වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
2021 වසරේ සාර්ථක අසාර්ථක හොලිවුඩ් චිත්‍රපට

පසුගිය දෙවසරක පමණ කාලය තුළ ලොව පුරා සීඝ්‍රෙයන් පැතිර ගිය කොරෝනා වෛරස් වසංගතය සමඟ හොලිවුඩ් සිනමාව පසු කළේ අති දුෂ්කර කාලසීමාවකි. වසංගතය හේතුවෙන් සම්ප්‍රදායික සිනමාව ඇද වැටෙද්දී එයට සම්බන්ධ තවත් ව්‍යාපාර සමූහයක් වේගයෙන් ලාභ උපයමින් සිටින අයුරු දැකගත හැකි විය. ඒ අනුව අන්තර්ජාල වීඩියෝ වාහක (Online video streaming) සේවාවන් ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණි අතර ලොව පුරා විශාල ජනගහනයක් සිය නිවෙස් තුළම රැඳී සිටීම නිසා අන්තර්ජාල පරිභෝජනය 70% කින් පමණ වර්ධනය විය. සිනමා නිර්මාණ බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කෙරුණු අතර නෙට්ෆ්ලික්ස් වැනි ප්‍රවාහ සේවා සිය රූපවාහිනී නාට්‍ය මාලාවන් සතියෙන් සතිය නොව එකවර සම්පූර්ණයෙන් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබුණි. වෝනර් බ්‍රදර්ස් පසුගිය වසරේ සියලුම චිත්‍රපට එකවර සිනමාහල්වල සහ අන්තර්ජාල ප්‍රවාහ සේවාව ඔස්සේ නිකුත් කළේය.
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020 වසරේ නිකුත් කිරීමට නියමිතව තිබූ චිත්‍රපට බොහොමයක් නිකුත් කෙරුණේ ද 2021 වසදරේදීයි. කෙසේ නමුත් ඒ අතර වූ වඩාත් අපේක්ෂිත ඇතැම් චිත්‍රපට අසාර්ථක බවට පත් විය. 2021 වසරේ විශාලතම බොක්ස් ඔෆිස් බලාපොරොත්තු සුන්වීම් වලින් පෙන්නුම් කරන්නේ වසංගතය චිත්‍රපට නැරඹීම වෙනස් කළ ආකාරයයි. මෙම වසරේ සිනමාහල් සඳහා හොලිවුඩ් බලාපොරොත්තුවක් ගෙන ආවේ ඉතා මෑතක දී තිරගත වූ Spider-Man: No Way Home චිත්‍රපටයයි. එය සති අන්තයේ ඩොලර් මිලියන 260ක ආදායමක් සමඟින් තිරගත විය. මේ වන විට ලොව පුරා තිරගත කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.161ක් උපයා ගමිනිමින් 2021 වසරේ වැඩිම අදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. පසුගිය වසරේ ඉහළ ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ දෙවැන්න සහ තෙවැන්න නිෂ්පාදනය කෙරුණේ චීනය විසිනි. එසේම Eternals සහ Shang-Chi වැනි මාර්වල් චිත්‍රපට චීනයේ නිකුත් කිරීම ද සිදු නොවුණි.
