරණි මිතුරා රිතික් හමු විය. ගුවන් ගමනේදී ජායි සහ ජියා රැකබලා ගැනීමට රිතික් ප්‍රීති හට උපකාර කළේය.

ප්‍රීති ඒ බව සඳහන් කරමින් ඡායාරූපයක් සමඟ සටහනක් තැබුවාය.

"බොහෝ අය ඔබේ ජීවිතයට ඇතුළුවනු ඇත. නමුත් ඔබේ හදවතේ පා සටහන් තබන්නේ සැබෑ මිතුරන් පමණකි. දරුවන් සමඟ මෙතරම් දිගු ගුවන් ගමනකට උදව් කිරීම ගැන රිතික් ඔබට බොහෝම ස්තූතියි. ඔබ වගකීම් සහගත කල්පනාකාරී පියෙක්. ඔබ වැනි මිතුරෙකු ලැබීම ගැන ඇත්තෙන්ම ආඩම්බරයි".