ආදර කතාවක් ගැන කතාවක්

මැයි 20, 2021

ශාරුක් ඛාන් නම් දරා සිටින්නේ බොලිවුඩයේ කිං ඛාන් ලෙසිනි. සංජේ ලීලා බන්සාලි යනු බොලිවුඩයට අපූරු නිර්මාණ බිහි කරන්නෙකි. සංජේ ලීලා බන්සාලිගේ දේව්දාස් චිත්‍රපටය ශාරුක්ගේ චිත්‍රපට ගොන්නෙහි වඩාත් කැපී පෙනෙන නිර්මාණයකි. ශාරුක් සමඟින් මධුරි ඩික්සිත් සහ ඓශ්වර්යා රායි එහි ලොව වටා රසික ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූහ. දේව්දාස් චිත්‍රපටයේ සාර්ථකත්වය හේතුවෙන් ශාරුක් සහ බන්සාලි තවත් නිර්මාණයක් වෙත යොමුවනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වී ඇත.

ශාරුක් සහ බන්සාලි කාලයක් තිස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනයට කැමත්තෙන් පසුවන බවත් දෙදෙනා අතර අවස්තා කිහිපයකදී ඒ පිළිබඳ සාකච්ඡා පැවති බවත් බොලිවුඩයෙන් වාර්තා වේ. ස්වීඩන

තරුණියකට පෙම්බැඳී ඉන්දීය තරුණයෙකු පාපැදියකින් ඇය සොයා ගිය පුවත මෙම සිනමා නිර්මාණයට පාදක වන බවද ඒ අතර වේ.

ඉන්දියාවේ සිට රටවල් අටක් හරහා ස්වීඩනය වෙත පාපැදිය පැදවූ ඉන්දීය තරුණයාගේ සැබෑ ජීවිත කතාව රිදී තිරයට ගෙන ඒමට බන්සාලිහට අවශ්‍යවී තිබෙන්නේ මීට වසර හතරකට පමණ පෙරදීයි.