‘ද නිව්ස් පේපර්’ වෙනුවෙන් කැස්බියන්ස් උපහාර උලෙළක්

ඔක්තෝබර් 20, 2022

 

‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයේ පළ කළ රංග ප්‍රතිභාව වෙනුවෙන් රුසියාවේ පැවැති 18 වැනි කසාත් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමිකරගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් මෙන්ම තිරනාටක රචකයන් ද වන කුමාර තිරිමාදුර, සරත් කොතලාවල සහ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන් ඇගැයීම වෙනුවෙන් පිළියන්දල ‘කැස්බියන්ස්-සෞන්දර්යයේ ශක්තිය’ සංවිධානය කරන උපහාර උත්සවය ලබන ඔක්තෝබර් 25 වැනිදා සවස 4.00ට පිළියන්දල කැස්බෑව නගරසභා රංග ශාලාවේදී පැවැත්වේ. සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ ‍රංගනවේදිනි ආචාර්ය මාලිනි ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ ‍රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය යන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වේ. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, විශාරද කරුණාරත්න දිවුල්ගනේ, විශාරද අමරසිරි පීරිස්, ජ්‍යෙෂ්ඨ ‍රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා යන කලාකරුවෝ මෙයට අනුශාසකත්වය සපයති.

එදිනට ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය විශේෂ දර්ශනයක් නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.