වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
මරාගැනීම වෙනුවට වටහා ගැනීම

නව යොවුන් වියේ මනෝභවයන් ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු හා සියුම්ව කියැවිය යුතු ඉතා වැදගත් සාධක වශයෙන් පිළිගනිමු. ඒවා මැනැවින් අවබෝධ කරගනිිමින් කටයුතු කිරීම අතිශයින් වැදගත් සමාජ වගකීමක් ලෙස ද වටහා ගැනීම වැදගත් වේ. එහිදී එකී සාධකය නිර්මාණ කාර්යයක් ලෙස ගනිමින් නව රූපමය සටහනක් තැබූ අධ්‍යක්ෂවරයකු වූ පරාක්‍රම ඒකනායක සිය අත්දැකීම් ස්වකීය නිර්මාණ කාර්යය සඳහා යොදාගත් ආකාරය හඳුනාගැනීම වැදගත් වේ. තිර පිටපත් රචකයකු, කෙටි චිත්‍රපට, ටෙලි නාට්‍ය හා විවිධ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ද මෙන්ම අන්තර්ජාතික සම්මාන රැසකට ද පාත්‍ර වූ නිර්මාණ ගණනාවකට දායක වී කටයුතු කළ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයකු වූ පරාක්‍රම ඒකනායක මෑත කාලීනව කළ සිය නව නිර්මාණ කාර්යයක් වූ ‘දැල්වූ පහන්’ ටෙලි චිත්‍රපටය මෙන්ම පසුගිය දා අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වූ ආගන්තුකයා නම් කෙටි චිත්‍රපටය පිළිබඳ ද කළ අදහස් දැක්වීම බලමු.
ඔබ පසුගිය දිනවල වැඩි අවධානයක් යොමුකර තිබුණේ ‘දැල් වූ පහන්’ ටෙලි චිත්‍රපටයේ කටයුතු වෙනුවෙන්. ඒ ගැන ටිකක් කතා කරමු.
ඔව්. මේක ටෙලි චිත්‍රපටයක් ලෙස ගොඩනැගු නිර්මාණයක්. ඒ කියන්නේ චිත්‍රපටයක ස්වරූපය සහිත පැය එකහමාරක පමණ කතාවක්. මගේ මිත්‍රයකුගෙ යෝජනාවකට අනුවයි මීට සම්බන්ධ වුණේ.
නව යෞවන පේ‍්‍රමයක් වටා ගෙතුණු කතාවක් මේ නිර්මාණයට පාදක වන්නේ. පේ‍්‍රමයේදී වන අහිමිවීම්, දරා ගැනීම් වගේම එහි අමිහිරි පැතිකඩ පිළිබඳ සමාජයේ වැඩි කතාබහක් ඇති මේ අවධියේ මේ චිත්‍රපටයේ පේ‍්‍රමයේ ගලා යෑම ගැන තවත් විදියකට කතා කරනවා.
අධ්‍යක්ෂවරයකු විදියට ඔබ මේ නිර්මාණය මෙහෙයවුයේ කොහොමද?
නිර්මාණයක් පෝෂණය කිරීමේදී රූප ඇතුළෙ අපි විවිධ භාවිතාවන් සිදු කළ යුතුයි. එතැනදි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක් වැඩි නැඹුරුවක් දක්වන්නේ කතන්දර කීමේ කලාව රසවිඳින්නනෙ. හැබැයි නිර්මාණයක් කතන්දර කීමේ රටාවක් තුළටම කොටු කළොත් ඉන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න අමාරුයි. විශේෂයෙන් රූප රාමුව, කාලය, අවකාශය වැනි බොහෝ දේ ඉතා සියුම්ව මෙහෙය විය යුතුයි. ඉතින් ඒ නිසා අපි මේ නිර්මාණය කරගෙන යද්දි බොහෝ දේ ගැන සිතුවා. කුමනකාර ගැටලු ද මතුවෙන්නේ කියා බැලුවා. ඒ අනුව අවශ්‍ය හැඩයන් ලබා දෙමින් මේ නිර්මාණය ගොඩනැඟුවා.
මේ නිර්මාණයේ තේමාවට කාලනුරූපීව මොන වගේ අවධානයක් ද ලැබෙන්නේ?
