අපි මේ චිත්‍රපටය නිපදවූයේ තාත්තා වෙනුවෙන්

ප්‍රකට නිෂ්පාදක හරේන් නාගොඩවිතාන
සැප්තැම්බර් 21, 2023

ඉකුත් 12 වැනි දිනට සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘ගුත්තිල’ සිනමාපටයට දින 100ක් සපිරුණි. මෙකල සිනමා කෘතියක් දින100ක් අඛණ්ඩව ප්‍රදර්ශනය වීමම විශාල ජයග්‍රහණයක් වන අතර ‘ගුත්තිල’ සඳහා නිෂ්පාදන අර්ථපතීත්වය ලබාදුන් හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වා යුවළ මේ ජයග්‍රහණය පිළිබඳවත් ‘ගුත්තිල’ නිපදවීමට මුල්වූ හේතුකාරණා පිළිබඳවත් හරේන්ගේ පියා වූ තිස්ස නාගොඩවිතානයන්ගේ චිත්‍රපට සංරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් මෙසේ සරසවිය හා එක්වූහ.

උක්ත කරුණු පිළිබඳ අදහස් දැක්වීමට හරේන් නාගොඩවිතාන මෙසේ මා හා සම්මුඛ විය.

‘ගුත්තිල’ සිනමාපටයට දින 100යි. මොකද හිතෙන්නේ...?

ඔව්, ඉකුත් 12 වැනිදාට අපේ ‘ගුත්තිල’ චිත්‍රපටයට දින 100ක් පිරුණා. ඒක විශේෂත්වයක්. අද වගේ කාලයක චිත්‍රපටයක් දවස් 100ක් එකදිගට දුවනවා කියන එකම ලොකු ජයග්‍රහණයක්. ඒකේ ගෞරවය ලැබෙන්න ඕන ප්‍රේක්ෂක ජනතාවටයි. දින 100ක් දිවීම ලේසි වැඩක් නෙවෙයි. අපේ චිත්‍රපටයට දින 60ක් වෙද්දී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘කදිර දිව්‍යරාජ’ තිරගත වෙන්න ගත්තා. ඒ චිත්‍රපටය ආවත් ඒකත් එක්ක අපේ චිත්‍රපටයත් සුහදව යනවා. සමහර සිනමා ශාලාවලට දෙමළ චිත්‍රපට ආවාම සිනමා ශාලාවල දර්ශන වාර අඩුවුණත් ආපසු ශාලා හිමියන්ම කතා කරලා ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමට දර්ශන වාර 2-3ක්ම වෙන්කර ගත්තා.

ඔබේ චිත්‍රපටය හොඳ ආදායමකුත් උපයාගෙන තිබෙනවාද..?

ඔව්, මේවනවිට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලක්ෂ 04කට ආසන්නයි. පාසල් දර්ශනවලටත් වෙනම වෙන්කර තිබෙනවා. මේ කතා පුවත ඉස්සර සාමාන්‍ය පෙළ විභාගයට තිබ්බා. දැන් උසස් පෙළටත් තියෙන නිසා පාසල් දර්ශන වාර වෙන්කර තිබෙනවා. පාසල් සිසුන්ගෙන් විශාල ආදායමක් උපයාගෙන තිබෙනවා. අපි මේක පාසල්වලට පළමු, දෙවැනි වාරවල තමයි තිරගත කරන්න හිතුවේ. නිවාඩු කාලයේත් විශාල ආදායමක් ලැබුවා. පාසල් සිසුන්ගේ මවුපියන් පවා පවුල් පිටින් ගුත්තිල බලන්න ආවා. නිවාඩු කාලයෙන් පස්සෙත් ස්කූල් ෂෝස් පෙන්වනවා.

‘ගුත්තිල’ නිෂ්පාදනයට අතගහන්න හිතුවේ ඇයි....?

