වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
කවුද නියම නිලධාරියා

බුද්ධික ජයරත්න පසුගිය දිනවල අරුගම්බේදි අලූත් පත්වීමක් ගත්ත බව දැනගන්නට ලැබුණා. ඒ අලූත් පත්විම ලැබුණාට පසුව බුද්ධික තරමක් වෙනස් චරිතයක් වෙලා කියලා ඔහුගේ හිතමිතුරන් කියන්නට පටන්ගත්තා. මේ අලූතින් ඇ`දපු නිල ඇ`දුම නිසා තරමක් රස්නයක් අවට ඉන්න පුද්ගලයන්ට පිට කරන බවත් අරංචි වෙනවා. ඒ කෙසේ වෙතත් දැන් බුද්ධික හීනේනුත් ”මගේ යුනිෆෝම් එක ගලවනවා” කියලා කෑගහන බව ගෙවල් අවට අයටත් ආරංචි වෙලා. දැන් තරමක් හැංගිලා ගමන් බිමන් යන්නේත්. කොහොම වෙතත් අරුගම්බේ සිනමාපටය මුදාහරින්නටත් ප‍්‍රථම බුද්ධිකට ගැහැනු ළමයින්ගෙන් ප‍්‍රතිචාර නම් අඩුවක් නම් නැති බව කිව යුතුයි. ඒ අපූර්ව රංගනයක නිරතවන නිසායි. ඒත් මේ දෙන්නාගෙන් නියම නිලධාරියා කවුද කියලා අදටත් ප‍්‍රශ්නයක් මතු වී තිබෙනවා.