පේ‍්‍රමයේදී එය හොඳයි හෝ නරකයි කියා අපට කියන්න බැහැ. පේ‍්‍රමය නවත්වන්න හකි දෙයකුත් නොවෙයිනේ. එතැනදි අපි කොහොමද ඒ දිහා බලන්න ඕන, විශේෂයෙන් එය අත්හැරුණොත් අපිට කොහාමද ඊට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ආදි කාරණා පිළිබඳ විමසිලිමත් කෝණයකින් බලන්න මෙහිදි අප උත්සාහ කළා.
මේ නිර්මාණය පෝෂණය කරන්න රංගන ශිල්පීන්ගේ දායකත්වය කොහොමද උකහා ගත්තේ?
මෙහි පළපුරුදු රංගන ශිල්පීන් වගේම නවක රංගන ශිල්පීන් හිටියා. නිර්මාණ කාර්යයේ ශිල්පීන්ට සමීප වීම මගේ විදිහක්. මොකද ඔවුන් නිර්මාණ කාර්යේදී මානසික නිදහසින් යුක්ත විය යුතුයි කියන එක මම නිතරම විශ්වාස කරන දෙයක්. ඒ අදහස තුළ සිටිමින් යමක් කරන්නයි මම උත්සාහ කළේ. එතැතනදි ඔවුන් හැම කෙනකුටම ඔවුන්ගේ අවකාශය තුළ හොඳ දායකත්වයක් දුන්නා මේ වෙනුවෙන්.
නව පරපුර කොතෙක් දුරට සිය වෘත්තියභාවය ඔප මට්ටම් කරගන්න කටයුතු කරනවාද?
ඔවුන් ඒ පිළිබඳ උනන්දු විය යුතුයි. නූතනයේ නව පරපුරක් බොහෝ විට බිහි වන්නේ නාලිකා හරහානෙ. එතැනදි දැනුමට වඩා මුලික වෙන්න පෙනුමයි. ඒ නිසා ඔවුන් හැදෑරීම ගැන වැඩි අවබෝධයක් ඇති කරගත යුතුයි.
මෙහි පිටපත මේ නිර්මාණයේ සාර්ථකත්වයට දුන් ශක්තිය කොයි වගේද?
මෙහි පිටපත ලියුවේ අසේල නිර්මාල් රන්දුනු බණ්ඩාරයි. ඔහු ලේඛයකු විදියට අත්දැකීම් ඇති කෙනෙක්. මෙය ඔහුගේ පළමුවැනි නිර්මාණය ලෙස තමයි දකින්න. මට ඔහුව මුණ ගැසෙන්නේ ප්‍රථම වතාවට මේ නිර්මාණය හරහායි.
මේ වන විට එහි නිෂ්පාදන කටයුතු කුමන මට්ටමක ද පවතින්නේ?
මේ වනවිට එහි සංස්කරණ කටයුතු ආදි සියල්ල නිම කර අවසන්.
මේ නිර්මාණය පිළිබඳ ඔබේ කියැවීම කොයි වගේද?
පොදුවේ අපි උත්සාහ කළේ පේ‍්‍රමය සම්බන්ධ වෙන හැඩයක් සහිත නිර්මාණයක් කරන්නයි. මේ යුගයේ පේ‍්‍රමය ගැන වෙනම කියැවීමක් සමාජයේ තිබෙන අවස්ථාවක එහි වෙනම හැඩයක් පෙන්වා දෙන්නයි අපි උත්සාහ කළේ. සියලු අත්හැරීම්, හමුවීම්, වෙන්වීම්වලදී ඊට මුහුණ දෙන්න අපට තිබෙන අවකාශය හා ඉඩ ප්‍රස්තා පිළිබඳ තමයි මෙහි මුලික අවධානය යොමු කර තිබෙන්නේ. මරාගැනීම වෙනුවට වටහා ගැනීම පිළිබඳ සිතන්න ඉඩක් මේ නිර්මාණයේ අන්තර්ගත වී තියෙනවා.
නිර්මාණ කාර්යය පෝෂණය වන්න
නිර්මාණකරුවකු සන්තක විය යුතු මෙවලම් කුමනාකාරයි කියා ද ඔබ සිතන්නේ?
නිර්මාණකරුවකු ගේ ජීවන පැවැත්ම, දැනුම පරාසය තුළයි මුලිකව නිර්මාණයක් බිහිවෙන්නේ. ඔහුට මේ සමාජය දැනෙන විදිහ වැදගත් වගේම එය අන් අයට දනවන්න ඔහු ඒ තුළ ගොඩනැඟී පෝෂණය වී ඉන්නත් අවශ්‍යයි. ඒක හරිම වැදගත්.
‘ආගන්තුකයා කෙටි චිත්‍රපටය පිළිබඳත් කතා කරමු.
ආගන්තුකයා කියන කෙටි චිත්‍රපටය අපි නිර්මාණය කළේ 2021 දී. ඒ අවධියේමයි ඉන්දියාවේ පැවැත්වුණු The Buddha International Film Festival උලෙළේ හොඳම විදෙස් භාෂා කෙටි චිත්‍රපටයට හිමිවන සම්මානය ඊට හිමි වුණේ. 2022 වයිට් පර්ල් ඉන්ටර්නැෂනල් ශෝර්ට් ෆිල්ම් ෆෙස්ටිවල්හිත් හොඳම අධ්‍යක්ෂණය, හොඳම කෙටි චිත්‍රපටය හා හොඳම නිෂ්පාදනය යන අංශ තුන වෙනුවෙන්ම ආගන්තුකයා කෙටි චිත්‍රපටයට සම්මාන හිමි වුණා. ඉන් පෙර 2021 දී තමිල්නාඩුවේ පැවැත්වුණු ගෝල්ඩ් ලීෆ් ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවිල් හිදී හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයත් එම වසරේම ගෝර් ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හිත් හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය මේ චිත්‍රපටය හිමි කරගනු ලැබුවා. ඊට පසු 2023 සිංගප්පුරුවේ පැවැති Singapore Internationa short film Festival හි හොඳම ආසියානු කෙටි චිත්‍රපටය ලෙසත්, හොඳම තිර රචනයට හිමි ජුරියේ විශේෂ සම්මානයත් ආගන්තුකයා කෙටි චිත්‍රපටය සඳහා හිමි වුණා.
ඒ චිත්‍රපටයේ ඔබ කතා කළේ මොන වගේ දෙයක්ද?
නාගරීකරණය ඇතුළේ ගම වෙනස් වන විදිය පිළිබඳ තේමාවට තමයි මූලිකව අපේ අවධානය යොමු වුණේ. ඒ චිත්‍රපටයට පාදක වූ මුල් කෙටි කතාවට අදාළ වුණෙත් එවැනි සමාජ කියැවීමක්. මෙය විනාඩි පහළොවක ධාවන කාලයකින් යුත් චිත්‍රපටයක්.
මීට පාදක වූ කෙටි කතාවේ පසුබිම පිළිබඳත් ටිකක් කතා කරමු.
මේකට පාදක වුණේ ආගන්තුකයා කියලා හඳුන්වන්න කෙටි කතාවක්. මේ කෙටි කතාව රචනා කළේ විරාජ් කරුණානන්ද. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් විරාජ්මයි ඉතින් ඒ ඇසුරින් විරාජ් තිර රචනා කළ කතාවකට අනුවයි, ආගන්තුකයා කෙටි චිත්‍රපටය නිර්මාණය වුණේ. ඊළඟට විරාජ් ගැන කතා කරනවා නම් ඔහුව කෙටි කතාකරුවකු විදියට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් ලියැවුණු කෙටි කතා සම්මානයට පවා ලක් වී තියෙනවා. එබඳු පසුබිමක් සහිත කතාවක් ඔස්සේ තමයි ආගන්තුකයා බිහිවුණේ.
ඔබ පසුගිය දිනවල වැඩි අවධානයක් යොමුකර තිබුණේ ‘දැල් වූ පහන්’ ටෙලි චිත්‍රපටයේ කටයුතු වෙනුවෙන්. ඒ ගැන ටිකක් කතා කරමු.
ඔව්. මේක ටෙලි චිත්‍රපටයක් ලෙස ගොඩනැගු නිර්මාණයක්. ඒ කියන්නේ චිත්‍රපටයක ස්වරූපය සහිත පැය එකහමාරක පමණ කතාවක්. මගේ මිත්‍රයකුගෙ යෝජනාවකට අනුවයි මීට සම්බන්ධ වුණේ.
නව යෞවන පේ‍්‍රමයක් වටා ගෙතුණු කතාවක් මේ නිර්මාණයට පාදක වන්නේ. පේ‍්‍රමයේදී වන අහිමිවීම්, දරා ගැනීම් වගේම එහි අමිහිරි පැතිකඩ පිළිබඳ සමාජයේ වැඩි කතාබහක් ඇති මේ අවධියේ මේ චිත්‍රපටයේ පේ‍්‍රමයේ ගලා යෑම ගැන තවත් විදියකට කතා කරනවා.
අධ්‍යක්ෂවරයකු විදියට ඔබ මේ නිර්මාණය මෙහෙයවුයේ කොහොමද?
නිර්මාණයක් පෝෂණය කිරීමේදී රූප ඇතුළෙ අපි විවිධ භාවිතාවන් සිදු කළ යුතුයි. එතැනදි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක් වැඩි නැඹුරුවක් දක්වන්නේ කතන්දර කීමේ කලාව රසවිඳින්නනෙ. හැබැයි නිර්මාණයක් කතන්දර කීමේ රටාවක් තුළටම කොටු කළොත් ඉන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න අමාරුයි. විශේෂයෙන් රූප රාමුව, කාලය, අවකාශය වැනි බොහෝ දේ ඉතා සියුම්ව මෙහෙය විය යුතුයි. ඉතින් ඒ නිසා අපි මේ නිර්මාණය කරගෙන යද්දි බොහෝ දේ ගැන සිතුවා. කුමනකාර ගැටලු ද මතුවෙන්නේ කියා බැලුවා. ඒ අනුව අවශ්‍ය හැඩයන් ලබා දෙමින් මේ නිර්මාණය ගොඩනැඟුවා.
මේ නිර්මාණයේ තේමාවට කාලනුරූපීව මොන වගේ අවධානයක් ද ලැබෙන්නේ?
පේ‍්‍රමයේදී එය හොඳයි හෝ නරකයි කියා අපට කියන්න බැහැ. පේ‍්‍රමය නවත්වන්න හකි දෙයකුත් නොවෙයිනේ. එතැනදි අපි කොහොමද ඒ දිහා බලන්න ඕන, විශේෂයෙන් එය අත්හැරුණොත් අපිට කොහාමද ඊට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ආදි කාරණා පිළිබඳ විමසිලිමත් කෝණයකින් බලන්න මෙහිදි අප උත්සාහ කළා.
මේ නිර්මාණය පෝෂණය කරන්න රංගන ශිල්පීන්ගේ දායකත්වය කොහොමද උකහා ගත්තේ?
මෙහි පළපුරුදු රංගන ශිල්පීන් වගේම නවක රංගන ශිල්පීන් හිටියා. නිර්මාණ කාර්යයේ ශිල්පීන්ට සමීප වීම මගේ විදිහක්. මොකද ඔවුන් නිර්මාණ කාර්යේදී මානසික නිදහසින් යුක්ත විය යුතුයි කියන එක මම නිතරම විශ්වාස කරන දෙයක්. ඒ අදහස තුළ සිටිමින් යමක් කරන්නයි මම උත්සාහ කළේ. එතැතනදි ඔවුන් හැම කෙනකුටම ඔවුන්ගේ අවකාශය තුළ හොඳ දායකත්වයක් දුන්නා මේ වෙනුවෙන්.
නව පරපුර කොතෙක් දුරට සිය වෘත්තියභාවය ඔප මට්ටම් කරගන්න කටයුතු කරනවාද?
ඔවුන් ඒ පිළිබඳ උනන්දු විය යුතුයි. නූතනයේ නව පරපුරක් බොහෝ විට බිහි වන්නේ නාලිකා හරහානෙ. එතැනදි දැනුමට වඩා මුලික වෙන්න පෙනුමයි. ඒ නිසා ඔවුන් හැදෑරීම ගැන වැඩි අවබෝධයක් ඇති කරගත යුතුයි.
මෙහි පිටපත මේ නිර්මාණයේ සාර්ථකත්වයට දුන් ශක්තිය කොයි වගේද?