ඇත්තෙන්ම මේ අදහස ආවේ මගේ තාත්තාගෙන්. මියගිය තිස්ස නාගොඩවිතාන මහතාගෙන්. ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ කෙනෙක්.චිත්‍රපටවලට අපිවත් කුඩා කාලයේ සිටම පුරුදු කළා. ඒගැන කියලා දුන්නා. ඒ එක්ක ආව ගමනේදී තාත්තා අවුරුදු 15ක් තිස්සේම කියාගෙන ආව දෙයක් තමයි ‘ගුත්තිල’ තමයි කරනවානම් චිත්‍රපටයකට කරන්න ඕන කියලා. අනෙක මේ කාව්‍ය ග්‍රන්ථය සා.පෙළ, උ.පෙළ වගේම පිරිවෙන් අධ්‍යාපනයටත් ඇතුළත් කෘතියක්. මේක ගැන හිතද්දී මෙහි ගැඹුරු දෙයක් තියෙනවා කියලා තේරුණා.

මෙහි නිෂ්පාදන අර්ථපතීත්වය ඔබට අභියෝගයක් වුණාද....?

වෑත්තෑවේ හිමියන් ලියූ මෙම මහා කාව්‍යය රූපයට නඟන්නේ කොහොමද කියන අභියෝගයයි තිබ්බේ. ඒක වැරදුණොත් ඉතින් වැරදුණාමයි.. තාත්තා වෙනුවෙන් මේ චිත්‍රපටය කරන්න ඕන කියලා මමයි මගේ නෝනයි දෙන්නම හිතුවා.

ඔබේ පියාගේ සහයත් ඔබට මේ සඳහා ලැබෙන්න ඇති...?

ඇත්තෙන්ම. මේ චිත්‍රපටය රූගතකිරීම් කරද්දී තාත්තා නිතරම දර්ශනතලයට ආවා ගියා. එහි වැඩකටයුතු අධීක්ෂණය කළා. නිතරම අපට අවවාද, උපදෙස් දුන්නා. ඒ ගැනනම් විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. නුවර වගේ දුර ප්‍රදේශවල රූගතකිරීම්වලදීත් තාත්තා වෙහෙස මහන්සි නොබලාම ආවා. තාත්තාට මෙහි පළමු රෆ් කට් එක පෙන්නුවාම ගොඩාක් සතුටු වුණා. පළමු සංස්කරණයේ රෆ් කට් එක මුල සිට අග දක්වාම ඔහු නැරඹුවා. ඒ වෙද්දී ගැෆ්‍රික් කරලා තිබ්බේ නැහැ. සමහර දේවල් මේ මේ විදිහට වෙනස්කම් කරන්න කියලා ඔහු කිව්වා. ඒවා ඒ විදිහටම කළා.මෙයට වෙනම ගීතයක් එකතු කරන්න කියලාත් කිව්වා. උරේෂා රවිහාරි ගයන ‘රන්මිණි සලා’ ගීතය එකතු කරන්න බැරිවුණා . තාත්තා ඒ කාලයේ චිත්‍රපට කරද්දී අම්මාත් ඒවාට උදව් කළාලු. දැන් මගේ බිරිඳත් මට උදව් කරනවා. අම්මා නිතරම ඒ අතීතයත් මතක් කරනවා.

මෙහි නළුනිළියන් තෝරාගැනීම කළේ කොහොමද....?

ගුත්තිල පඬිතුමාගේ චරිතය තෝරාගත්තේ තාත්තාමයි. අවුරුදු 05-06ක ඉඳලා තාත්තා එඩ්වඩ් ජයකොඩි මහතාව අධ්‍යයනය කර තිබෙනවා. ඔහුගේ ගමන් විලාසය, සංවර බව තාත්තා හොඳීන් අධ්‍යයනය කර තිබෙනවා. තාත්තා එඩ්වඩ් මහතාට ඒ අදහස දැම්මම ඔහු හිතලා තියෙන්නේ තාත්තා විහිළු කරනවා කියලා. ඔහු කියා තියෙනවා “තිස්ස අයියේ විහිළු කරන්න එපා” කියලා. යශෝධා විමලධර්මත් තාත්තාගේ තෝරාගැනීමක්. අනෙක් රංගන ශිල්පීන් තෝරාගැනීමේදී තාත්තා හවුල් වුණේ නැහැ. අනෙක් පිරිස මමයි දිලිනියි සනත් අබේසේකර අධ්‍යක්ෂවරයායි තමා තෝරාගත්තේ. හොඳ නළුනිළි තෝරාගැනීමක් කියා හිතෙනවා.

