“නිම් හිම්” අද සිට

දෙසැම්බර් 9, 2021

මිචෙල් ෆොන්සේකාගේ තිරරචනයක් හා අධ්‍යක්ෂණයක් වන "නිම් හිම්" සිනමාපටය අද (දෙසැම්බර් 09 වැනිදා) සිට තිරගත කෙරේ.

මිලින්ද මඩුගල්ල සහ ගංගු රොෂානා එහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ඩබ්ලිව්. ජයසිරි, අනුර බණ්ඩාර රාජගුරු, වසන්ත විට්ටච්චි, ජනක් ප්‍රේමලාල්, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල, නිලූෂා ප්‍රනාන්දු, ගිහාන් ප්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, සම්පත් තෙන්නකෝන් යන රංගන ශිල්පීන් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් දායකත්වය ලබාදෙති.

"නිම් හිම්" චිත්‍රපටයේ සම නිෂ්පාදනය ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ, ප්‍රින්ස් වික්‍රමනායක, ඉන්දික මඩවල, ප්‍රදීප් හේරත් යන පිරිසෙන් වන අතර එහි විධායක නිෂ්පාදනය ලලිත් බී. ප්‍රනාන්දුගෙනි. මෙහි කැමරා අධ්‍යක්ෂණය ඉන්දික බමුණුආරච්චිගෙන්ද කලා අධ්‍යක්ෂණය සුසංග කහඳවලගෙන්ද අංග රචනය ගාමිණී කොස්තාගෙන්ද වේ. සරත් වික්‍රම නිම් හිම් චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කර ඇති අතර ගායනය අමරසිරි පීරිස්ගෙන් සහ චිත්රූ පාඨලීගෙනි.