වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
එරංග ‘පිරිමි ආදරයක්’සිනමාවට ගෙනෙයි

එරංග සේනාරත්නගේ 13 වැනි චිත්රපටය පිරිමි ආදරයක් (Gentleman Love) හි රූගත කිරීම් පසුගියදා ආරම්භ විය. සුරේන් පෙරේරා විසින් නිෂ්පාදනය කෙරෙන මෙහි මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහඳවආරච්චි, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, ශාන්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. කැමරාකරණය - උපුල් ප්රියාන්, සංස්කරණය දසුන් රණසිංහ, නිෂ්පාදන සම්බන්ධීකරණය - ඩිලාන් ජගත් ගෙනි. මෙහි තිරරචනය සමඟ ඩිනලි රොෂාන්ති සේනාරත්න චිත්රපට තිරරචනා ක්ෂේත්රයට පිවිසේ. එරංග සේනාරත්නගේ බිරිය වන රොෂාන්ති මීට පෙර චිත්රපට පසුබිම් ගී රචනා කර තිබේ. සංගීත අධ්යක්ෂණය එම්.එම්.ජේ වසයිලාඕ ගෙනි. චම්පා කල්හාරි ගීත ගායනයෙන් එක් වේ. මේ දිනවල පිරිමි ආදරයක් (Gentleman Love) චිත්රපටයේ රූගත කිරීම් නාවින්න ප්රදේශයේදී සිදු කෙරේ.
යතේජා ඥානරත්න / නිශ්ශංක විජේරත්න