‘ගුත්තිල’ රූගත කරන සමයේ සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති....?

මෙහි සැණකෙළියක අවස්ථාවක් තියෙනවා. වෙළෙන්දෝ හතරදෙනාට සින්දුවක් අහන්න හිතෙන වෙලාව. එහිදී මූසිලව අරගෙන එන ජවනිකාව පාන්දර වෙනකල් රූගත කළා. එදා රූගතකිරීම්වලටත් මායි වයිෆුයි සම්බන්ධ වුණා. ඒ මොහොතේ වයිෆ්ට ග්‍රැස්ටික් හොඳටම වැඩිවුණා. සෙට් එකට කියන්නත් බෑ. ඒක එයාලට බාධාවක්නේ. වයිෆ් මට කිව්වා එයාට අමාරුයි හොස්පිටල් එක්කන් යන්න කියලා. ඒ මොහොතේ හොස්පිටල් එක්ක ගියාම ඇයව දවස් 03ක්ම රෝහල්ගත කරන්න සිදුවීම අමතක වෙන්නේ නැහැ. ඇය දින ගණනක්ම එළියේ සිටි නිසා අසනීප වුණේ. ඒවගේම මෙහි රූගතකිරීම්වලදී තාක්ෂණික දෝෂ කිහිපයකුත් වුණා.දවසක් තද සුළඟක් ආවා. එදා හරිවිදිහට රූගත කරන්න බැරිවුණා.

‘ගුත්තිල’ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශක සමාගම්වල ක්‍රියාකාරීත්වය කෙසේද...?

ඡ්ඒර්‍ථ මණ්ඩලයෙන් විශාල සහයක් ලැබුණා. අනෙක් ප්‍රදර්ශක මණ්ඩල දෙකෙන්මත් ර්‍ණ.ම්. එක ලැබුණා. ඒ දෙකෙන් කැමැති වුණාට එයාලට චිත්‍රපට 02ක් පෝළිමට තිබ්බ නිසා ‘ගුත්තිල’ පෙන්නනවා නම් මාස 02-03කට කල් යන තත්ත්වයක් තිබ්බේ. ඡ්ඒර්‍ථ මණ්ඩලයේ විධායක නිලධාරිනියක් වන ශෂිනි කිරිඇල්ල අපට ගොඩාක් උදව් කළා. ඒවගේම උදය, දිනේෂ් වගේ ඡ්ඒර්‍ථ කළමනාකාරීත්වය ලබාදුන් සහය වටිනවා.

‘ගුත්තිල’ අධ්‍යක්ෂවරයා ගැනත් යමක් සඳහන් කළොත්...?

සනත් අබේසේකර මහතා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. චිත්‍රපට, ටෙලිනාට්‍ය රැසක්ම අධ්‍යක්ෂණය කර පළපුරුදු අධ්‍යක්ෂවරයෙක්. ‘මහින්දාගමනය, සිරි දළදාගමනය, අජාසත්ත’ වගේ ඓතිහාසික චිත්‍රපට කරලා බොහෝ අත්දැකීම් ඇති අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමන්ගේ කාර්යය හරියටම කළා. ගුත්තිල කාව්‍යයට හානියක් නොකර චිත්‍රපටය උසස් මට්ටමින් අධ්‍යක්ෂණය කරන්න උපරිමයෙන් වෙහෙසුණා.

පාසල් සිසුන්ට මේ සිනමාපටයෙන් හොඳ ආදර්ශයක් දෙන බව පෙනෙනවා....?

