දින සියය පිරුණු COLOMBO ළඟදීම දකුණු ඉන්දියාවට

නොවැම්බර් 4, 2021

 

අසම රන්දිල් ලියනගේ ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය හා අනූෂ සංජීව එදිරිමුණිගේ නිෂ්පාදනයක් වන කලම්බෝ චිත්‍රපටය ඉන්දියානු සමාගමක් විසින් දෙමළ භාෂාවෙන් පිටපත සකස් කර එය හඬ කවා දකුණු ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කිරීමට සූදානම් බව කලම්බෝ නිෂ්පාදක අනූෂ එදිරිමුණි සරසවියට කියා සිටියා.

කොවිඩ් දෙවැනි රැල්ල සමඟ ප්‍රදර්ශනය ඇරැඹිණි. කලම්බෝ චිත්‍රපටය සිනමාහල් වසා තැබීමත් සමඟ ප්‍රදර්ශනය තාවකාලිකව නවතා දැමීමට සිදු වුවත් අද වන විට දින සියය පසු කරමින් නැවතත් ප්‍රදර්ශනය වනවා. මේ අතර කලම්බෝ චිත්‍රපටය එලැඹෙන 07 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රදර්ශනය ආරම්භ කිරීම සියලු කටයුතු සුදනම් බවද හෙතම කියා සිටියා. පවතින වසංගත තත්ත්වය හමුවේ සිනමාශාලා වසා ඇති කාලයක කලම්බෝ චිත්‍රපටය දින සියයක් ප්‍රදර්ශනය කිරීමට හැකි වීම සතුටට කාරණයක් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, නිෂාන් කුමාර, කුමාර තිරිමාදුර, අජිත් කුමාරසිරි, රුක්මල් නිරෝෂ්, ශ්‍රී ප්‍රසද්, ශාමිකා නිරෝෂණි යන රංගන ශිල්පීන් කලම්බෝ සඳහා රංගනයෙන් දයක වේ.