උපන්දින සාදයක් මැද සිංහබාහු ඇරැඹෙයි

ජුනි 9, 2022

ජනප්‍රවාදයේ එන සිංහබාහු කතාව පාදක කරගත් නව ප්‍රබන්ධයකි.

සිංහල ජාතියේ ආරම්භය ලෙස හැඳින්වෙන විජය රජතුමාගේ පියා වන සිංහබාහු, වනාන්තරයේ සිංහයෙකුට දාව මිනිස් දියණියකට උපන් දරුවෙකුය යන කතාව, සත්‍ය තොරතුර වලින් තොර ප්‍රබන්ධයක් පමණි.

එම ප්‍රබන්ධය පාදක කර ඇති නමුත්, තිරිසන් සතෙකුට දාව මිනිස් දියණියක් මිනිස් දරුවන් ලැබීම සහ සොයුරෙකු හා සොයුරික විවාහ වී දරුවන් ලැබීම ආදී සිදුවීම් කිසියම් දුරකට සාධාරනීකරණය කර නව අර්ථකතනයක් ගෙන ඒමට මෙම තිර රචනය උත්සාහ දරා ඇත. කාලය දෙදහස් පන්සිය වසරකට පෙර ගෞතම බුදුන් වැඩසිටි සමදේශය දඹදිව වංග රාජ්‍ය සහ මගධ රාජ්‍ය අතර ඝන වනාන්තර (දෙබස් සංවාද සියල්ලට නාට්‍ය රූපී කාව්‍යමය ස්වභාවයක් දී කෙරෙන අත්හදා බැලීමකි.) ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින බත්තරමුල්ල වෝටරිස්රඑජ් හෝටලයේදී කලාකරුවන් හා ආරාධිතයන් පිරිවරා පැවැත්විණි. සෝමරත්න දිසානායකයන් සිංහබාහුයේ ඔහු වෙනත් නිෂ්පාදකයෙකු සමඟ වැඩකරන පළමු සිනමා නිර්මාණය මෙයයි. විවිධ ප්‍රදේශ ආවරණය කරමින් සිනමා පටයේ රූ ගත කිරීම් මෙම මස 11 වන දින සිට ආරම්භ වන අතර එය මාස දෙකක් තුළ රූපගත කිරීම් අවසන් කරන බවයි අධ්‍යක්ෂවරයා සරසවියට ප්‍රකාශ කළේ. අලුත්ම මුහුණු කිහිපයක් මෙම සිනමා පටය හරහා හඳුන්වා දෙයි.

 

මේ එහි නිෂ්පාදක පිරිවරයි

 

රැගුම් පිරිවර

 

ජැක්සන් ඇන්තනි -සිංහයා

යශෝධා විමලධර්ම - සුප්පා දේවි

සජිත ඇත්තනි - සිංහබාහු

අකිල ඇත්තනි - සිංහ (තරුණ අවධිය)

දුෂේනි සිල්වා - සිංහ සිවලී

සිනෙති අකිලා - පබසර

අශාන් ඩයස් - වංග රජතුමා

කුමාර තිරමාදුර - ගැල් කරු

සරත් කොතලාව - කට්ටඩිය

සමන්ත මංජුල - කට්ටඩි ගෝලයා

ගිරිරාජ් කෞශල්‍ය - වෙදරාල

ලලිත් ජයකාන්ත - පුරෝහිත

ජයන්ත මුතුතාන්ති - අණ බෙරකරු

රදින් රන්දිව් - සිංහබාහු ළමා කාලය

සංයුමි නිම්නාදී - සිංහ සීවලි ළමා කාලය

 

නිෂ්පාදක පිරිවර

 

වේෂ නිරූපණය - විදුර අබේධීර

ඇඳුම් නිර්මාණය - රමේෂා ඕෂනි

පසුතල හා මෙවලම් සැලසුම් - ප්‍රසන්න වීරක්කොඩි

දෘෂ්ය ප්‍රයෝග - රවීන් වෙත්තසිංහ

කලා අධ්‍යක්ෂක - ජානක ප්‍රසාද්

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය සමන් පනාපිටිය

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

සංස්කරණය - අජිත් රාමනායක

සහය අධ්‍යක්ෂණය - චාමර සේලාර

කැමරා අධ්‍යක්ෂණය -විශ්වා බාලසුරිය

විධායක නිෂ්පාදනය - රේණුකා බාලසුරිය

නිෂ්පාදනය - GEBS Cinefilms productions

වෙනුවෙන් ගාමිණි වික්‍රමසිංහ සහ රේණුකා බාලසුරිය

තිරරචනය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න දිසානායක

මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න