ඔව්, පාසල් ළමුන්ගේ විෂය නිර්දේශයේ මේ කතාව තියෙනවා . අවුරුදු 30ක් 40ක් තිස්සේ පාසල් විෂය නිර්දේශයට මේ කාව්‍යය නිර්දේශ කර තියෙනවා..දැන් කාලයේ දරුවන් මවුපියන්ට, ගුරුවරුන්ට ගරුත්වයක් දක්වන්නේ නැහැ. ඒ නැතිවෙන ගෞරවය යම් තරමකට හෝ ඇතිකරන්න පුළුවන් නම් ඒකයි අපේ ජයග්‍රහණය.ගුත්තිලයේ මූසිල නරක චරිතයක් වගේ පෙන්නුවාට ඔහුගේ චරිතය තුළින් අධිෂ්ඨානශීලී ගුණය මනාව පෙන්නුම් කරනවා. අධිෂ්ඨානය නමැති ගුණාංගය පිළිබඳ ළමුන්ට මූසිලගේ චරිතයෙන් ආදර්ශ ගතහැකියි..

‘ගුත්තිල’ අන්තර්ජාතික ප්‍රදර්ශනය ගැන සඳහන් කළොත්....?

මුලින්ම මංගල දර්ශනය ඇමරිකාවේ පැවැත්වුවා. එය අති සාර්ථක වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්වන්නේ නාලන්දාවේ ආදිශිෂ්‍ය සංගමය මඟින්.තව දර්ශනවාර 03ක් නිව්යෝර්ක්, වොෂින්ටන්, ෆෙක්සස්වල ඔක්තෝබර් මාසයේ තිරගත වෙනවා. ඕස්ට්‍රේලියාවේ පසුගිය මාසයේ තිරගත කළා. එහි දර්ශනවාර 15ක් විතර පෙන්නුවා. මෙල්බර්න් නගරයේ ඉකුත් 03වැනිදා දර්ශනවාර 02ක් ප්‍රදර්ශනය කළා. ඊට අමතරව එංගලන්තයේ, නවසිලන්තයේ, කැනඩාවේ ‘ගුත්තිල’ තිරගත වෙනවා. මාලක යාපා නමැත්තෙක් තමයි එහි සංවිධායක වශයෙන් කටයුතු කරන්නේ.

නැවත චිත්‍රපටයක් කරන්න අදහසක් නැද්ද....?

දැනටම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. තිර රචනය ලියවෙමින් පවතිනවා. තිර රචනය ලියන්නෙත් මමයි වයිෆුයි දෙන්නා. පසුව තිර රචනය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් චිත්‍රපටයකට අදහසක් තියෙනවා. ඒකනම් අදහස් මට්ටමේ පමණයි තියෙන්නේ. තව මාසයකින් දෙකකින් තිර රචනය ගැන තීරණයක් ගනීවි.

චිත්‍රපට මිලදී ගැනීමේ ඔබේ පියාගේ ක්‍රියාවලිය ගැනත් එය අද ඔබ සිදුකරන ආකාරයත් පැහැදිලි කළොත්...?

තාත්තා චිත්‍රපට මිලදී ගැනීමේ කාර්යය කරන්නේ 1970 දශකයේ ඉඳන්. නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්නවා. එහෙම අරගෙන මේවා රූපවාහිනියට දාන්න පුළුවන් කියන අදහස තිබ්බා. ඔහු හොඳ චිත්‍රපට එකතුවක් හදාගත්තා. තමුන්ගේ ආසාව වුණු මේ වැඩේ අවසානයේ තමන්ගේ ව්‍යාපාරය බවට පත්වුණා. ඔහු චිත්‍රපටවලට ආදරෙයි. ඒවා ආරක්ෂා කළා. සංරක්ෂණය කළා. අපි ඒ චිත්‍රපට නොයෙකුත් මාධ්‍යවල විකාශය කළා. අනාගතය ගැන තාත්තා හිතපු නිසා ඉදිරියට එන තාක්ෂණයට යටත්ව ඒවා සංරක්ෂණය කරන්න තමයි තාත්තා හිතුවේ. මුලින් ච්ඍච් එකක තැටිගත කිරීම් කළා. මේවාට අලුත් ක්‍රම සොයන්න කියලා තාත්තා කියනවා. ඒවගේම විශාල මුදලක් වියදම් කරලා ආකයිබල් ගෝල්ඩ් තැටි වර්ගයක් ඇමරිකාවෙන් ගෙනාවා. ඒවාට දැන් අවුරුදු 25ක් 30ක් වෙනවා. අපට 35ථථ චිත්‍රපට හම්බවුණේ ටිකයි. අනෙක් ඒවා ඍඩ්ඉ එකට ගහලා, බීටා එකකට මාරුකරලා සංරක්ෂණය වෙනවා. කාර්මික දෝෂ තිබුණු චිත්‍රපටවල දුර්වලතා හදන්න සෑහෙන කාලයක් ගතවෙනවා. අපි ඒවාට සරිලන විදිහට ඉධටබඑචපඥ ගෙනවිත් තියෙනවා. ඉන්දියාවේ, සිංගප්පූරුවේ හොඳ තාක්ෂණයක් තියෙනවා. ඒ රටවලට ගිහින් ෆිල්ම්ස් කරලා අපි ගෙනත් තියෙනවා.

ඔබේ නවතම ඒනන එක පිළිබඳ යමක් පැවසුවොත්....?

ව්ඥබටතඪය වගේ ලංකාවේ චිත්‍රපට තියෙන ඒනනඑකක් මේක. ඍ.ර්‍ණ.ච්.තඬ ඒනන එක 2012 වසරේදී පටන්ගත්තේ එය එතරම් සාර්ථක වුණේ නැහැ. අලුතින් අපි තාක්ෂණය දියුණු කළ ති.නා. ඒනන එකක් ගෙනාවා. ති.නා .තඬ වෙබ් එකෙත් තියෙනවා. මේක ලෝකයේ ඕනෑම තැනක ඉඳන් බලන්න පුළුවන් ඒනන එකක්. මේවාගේ මුදල් එන්නෙත් ලංකාවට. මේ ඒනන එකට පිටරටවලදී ගෙවන මුදල් ලැබෙන්නේ ලංකාවට. හොඳම පැකේජ් එකට එක්කෙනෙක්ට මාසයටම ඩොලර් 04යි වියදම් වෙන්නේ. විදෙස් රටවල ලක්ෂ ගණනක් අපේ අය ඉන්නවා. මේ වැඩ දිගටම කරගෙන යනවා. "ඕපඥචඬඪදඨ ව්ඥඹඵ" වගේ කොමඩියකුත් "පරිස්සමින් ඉන්න" චිත්‍රපටයත් ලබාගන්න සාකච්ඡා මට්ටමේ ඉන්නේ...

ඔබේ රිදී ටීවී චැනලය පිළිබඳ සඳහන් කළොත්...?

මේ රිදී ටීවී චැනලය අපිමයි කරගෙන යන්නේ. ඩයලොග් අංක 18 ඔස්සේ එය නැරඹිය හැකියි. අපි ෆිල්ම්ස්, ටෙලිනාට්‍ය 400කට වැඩිය අයිතිය අරගෙන තියෙනවා. දැනට ෆිල්ම්ස් 800කට වැඩියි. සමහර වැඩසටහන් විශේෂ හේතු මත නැවත නැවත විකාශය කරනවා. එක් එක් කලාකරුවන්ගේ ගුණානුස්මරණ, උපන් දින වගේ ඒවයේදී ඒ වැඩසටහන් රිදී ටීවී ඔස්සේ නැවත නැවත විකාශය කරනවා. ජෝ, ගාමිණී, රුක්මණී දේවි, විජය වගේ අයගේ ෆිල්ම්ස් පෙන්වන්නේ ඔවුන් අපට ආවේණික වුණු කලාකරුවන් නිසා. වත්මන් තරුණ පිරිස පැරණි කලාකරුවන්ව හඳුනන්නේ නැති නිසා චිත්‍රපටයේ ඒ නළුවා හෝ නිළියගේ රූපය පෙන්වද්දී ඔහුගේ, ඇයගේ නම සිංහලෙන් ටයිප් කරලා දානවා. ඒක තාත්තාගේ වැඩක්. රිදී ටීවී අපි අරගෙන දැන් අවුරුදු 16ක් වෙනවා. ච්ප: හාන්ස්, ඩයලොග් ආයතනයේ අධිපතිව ඉන්න කාලයේ තමයි ඒක අපි ගත්තේ. මේ රිදී ටීවී චැනලය සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. රිදී ටීවී වැඩසටහන් විකාශය කරන්නේ වෙනස් ක්‍රමයකට. පිටරටවල චැනල්ස් වගේ. මුලින්ම පැය 04ක තේමාවක් හදනවා. පැය 04ක් ඇතුළත සර්කල් එක හැදෙනවා. ඒ පැය 04 ඉවරවුණාම ඒභබධ අඥනඥචබ වෙනවා තුන් වරක්. ඊටපස්සේ ඊළඟ දවසට අලුත් පැය 04 එනවා. මේක පිටරටවල නව චැනල් සිස්ටම් එකක්..

වාර්තා කෙටි චිත්‍රපට ගැන ඔබේ මතය...?

ඒ පැත්තට මම යොමුවෙලා නැහැ. වාර්තා කෙටි චිත්‍රපට නිර්මාණයත් හොඳ වැඩක්. ඒවා කරන අයට උදව් කරනවා. මම නම් කැමැති දීර්ඝ චිත්‍රපටවලට තමයි.

ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අදහසක් නැද්ද....?

ඒ පැත්තට අදහසක් නැහැ. ඒත් බලාපොරොත්තුවක් නැත්තෙත් නැහැ. දැන් බොහෝ ඒවා රූපවාහිනී චැනල්වලින්ම කරනවනේ. අපි නිෂ්පාදකවරුනේ. එහෙම කරන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා. අපි සැලසුම් කරගෙන යනවා ති.නා. ඒනන එකට ටෙලි සීරීස් ටිකක් කරන්න. ජනප්‍රිය කතා 03ක් සැලසුම් කරගෙන යනවා.

සිංහ සමාජය එක්ක හොඳ වැඩකට අතගැසුවා නේද....?

ඔව්, සිංහ සමාජය මාත් එක්ක අත්වැල් බැඳගත්තා. ලෝක ළමා හා වැඩිහිටි දිනයත් ගුරු දිනයත් කේන්ද්‍ර කරගෙන පාසල් 100ක් තෝරාගෙන ‘ගුත්තිල’ චිත්‍රපටය නරඹන්න බැරිවුණු සිසුන්ට සිංහ සමාජයේ මූලිකත්වයෙන් එය පෙන්වන්න. සිසුන්ට නොමිලයේ ‘ගුත්තිල’ බලන්න පුළුවන්. ඒ සිසුන් සියලුදෙනාටම ටිකට් සඳහා යන වියදම සිංහ සමාජය විසින් දැරීම තමයි මෙහි විශේෂත්වය.

අන්තර්ජාතික නිෂ්පාදනයකට යන්න අදහසක් නැද්ද...?

කොලිවුඩ්වල අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් කරන්න කතා කළා. කාර්යබහුලත්වය එක්ක ඒක මඟහැරුණා. ඔහු හොඳ කතාවක් ලියාගෙන තියෙනවා. ඉදිරියට එය කරන්න හිතාගෙන ඉන්නවා. ඉන්දියානු සිනමාව සහ ඇමරිකාව එකතුවෙලා හොඳ චිත්‍රපට කරලා තියෙනවා. ඒවගේ අපිත් අන්තර්ජාතික තලයට ගියොත් අපට හොඳ වෙළෙඳපොළක් හදාගන්න පුළුවන්.