මෙහි පිටපත ලියුවේ අසේල නිර්මාල් රන්දුනු බණ්ඩාරයි. ඔහු ලේඛයකු විදියට අත්දැකීම් ඇති කෙනෙක්. මෙය ඔහුගේ පළමුවැනි නිර්මාණය ලෙස තමයි දකින්න. මට ඔහුව මුණ ගැසෙන්නේ ප්‍රථම වතාවට මේ නිර්මාණය හරහායි.
මේ වන විට එහි නිෂ්පාදන කටයුතු කුමන මට්ටමක ද පවතින්නේ?
මේ වනවිට එහි සංස්කරණ කටයුතු ආදි සියල්ල නිම කර අවසන්.
මේ නිර්මාණය පිළිබඳ ඔබේ කියැවීම කොයි වගේද?
පොදුවේ අපි උත්සාහ කළේ පේ‍්‍රමය සම්බන්ධ වෙන හැඩයක් සහිත නිර්මාණයක් කරන්නයි. මේ යුගයේ පේ‍්‍රමය ගැන වෙනම කියැවීමක් සමාජයේ තිබෙන අවස්ථාවක එහි වෙනම හැඩයක් පෙන්වා දෙන්නයි අපි උත්සාහ කළේ. සියලු අත්හැරීම්, හමුවීම්, වෙන්වීම්වලදී ඊට මුහුණ දෙන්න අපට තිබෙන අවකාශය හා ඉඩ ප්‍රස්තා පිළිබඳ තමයි මෙහි මුලික අවධානය යොමු කර තිබෙන්නේ. මරාගැනීම වෙනුවට වටහා ගැනීම පිළිබඳ සිතන්න ඉඩක් මේ නිර්මාණයේ අන්තර්ගත වී තියෙනවා.
නිර්මාණ කාර්යය පෝෂණය වන්න
නිර්මාණකරුවකු සන්තක විය යුතු මෙවලම් කුමනාකාරයි කියා ද ඔබ සිතන්නේ?
නිර්මාණකරුවකු ගේ ජීවන පැවැත්ම, දැනුම පරාසය තුළයි මුලිකව නිර්මාණයක් බිහිවෙන්නේ. ඔහුට මේ සමාජය දැනෙන විදිහ වැදගත් වගේම එය අන් අයට දනවන්න ඔහු ඒ තුළ ගොඩනැඟී පෝෂණය වී ඉන්නත් අවශ්‍යයි. ඒක හරිම වැදගත්.
‘ආගන්තුකයා කෙටි චිත්‍රපටය පිළිබඳත් කතා කරමු.
ආගන්තුකයා කියන කෙටි චිත්‍රපටය අපි නිර්මාණය කළේ 2021 දී. ඒ අවධියේමයි ඉන්දියාවේ පැවැත්වුණු ඊඩඥ ඕභඤඤඩච ධ්දබඥපදචබඪධදචත ජ්ඪතථ ජ්ඥඵබඪමචත උලෙළේ හොඳම විදෙස් භාෂා කෙටි චිත්‍රපටයට හිමිවන සම්මානය ඊට හිමි වුණේ. 2022 වයිට් පර්ල් ඉන්ටර්නැෂනල් ශෝර්ට් ෆිල්ම් ෆෙස්ටිවල්හිත් හොඳම අධ්‍යක්ෂණය, හොඳම කෙටි චිත්‍රපටය හා හොඳම නිෂ්පාදනය යන අංශ තුන වෙනුවෙන්ම ආගන්තුකයා කෙටි චිත්‍රපටයට සම්මාන හිමි වුණා. ඉන් පෙර 2021 දී තමිල්නාඩුවේ පැවැත්වුණු ගෝල්ඩ් ලීෆ් ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවිල් හිදී හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයත් එම වසරේම ගෝර් ඉන්ටනැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හිත් හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය මේ චිත්‍රපටය හිමි කරගනු ලැබුවා. ඊට පසු 2023 සිංගප්පුරුවේ පැවැති ඉඪදඨචනධපඥ ධ්දබඥපදචබඪධදච ඵඩධපබ ටඪතථ ජ්ඥඵබඪමචත හි හොඳම ආසියානු කෙටි චිත්‍රපටය ලෙසත්, හොඳම තිර රචනයට හිමි ජුරියේ විශේෂ සම්මානයත් ආගන්තුකයා කෙටි චිත්‍රපටය සඳහා හිමි වුණා.