වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
‘සරසවිය’ පුවත්පත ඇසුරු කොට නිර්මාණය වූ ‘මිදුණු විශ්වය’ ‘සරසවිය’ වසර 60 සමරද්දී තිරගත වේ

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය සරසවිය පුවත්පත හා බැඳුණු සිනමා නිර්මාණයකි. මේ චිත්‍රපටය එළැඹෙන ජුනි මාසයේදි තිරගත විමට නියමිතය. සරසවිය පුවත්පත සිය 60 වැනි සංවත්සරය සමරන වසරේදීම එය තිරගත විම සුවිශේෂිය. සරසවිය 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත්වන කවරයක්ද මිට වසර කිහිපයකට පෙර නිර්මාණය කර එය චිත්‍රපටයට ඇතුළත් කොට ඇත. මිට වසර තුනකට පමණ පෙර නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය සිනමාවට හා සරසවිය පුවත්පතට ඇති අසීමිත ගෞරවය නිසාම අධ්‍යක්ෂවරයා විසින් එය සරසවියට මෙසේ පුදකර ඇත.
‘‘දශක හයක් මුළුල්ලේ සිංහල සිනමාවේ ලේ නෑයාව සිටින සරසවියට.......’’
ජයන්ත චන්ද්‍රසිරි සිනමා අධ්‍යක්ෂවරයෙකු සේම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. ඔහු කලක් දිවයින පුවත්පතේ කර්තෘවරයා වශයෙන්ද කටයුතු කළේය.
මිදුණු විශ්වය චිත්‍රපටයේ උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, චූලක්ෂි රණතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දමිතා අබේරත්න, වසන්ත විට්ටච්චි, අදිත ගුණරත්න, ගාමිණ් ජයලත්, දිමුතු චින්තක, ඥානාංග ගුණවර්ධන, ලක්ෂ්මි දමයන්ති, දිලීප අබේසේකර (ආරාධිත රංගනය) ජයතිස්ස අතුලසිරි, නිල්වලා විශ්වමාලී, ජයනාත් බෝදාහන්දි, හේමන්ත රන්දුණු, සුදත් ඇන්තනී, සඳුන් බණ්ඩාර, තිස්ස ගුණතිලක, රංගනයෙන් එක්වෙති.
නිෂ්පාදනය රූ සිනමා ක්‍රියේෂන්ස් වෙනුවෙන් රුවන් ජයසිංහය.