වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
‘ක්ෂිර සාගරය කැලඹිණ’ රිත්මා මණ්ඩලයේ

සයිමන් නවගත්තේගමගේ “ක්ෂිර සාගරය කැලඹිණ” නවකතාව ඇසුරින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “ක්ෂිර සාගරය කැලඹිණ” ළඟදීම රිත්මා මණ්ඩලයට අයත් සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතය. ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු, රවීන් කණිෂ්ක, වසන්ත කුමාරවිල, ප්‍රියංකා සමරවීර, අනුර බණ්ඩාර රාජගුරු, හරිනි කාව්‍යාංජනී, ජගත් බෙනරගම රංගනයෙන් දායක වන “ක්ෂීර සාගරයේ” තිරනාටක රචනය සහ සංවාද රචනය ජැක්සන් ඇන්තනීගේය. කැමරා අධ්‍යක්ෂවරයා චන්න දේශප්‍රිය යි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද ආචාර්ය නන්දා මාලිනී ගායනයෙන් ද අජිත් රාමනායක සංස්කරණයෙන් ද ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් ද ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන් ද සසික රුවන් මාරසිංහ නාද සැලසුම්කරණයෙන් ද විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් ද කපිල පලිහවඩන නර්තන අධ්‍යක්ෂණයෙන් ද ඔසඳ සමන් බණ්ඩාර සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වූ “ක්ෂීර සාගරය” නිෂ්පාදනය කරන්නේ “යශෝදරා”, “විජයබා කොල්ලය” ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කරන ලද එච්.ඩී. පේ‍්‍රමසිරි විසිනි. සම නිෂ්පාදනය කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රීගෙනි.
ඒ.ඩී. රන්ජිත් කුමාර නිෂ්පාදන අධීක්ෂක වන අතර නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරගෙනි.