වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
අරුණ ජයවර්ධනගේ ‘මාරියා’ මොස්කව් යයි

ලොව පැරැණිම අන්තර්ජාතික සිනමා උලෙළ අතර, ප‍්‍රථම සිනමා උලෙළ ද්විත්වය නියෝජනය කරනු ලබන රුසියාවේ මොක්ස්කව් හි පැවැත්වෙන 44 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළෙහි තරගකාරී අංශය නියෝජනය කිරීම ස`දහා වසර 39 කට පසුව අරුණ ජයවර්ධන නිර්මාණය කළ ”මාරියා” සුදුසුකම් ලැබ තිබේ. අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මෙම සිනමා උලෙළට සමගාමීව එහිදී ”මාරියා” චිත‍්‍රපටයේ මංගල දැක්ම පැවැත්වීමට ද එහි සංවිධායක මණ්ඩලය සැලැසුම් කර ඇත. ”මාරියා” අරුණ ජයවර්ධනගේ තෙවැනි සිනමා නිර්මාණයයි. ඔහුගේ ප‍්‍රථම සිනමා වියමන වූ නිකිණි වැස්ස (2013) චිත‍්‍රපටය ස`දහා ද දේශීය සහ විදේශීය වශයෙන් සම්මාන රැසකටම හිමිකම් කීමට ඔහු සමත් විය. 2022 වසරේ තිරගත වූ හැපි බර්ත් ඬේ අවසන්වරට තිරගත වූ ඔහුගේ චිත‍්‍රපටයයි. ඔහු විසින් නිර්මාණය කළ 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටය ද තිරගත වීමට නියමිතව ඇත.
ලංකාවේ ප‍්‍රථම වරට සිංහල චිත‍්‍රපටයක සියලූම දර්ශන මහ මුහුදේ පමණක් රූපගත කළ චිත‍්‍රපටයක් වීම සහ මෙහි කිසිදු කාන්තා භූමිකාවක් නිරූපණය නොවීම ද ”මාරියා” තුළ ඇති විශේෂත්වයකි. ඉන්දුනීසියානු ධීවරයින් කණ්ඩායමක් විසින් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මෙහි තිර රචනය ද අධ්‍යක්ෂවරයා විසින්ම නිමවා ඇත.
මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ ප‍්‍රථම දේශිය චිත‍්‍රපටය වනුයේ , 1977 වර්ෂයේ තිරගත වූ ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කරන ලද එයා දැන් ලොකු ළමයෙක් චිත‍්‍රපටයයි. ඒ වෙනුවෙන් එහි රංගනයේ නියැළී ප‍්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා හට ඩිප්ලෝමා සහතිකයක් ද හිමි විය. ඉන් අනතුරුව 1978 වර්ෂයේ දී ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ බඹරු ඇවිත් සහ 1983 වර්ෂයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ යුගාන්තය යන චිත‍්‍රපට යුගල ද මෙම උලෙළේ තරගකාරී අංශය නියෝජනය කර ඇත.
මාරියා රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප‍්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දසනායක එක් වී ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප‍්‍රිය, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, වර්ණ සංයෝජනයෙන් අසංක වික‍්‍රමසිරි, සහය කැමරාකරණයෙන් මැක්ලෙන් ස්ට‍්‍රයිනර් ඇඩම්ස්, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් පේ‍්‍රමරත්න, අංග රචනයෙන් ප‍්‍රියංක රත්නායක, ශබ්ද සංකලනයෙන් සශික රුවන් මාරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් ගිහාන් පෙරේරා, කාර්මික දායකත්වය දක්වා ඇත. ”මාරියා” ඞී ඇන්ඞ් ඞී ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.