විසංගමනයට අන්තර්ජාතික සම්මාන දෙකක්

දෙසැම්බර් 2, 2021

‍රංජන් ප්‍රසන්නගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය විසංගමනය අන්තර්ජාතික සිනමා උලෙළ දෙකකදී සම්මානයට පාත්‍රව ඇත. වාර්ෂිකව අන්දමන් හා නිකෝබාර් දූපත්වල පැවැත් වූ International Film Festival Of Andaman and Nicorbar  චිත්‍රපට උලෙළේ දී අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම චිත්‍රපටය කාණ්ඩය යටතේ හොඳම සම්මානය දිනා ඇත. එමෙන්ම ඉන්දියාවේ Golden Leaf International Film Festival  හි දීද අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම චිත්‍රපටය සඳහා පිදෙන සම්මානය දිනා ඇත. මහේෂ් විජේරත්න නිෂ්පාදනයක් වන විසංගමනය ලබන වසරේ ලාංකේය ප්‍රේක්ෂකයාට දැක ගත හැකිය.