වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘දඩඉම’ දැන් සක්‍රීයයි

විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය නෙඔමාල් පෙරේරා කතාව, තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘දඩඉම’ සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින කලාකරුවන් සහ ආරාධිතයන් පිරිවරා ලිබර්ටි සිනමා ශාලාවේදි පැවත්විණි. එය අප්‍රේල් 28 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත කිරීම ආරම්භ කෙරිණි. ‘දඩඉම’ වෛද්‍ය නිශානි ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන අතර කැමරාකරණය රුවන් කොස්තා, සංගීතය සහ ගායනය නදීක ගුරුගේ හා ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. සහාය අධ්‍යක්ෂණය චාමර සේලාර, වේශ නිරූපණය හර්ෂ මංජුල, කොණ්ඩා සැකසුම සමීර, ඇඳුම් නිර්මාණය වෛද්‍ය නිශානි ප්‍රනාන්දු, කලා අධ්‍යක්ෂණය වෛද්‍ය නෙඔමාල් පෙරේරා, සංස්කරණය සහ වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චිගෙනි.
රංගනයෙන් ජැක්සන් ඇන්තනී, ස්වර්ණා මල්ලවආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, අකිල ධනුද්දර සහ මරියෝන් වෙත්තසිංහ, ඩිල්මින් පෙරේරා එක්වෙති.