2021 වසරේ අසාර්ථක චිත්‍රපට 10
Chaos Walking (ලයන්ස්ගේට්)
තිරගත කිරීම - මාර්තු 01
වියදම - ඇ.ඩො. මිලියන 100
ආදායම - ඇ. ඩො. මිලියන 26.4
In the Heights (වෝනර් බ්‍රදර්ස්)
තිරගත කිරීම - ජුනි 11
වියදම - ඇ.ඩො. මිලියන 55
ආදායම - ඇ. ඩො. මිලියන 43.9
Snake Eyes (පැරාමවුන්ට්)
තිරගත කිරීම - ජුලි 23
වියදම - ඇ.ඩො. මිලියන 88
ආදායම - ඇ. ඩො. මිලියන 40.1
The Suicide Squad (වෝනර් බ්‍රදර්ස්)
තිරගත කිරීම - ජුනි 10
වියදම - ඇ.ඩො. මිලියන 185
ආදායම - ඇ. ඩො. මිලියන 167.4
Reminiscence (වෝනර් බ්‍රදර්ස්)
තිරගත කිරීම - අගෝස්තු 20
වියදම - ඇ.ඩො. මිලියන 54
ආදායම - ඇ. ඩො. මිලියන 15.8
Dear Evan Hansen (යුනිවර්සල්)
තිරගත කිරීම - සැප්තැම්බර් 24
වියදම - ඇ.ඩො. මිලියන 28
ආදායම - ඇ. ඩො. මිලියන 18.8
The Many Saints of Newark (වෝනර් බ්‍රදර්ස්)
තිරගත කිරීම - සැප්තැම්බර් 22
වියදම - ඇ.ඩො. මිලියන 50
ආදායම - ඇ. ඩො. මිලියන 12.7
The Last Duel (ඩිස්නි)
තිරගත කිරීම - ඔක්තෝබර් 15
වියදම - ඇ.ඩො. මිලියන 100
ආදායම - ඇ. ඩො. මිලියන 30.5
King Richard (වෝනර් බ්‍රදර්ස්)
තිරගත කිරීම - නොවැම්බර් 19
වියදම - ඇ.ඩො. මිලියන 50
ආදායම - ඇ. ඩො. මිලියන 24.9
West Side Story (ඩිස්නි)
තිරගත කිරීම - දෙසැම්බර් 10
වියදම - ඇ.ඩො. මිලියන 100
ආදායම - ඇ. ඩො. මිලියන 38.5
2021 වසරේ ඉහළ ආදායම් ලද චිත්‍රපට 10
Spider-Man: No Way Home (සෝනි)
තිරගත කිරීම - දෙසැම්බර් 17
වියදම - ඇ.ඩො. මිලියන 200
ආදායම - ඇ. ඩො. බිලියන 1.161
The Battle at Lake Changjin (බෝනා ෆ්ල්ම් ගෲප්)
තිරගත කිරීම - සැප්තැම්බර් 30
වියදම - ඇ.ඩො. මිලියන 200
ආදායම - ඇ. ඩො. මිලියන 906.8
Hi, Mom (ටයිගර් පික්චර්ස් එන්ටර්ටේන්මන්ට්)
තිරගත කිරීම - පෙබරවාරි 12
වියදම - ඇ.ඩො. මිලියන 59
ආදායම - ඇ. ඩො. මිලියන 850
No Time to Die
(එම්ජීඑම්/යුනිවර්සල්)
තිරගත කිරීම -
සැප්තැම්බර් 30
වියදම - ඇ.ඩො. මිලියන 250–300
ආදායම - ඇ. ඩො. මිලියන 774
F9 (යුනිවර්සල්)
තිරගත කිරීම - ජුනි 25
වියදම - ඇ.ඩො. මිලියන 200 –225
ආදායම - ඇ. ඩො. මිලියන 726.4
Detective Chinatown 3 (වැන්ඩා පික්චර්ස්)
තිරගත කිරීම - පෙබරවාරි 12
වියදම - ඇ.ඩො. මිලියන 117
ආදායම - ඇ. ඩො. මිලියන 706
Carnage (සෝනි)
තිරගත කිරීම -
සැප්තැම්බර් 14
වියදම - ඇ.ඩො. මිලියන 110
ආදායම - ඇ. ඩො. මිලියන 501
Godzilla vs. Kong
(වෝනර් බ්‍රදර්ස්)
තිරගත කිරීම - මාර්තු 24
වියදම -
ඇ.ඩො. මිලියන 155–200
ආදායම - ඇ. ඩො. මිලියන 467.8
Shang-Chi and the Legend of the Ten Rings (ඩිස්නි)
තිරගත කිරීම - සැප්තැම්බර් 03
වියදම - ඇ.ඩො. මිලියන 150–200
ආදායම - ඇ. ඩො. මිලියන 432.2
Eternals (ඩිස්නි)
තිරගත කිරීම - නොවැම්බර් 05
වියදම - ඇ.ඩො. මිලියන 200
ආදායම - ඇ. ඩො. මිලියන 401.3