‘රූ’ සිනමා ශාලාව ‘යුගාත්‍රා’ සිනමාපටයෙන් පිරීයයි

මැයි 4, 2023

ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක රුවන් ජයසිංහගේ කටුනායක ‘රූ සිනමා ශාලාව’ වසර තුනකට පසු පසුගියදා යළි සිනමා ප්‍රදර්ශනය ආරම්භ කළේය.

ඒ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ සිනමා පටය ප්‍රදර්ශනය කරමිනි. එදින විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුයේ ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක රංගන ශිල්පී චන්න පෙරේරා, යොවුන් රංගන ශිල්පිනී අසංකි ද සිල්වා ඇතුළු පිරිසකි. එදින මුල්ම ප්‍රදර්ශනයට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන් සහ විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වූ අතර සියලුම ප්‍රේක්ෂකයන්ට නොමිලේ යුගාත්‍රා සිනමාපටය නැරැඹීමට අවස්ථාව උදාකර දී තිබුණි. පසුගිය 28 වැනිදින සිට කටුනායක ආයෝජන කලාපයේ සියලුම දෙනාට සහ ඒ අවට සියලු දෙනාට රූ සිනමා ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය පෙ.ව.10.30 අරම්භවන අතර අවසන් දර්ශනය ප.ව.10.30 දක්වා විවෘත වන බව රුවන් ජයසිංහ මහතා පැවසුවේය.