නයිට් රයිඩර් හෙට එයි

ජූලි 28, 2022

 

කසුන් පතිරණගේ කුලූ`දුල් සිනමා නිර්මාණය වූ නයිට් රයිඩර් හි මාධ්‍ය සහ මංගල දර්ශනය පසුගිය 22 වැනි දින ප‍්‍රවීණ රංගන ශිල්පි ඩබ්ලිව්.ජයසිරිගේ සහ එහි ප‍්‍රධාන රංගන ශිල්පීන් වන කලණ ගුණසේකර හා යුරේනි නොෂිකාගේ ප‍්‍රධානත්වයෙන් දෙමටගොඩ රීගල් සිනමා ශාලාවේදි පැවත්විණි.

එහි කතාව, දෙබස්, තිර රචනය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කසුන් පතිරණගෙනි. සම නිෂ්පාදනය ශී‍්‍රනාත් චතුරංගගෙනි. සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්ව කරුණාරත්න, සංස්කරණයෙන් ලක්රුවන් ද සේරම් කලා අධ්‍යක්ෂණයෙන් චරිත් වික‍්‍රමතිලක, වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධන, සංගීතයෙන් අජිත් කුමාරසිරි, වර්ණ සංකලනයෙන් මලින්ද සම්පත්, ශබ්ද පරිපාලනයෙන් ආශා රාජපක්ෂ, ඇ`දුම් නිර්මාණයෙන් චරිත් ගම්ලත්, සටන් අධ්‍යක්ෂණයෙන් ඔස`ද සමන් බණ්ඩාර, පරිගණක දෘශ්‍ය නිර්මාණයෙන් දිමුතු රූපසිංහ, රේඛීය නිෂ්පාදනයෙන් රොණිත් අධිකාරි, නිෂ්පාදන කළමනාකරණයෙන් තරි`දු දේශප‍්‍රිය දායක වූහ.

කලණ ගුණසේකර සහ යුරේනි නොෂිකා ප‍්‍රධාන රංගනයෙන් එකතු වූ නයිට් රයිඩර් සිනමා පටයේ ඩබ්ලිව්.ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහේ, දමයන්ති ෆොන්සේකා, තුමි`දු දොඩන්තැන්න, බිමල් ජයකොඩි, අරුණි මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති. මේ සියලූ‍ පිරිවර සම`ග හෙට සිය දිවයින පුරා සිනමාහල් 31 එක තිරගතවීම ඇරැඹේ.