වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
“රහස් කියන කඳු” විශේෂ පැසසුමට

ජගත් මනුවර්ණගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන "රහස් කියන කඳු" චිත්‍රපටයේ විශේෂ දර්ශනය දෙසැම්බර් මස දෙවැනිදා කලම්බො සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා සංකීර්ණයේදි තිරගත විය.
චිත්‍රපටයේ තිර රචනය නාමල් ජයසිංහගේ සහ ජගත් මනුවර්ණගෙනි. විශේෂත්වය වන්නේ "රහස් කියන කඳු" චිත්‍රපටය සඳහා විචාරකයන්ගේ ඉතා ඉහළ ඇගයීම්, ප්‍රසංශා හිමි වීමයි. තරුණ අරගලය සහ රාජ්‍ය මර්දනය මූලික කරගත් තේමාවකින් යුක්ත වන අතර ඒ තුළ සැඟවුණු මිනිස් ජීවිත පිළිබඳ සාක්ෂි සොයන්නේ රහස් කියන කඳු චිත්‍රපටය තුළිනි.
නිර්මාණ බණ්ඩාර, සුනිල් ටී. ප්‍රනාන්දු , චන්න දේශප්‍රිය සහ රසිත ජිනසේන මේ සඳහා නිෂ්පාදනයෙන් සම්බන්ධ වන අතර කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගේය. චිත්‍රපටය සඳහා රංගනයෙන් සම්බන්ධ වන්නේ සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න ආනන්ද කුමාර උන්නැහේ, කලන ගුණසේකර, ජගත් මනුවර්ණ, නිමල් පල්ලේවත්ත, ගයාත්‍රී ඒකනායක සහ සිසිර කේ.තඩිකාර ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් ය.