චිත්‍රපට සියයකට වැඩිය හිරවෙලා

ඒ මදිවට සිනමාහල් වැහිලා
ඔක්තෝබර් 7, 2021

මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරුන් විසින් දැවැන්ත මුදලක් වැය කොට තැනූ සියයකට අධික චිත්‍රපට සංඛ්‍යාවක් කවදා තිරගත වේදැයි කිව නොහැකිව බලා සිටින වග සරසවියට වාර්තා වෙයි. මේ අතරින් ඇතැමෙක වැය ශිර්ෂය මුදලින් රුපියල් ලක්ෂ පන්සියය ඉක්මවා ඇති වග දැන ගන්නට ලැබී ඇත. පසුගිය වසරේ සිට කොවිඩ් වසංගතය හේතුවෙන් වරින් වර ප්‍රදර්ශන අවලංගු කිරිම නිසා මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වී ඇති අතර එය තවත් උග්‍ර අතට පත්ව ඇත්තේ මෙරට සිනමා ශාලා රාශියක් සහමුලින්ම චිත්‍රපට ප්‍රදර්ශනයෙන් සමුගෙන ඇති පසුබිමකය. දැන ගන්නට ලැබී ඇති අන්දමට දේශිය චිත්‍රපට සඳහා ඉතිරිව ඇති සිනමා ශාලා සංඛ්‍යාව පනහකට ආසන්නය. පසුගිය වකවානුවේ දිගින් දිගටම පාඩු ලැබූ ඇතැම් සිනමා ශාලා කොවිඩ් වසංගතය සමඟ සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර ඇතැම් ඒවා තිබුණු තැනක හෝ සලකුණක් ද නැත. මේ තත්ත්වයට කොළඹ නගරයේ සිනමා ශාලා කිහිපයක් ද ගොදුරුවී ඇති අතර දිවයිනේ ප්‍රමුඛ සිනමා ශාලා පිහිටි නුගේගොඩ, රත්මලාන, පානදුර, ගාල්ල, මීගමුව, අනුරාධපුර, වේයන්ගොඩ, මහනුවර ඇතුළු ප්‍රධාන නගර රාශියක් මේ වන විට කිසිදු සිනමාහලක් නැති තත්ත්වයට පත්ව ඇත. මේ නගර සියල්ල සිංහල සිනමාවේ ඉහළම ආදායම් ලද සිනමාහල් පැවැති නගර වීම ඛේදජනක තත්ත්වයකි.

ගින්දරී, කතුරු මිතුරු, ආශාවරී, හිතුමතේ ජීවිතේ, ගාඩි, මිදුණු විශ්වය, දඩඉම, කවුරුවත් දන්නේ නෑ, ගජමෑන්, යුගාත්‍රා, කන්දක් සේ මා, කදිර දිව්‍යරාජ, ශ්‍රී සිද්ධා, එක්ගෙයි සොකරි, ගුත්තිල, ගිරිවැසි පුර, ශ්‍රී වික්‍රම, ජංගි හොරා, බුලට් පෲෆ් චිල්රන්, කිඩ්නැප්, ගේම්, නිහඬ සෙවණැලි, සිනෙමා 1970 ලව් ස්ටෝරි, සහෝ, කොරෝනා කාලේ ආලේ, ආයු, ආසු, බහුචිතවාදියා, විසංගමනය, නයිට් රයිඩර්, මන්දාරා, සෙවණැලි, මුරුග සන්නිය, ඉක්කා, වියසිදුර, ක්ෂීර සාගරය කැලඹිණ, අයිස්ක්‍රීම්, තුන් දෙනෙක්, රතු සමනල හීනයක්, උතුරු සුළඟ, තේජා, වීරයා, යාත්‍රා, සූවිසි විවරණ, ස්වර, බවතරණ, සුරංගනා ලොවින් ඇවිල්ලා, තුන් වරක් තුන, ආකර්ෂා, මිගෙට්ටුවත්තේ, දෙවැනි වරම, ආකාස පාලම, රුහීරේ, පාස්පෝට්, තානාපතිලෑ ගෙදර, සඳ දිය සළු, සෙකන්ඩ් ෂෝ, ටොම් පචයෝ, වස් දඬු රාවය, රහයි ජීවිතේ, නෝනා හරිම සැරයි, බ්‍රේකින් නිවුස්, තුම්පත් රෑන, බාඳුරා, ගොවි තාත්තා, ගුරු ගීතය, අතුරු මිතුරු හරි අපූරු, ජොබ්ලස් ඩග්ලස්, ගිනිමල් පොකුරු, ඇද්දා ලණුව දැම්මා කොඩිය, ගිනි කඳුළු, අහසින් වැටෙයි, යුරේකා, අනෝරා, මායාවි, සදී, හැපි බර්ත් ඩේ, ජීවා, සික්‍රට් ඔ‌ෆ් ද රෝස්, බැක් ටු ද ස්කූල්, අල්බොරාදා, සීරුවෙන්, මාරියා, ප්‍රවේසමෙන් ඉන්න, මරුකතර, අග්නි, සීගිරි, තට්ටු දෙකේ ඉස්කෝලේ, නම්බර් නයින් , මොනාලිසා, රශ්මි, දුස්රා, මිස්ටර් කපු, රං කොල්ලා, රජ සහන, බඹර වසන්තය, විවර්ණ, පියාඹන්න ආයෙත්, එදත් දිනුම් අදත් දිනුම් ඇතුළු චිත්‍රපට රැසක් මෙලෙස තිර ගතවීමට නියමිතය.

උදයකාන්ත වර්ණසූරිය, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, චන්න පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජැක්සන් ඇන්තනි, සනත් අබේසේකර, මොහාන් නියාස්, ආචාර්ය සෝමරත්න දිසානායක, ඉන්දික ෆර්ඩිනැන්ඩස්, සුරංග ද අල්විස්, අරුණ ජයවර්ධන, සංජීව පුෂ්පකුමාර, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, සුනිල් ප්‍රේමරත්න, දිනේෂ් ප්‍රියසාද්, රෝයි ද සිල්වා, එරංග සේනාරත්න, කපිල සූරියාරච්චි, සුනෙත් මාලිංග ලොකුහේවා, ඇතුළු සිනමාකරුවන් රැසක් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට මේ අතර වෙයි.