ජැක්සන් ඇන්තනි සම්බුලා ජාතකය කියයි

අගෝස්තු 5, 2021

කොවිඩ් වසංගතය සමඟ බොහෝ අලුත් නිෂ්පාදන අතහැර දමද්දී එය අභියෝගයක් කොට ගනිමින් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු අගෝස්තු මස 11 වැනිදාට ආරම්භ වීමට නියමිතය.

සම්බුලා ජාතක කතාව ඇසුරෙන් තනන මේ නවතම සිනමා සිතුවම සඳහා අකිල ධනුද්දර, පුබුදු චතුරංග සහ උදාරි වර්ණකුලසූරි යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතය.

ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කළ "එකගෙයි සොකරි" චිත්‍රපටයද ඉදිරියේදී තිරගත වීමට නියමිතය. සාම්ප්‍රදායික සොකරි කලාව සහ එක් කාන්තාවක විසින් පුරුෂයන් දෙදෙනෙකු විවාහ කරගැනීමේ සම්ප්‍රදාය ප්‍රස්තුත කොටගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.