උදයකාන්තගේ 25 වැනි චිත්‍රපටය ගිනිමල් පොකුරු හෙට

දෙසැම්බර් 2, 2021

 

හිරිපොද වැස්ස, ආසයි මං පියාඹන්න, ගින්දරී වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය "ගිනිමල් පොකුරු" දෙසැම්බර් 03 වැනිදා තිරගත වීමට නියමිතය. මෙහි කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය උදයකාන්තගෙනි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, චරිත් අබේසිංහ, ආනන්ද කුමාරඋන්නැහේ, දිල්රුෆා ෂානාස්, කුමාර වඳුරැස්ස යන රංගන ශිල්පීහු "ගිනිමල් පොකුරු" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති.

ප්‍රසාද් රුද්‍රිගු, බන්දුල ගුණවර්ධන, ක්‍රිශාන්ත හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවර්ධන, උදයංග සුරේෂ්, සුරංග ද සිල්වා, නිව්ටන් විදානපතිරණ යන අය චිත්‍රපටය සඳහා සම නිෂ්පාදනයෙන් දායකත්වය සැපයූහ. මෙහි කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙන් ද සංස්කරණය චන්දන සොන්නාදරගෙන් ද සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙන් ද වන අතර කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලකගෙනි. පසු නිෂ්පාදන කටයුතු අධීක්ෂණය ප්‍රවීන් ජයරත්නගෙනි. සරත් ද අල්විස් මේ සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන අතර වේශනිරූපණය ඉන්දික උදාරලංකා විසින් වන අතර නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි.