සුපර් හීරෝ ඇරැඹේ

සැප්තැම්බර් 8, 2022

 

පී.ආර්. ෆිල්ම් ප්‍රඩක්ෂන් ඉදිරිපත් කරන, සුරේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කරන පී‍්‍රිති විජේසිංහගේ නිෂ්පාදනයක් වන නවතම සිනමා පටය සුපර් හීරෝ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දින ගල්කිස්ස ලයන්ස් පබ්හිදි පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර, සිනමා අධ්‍යක්ෂ හා නිෂ්පාදක පී‍්‍රතිරාජ් වීරරත්න, නිෂ්පාදක මාර්ක් ප්‍රනාන්දු, රාජ් රණසිංහ ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගි වූහ.

පී‍්‍රති විජේසිංහ, නයිසර් ඩිස්කෝ රාජා, දසුනි සෙනත්මා, රයන් වැන්රෝයන්, පී.නන්ද කුමාර, සමදරා ආරියවංශ, විශ්මි සංජනා, චමීර සිල්වා, ජනේෂ් චන්දිමාල්, කුමාරි දිසානායක, තිළිනි ප්‍රනාන්දු, මනෝජ් විතාන යන නළු නිළියෝ මීට රංගනයෙන් දායක වෙති. නිෂ්පාදන පිරිවර ලෙස කැමරා අධ්‍යක්ෂණයෙන් අමිත් විජේසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් හා ගී පද රචනයෙන් විමලජිත් දොඹගහවත්ත, ඇඳුම් නිර්මාණයෙන් රමේකා නානායක්කාර, සටන් අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාර අත්තනායක,නැටුම් අධ්‍යක්ෂණයෙන් පී. නන්ද කුමාර, ගීත ගායනයෙන් චින්තා සඳමාලි සහ විමලජිත් දොඹගහවත්ත, සංස්කරණයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් ෆස්ලුන් කටයුතු කරති.