තට්ටු දෙකේ ඉස්කෝලේ ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට

නොවැම්බර් 4, 2021

 

මාධ්‍යවේදී ලලිත් රෝහිත එදිරිසිංහගේ කුලුඳුල් සිනමා සිත්තම තට්ටු දෙකේ ඉස්කෝලේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල ප්‍රදර්ශනයට සූදානම් කර තිබෙනවා. එහි ආරම්භය සනිටුහන් කරමින් එලැඹෙන හත්වැනි ඉරිදා සවස 6.30 ට ඇඩිලේහි රීගල් සිනමාශාලාවේ තිරගත වනු ඇති.

ඕස්ට්‍රේලියාවේ සිට මෙය සංවිධානය කරනු ලබන්නේ කේ එච් එන්ටර්ටෙයින්මන්ට් යටතේ ක්‍රිෂාන්ත හෙන්නායකයි. අධ්‍යක්ෂ ලලිත් රෝහිතගේම පිටපතක් වන මෙහි ගීත නිර්මාණයද ඔහු විසින්ම කර ඇත. ඈත දුෂ්කර පළාතක වසංගතයක් හේතූවෙන් වැසී යන පාසලක් ඒ නිසා අසරණවන ළමුන් වටා ගෙතී ඇති මෙහි කැමරා අධ්‍යක්ෂණය මයුර කාරියවසම්ගෙනි. ජගත් රස්නායක සංගීත සංයෝජනයෙන් හා ප්‍රවීන් ජයරත්න සංස්කරණය කළ තට්ටු දෙකේ ඉස්කෝලේ සම්මානනීය නළු ජගත් චමිල, මංජුලා කුමාරි, දමිතා අබේරත්න, ෆර්නි රෝෂිණි, ෂෙරිල් නානායක්කාර, මෞලි දුෂ්මන්ත, සූර්යයා දයාරුවන්, ප්‍රියන්ත සිරිකුමාර, වෝල්ගා කල්පනී, නයන හෙට්ටිආරච්චි ඇතුළු නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩ වූවකි.