‘ප්‍රාණ’ මංගල දර්ශනය දා

ඔක්තෝබර් 13, 2022

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සහ ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් දේව ධර්මාචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් “ප්‍රාණ” සිනමාපටයේ මංගල දර්ශනය පැවැත්විණි. ඒ පසුගිය 06 වැනි දින කොල්ලුපිටිය ලිබර්ටි හා කලම්ඹු සිටි සෙන්ටර් සිනමා ශාලාවලදීය. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝද ඒ සඳහා සහභාගි වූහ. එමෙන්ම කතෝලික පූජක ප්‍රසාදීන්තුමාලා, කන්‍යා සොහොයුරියෝ සහ කලාකරුවෝ රැසක් එම අවස්ථාවට සහභාගි වූහ. “ප්‍රාණ” සංජය නිර්මාල් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. ජනක පෙරේරාගේ නිෂ්පාදනයකි. එහි විධායක නිෂ්පාදක ප්‍රසාද් හර්ෂණ පියතුමා වන අතර, කැමරාව ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංස්කරණය ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් ධම්මික හේවාදුවත්ත, සංගීතය නදීක ගුරුගේ, ගායනය කුෂින් සිම්සන්, සහාය අධ්‍යක්ෂණය ප්‍රියන්ත සමරකෝන් වන අතර නිෂ්පාදන සැලසුම්කරණය සුනෙත් මාලිංග ලොකුහේවා විසින් සිදු කර ඇත.

ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නිරංජනී ෂන්මුගරාජා, කින්ග් රත්නම්, ස්ටීවන් මාර්ක් ලොඩිසික්, රොබට් සියේරා, පීටර් සමුනිටස්, සුරංගා රණවක, කල්ප මුණසිංහ, දිනේෂ් ද සිල්වා, ළමා නිළි පහන්දි නෙතාරා වල්පිට, කපිල ගල්පිහිල්ල, චන්ද්‍රහසන්, සෙනෙෂ් බණ්ඩාර දිසානායක, වගීෂා සල්ගාදු, මොහාන් ෂර්මා, ජී.ඒ.ෂාහිඩ්, විදුර ලක්තිලක, සහයන් සෙනෙවිරත්න, ජෝන් බොස්කෝ, මයිකල් කොලින් ප්‍රාණ සඳහා රංගනයෙන් දායක වෙති. එය පසුගිය 07 වැනි දින සිට දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.