හේමාල් රඟපෑ සෙකන්ඩ් ෂෝ එන්න ළඟයි

මැයි 19, 2022

හේමාල් රණසිංහ රංගන දායකත්වය සපයන 'සෙකන්ඩ් ෂෝ' (second show)  දෙමළ චිත්‍රපටයේ ප්‍රථම නිල පූර්ව ප්‍රචාරකපටය සහ ගීත පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී නිකුත් කෙරුණි. එ. ටී. ඥානම් අධ්‍යක්ෂණය කළ එය 2019 වසරේදී රූගත කර තිබෙන්නේ එංගලන්තයේ ලන්ඩන් හා බර්මින්හැම්වලදිය. හේමාල් සමඟ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර්, පල්ලවී සුභාෂ්, විද්‍යා ප්‍රදීප්, අක්ෂතා සොනාවනේ සහ පූජා මොන්ඩල් ද මෙහි රංගනයෙන් දායක වී සිටිති. එකම දර්ශන තලයේ දෙමළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට ඇති මෙහි සිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ෂක තිසර ඉඹුලාන ගෙනි.