සෙකන්ඞ් ෂෝ දෙමළ පිටපත තිරයට

ජූලි 28, 2022

 

සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටයේ දෙමළ භාෂිත පිටපත හෙට (29) සිට දිවයින පුරා සිනමා ශාලා 50 දී තිරගත කිරීමට කටයුතු යොදා ඇති බවත් එය ජාතික චිත‍්‍රපට සංස්ථාවේ බෙදාහැරීමක් ලෙස ප‍්‍රදර්ශනය කෙරෙන බවත් චිත‍්‍රපටයේ සම නිෂ්පාදිකා කෞශල්‍යා වික‍්‍රමසිංහ සඳහන් කළාය. හේමාල් රණසිංහ ප‍්‍රධාන චරිතය ර`ගන ”සෙකන්ඞ් ෂෝ” සිංහල චිත‍්‍රපටය මේ වන විට තිරගත වී දින 45 පසු කර ඇත. අභියෝග මැද වුවද චිත‍්‍රපටය සාර්ථකව තිරගතවන බවත්, පිට පළාත්වල වුවද පේ‍්‍රක්ෂකයන් සිනමාශාලාවලට පැමිණීමේ යම් වැඩිවීමක් දකින්නට හැකි බවත් කෞශල්‍යා වැඩි දුරටත් කියා සිටියාය.

ශ‍්‍රී ලංකා-ඉන්දියානු රංගන ශිල්පීන්ගේ එකතුවෙන් ඒ.ටී. ඥානම් අධ්‍යක්ෂණය කළ මෙහි කොලිවුඞ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප‍්‍රිය නළු අජ්මල් අමීර්, පල්ලවි සුභාෂ්, විද්‍යා ප‍්‍රදීප්, අක්ෂතා සහ පූජා මොන්ඩාල් ඇතුළු‍ පිරිසක් රංගනයෙන් දායක වෙති. ”සෙකෙන්ඞ් ෂෝ” ලංකා-ඉන්දියානු සම නිෂ්පාදනයක් වන අතර ලාංකේය නිෂ්පාදිකාව වන්නේ කෞශල්‍යා වික‍්‍රමසිංහයි.