අද වනවිට සිනමාශාලාවලට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමට ඇවිත්...?

ඔව්, ප්‍රේක්ෂකයෝ සිනමාශාලාවලට එන්නේ නැහැ කියලා මතයක් තිබ්බා. හොඳ චිත්‍රපටයක් කළොත් ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම නවත්වන්න කාටවත් බැහැ. මේ වසරේ ආදායම් වාර්තා තබලා හොඳ චිත්‍රපට ප්‍රදර්ශනය වී තිබෙනවා. දැන් කාලයේ ලක්ෂ 01 1/2ක් ප්‍රේක්ෂකයෝ එනවා. මේ පිබිදීමත් එක්ක දැන් සිනමාශාලා රැසක්ම අලුතින් හැදෙනවා. සිනමාවේ දියුණුවකුත් තිබෙනවා. පැය 02ක් ප්‍රශ්න අමතක කරන්න මිනිස්සු චිත්‍රපට බලනවා.

ඔබේ පවුලේ විස්තර කිව්වොත්....?

මගේ වයිෆ් දිලිනි සිල්වා. යාළුවෙක් එක්ක පාටියකට ගිහින් ඇයව හඳුනාගත්තේ. ඒ 2012දී..2018දී අපි විවාහ වුණා. පුතා රේනියා නාගොඩවිතාන. එයාට තවම අවුරුදු 02 1/2යි. මගේ අම්මා කුමාරි නාගොඩවිතාන. අයියා චමිල නාගොඩවිතාන. ඔහු ස්කොට්ලන්තයේ වෛද්‍යවරයෙක්. පොඩි මල්ලි චරිත් නාගොඩවිතාන.

‘ගුත්තිල’ නිෂ්පාදන අර්ථපතීත්වයෙන් දායක වූ දිලිනි සිල්වා ද මෙසේ සිය අදහස් දැක්වීමට එක්වූවාය...

‘ගුත්තිල’ චිත්‍රපටයට දින 100ක් සපිරුණා නේද...?

ඇත්තෙන්ම ඒ ගැන සතුටුයි. මගේ හස්බන්ඩ් හරේන් නාගොඩවිතානගේ තාත්තා තිස්ස නාගොඩවිතාන අන්කල් වෙනුවෙන් තමයි අපි මේ ‘ගුත්තිල’ චිත්‍රපටය කළේ. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. මම මෙහි රූගතකිරීම් කරන කාලයේ දර්ශන තලවලට ගියා. රූගතකිරීම් නැරඹුවා. තිස්ස නාගොඩවිතාන අන්කල් අපට ඒ දවස්වල ගොඩාක් උදව් කළා. අවවාද උපදෙස් දුන්නා.

ඔබ මෙහි නිෂ්පාදනයේදී හරේන් නාගොඩවිතානට හොඳ සහයක් දුන්නා නේද...?

ඔව්, මම මෙහි ඇඳුම් පැලඳුම් නිර්මාණය ගැන විශේෂයෙන් සොයා බැලුවා. ඉදිරියටත් හරේන්ට ශක්තියක් වෙමින් ඔහුගේ නිෂ්පාදන කාර්යයන්ට සහයෝගය දෙනවා. මා දන්නේ නැති බොහෝදේවල් ඔහු මට කියාදෙනවා.

ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්...?

තව චිත්‍රපට 02කට මූලික අඩිතාලම දමමින් ඉන්නේ. ඒවා සාකච්ඡා මට්ටමින් පවතින්නේ. ඒවායේත් නිෂ්පාදනයට දායකවෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම හරේන් වගේ සැමියෙක් ලැබීම ගැනත් ඒවගේම සිනමාවට සම්බන්ධ පවුලකට එකතු වෙන්න ලැබීම ගැනත් සතුටුයි. ඉදිරියටත් හරේන් එක්ක චිත්‍රපට නිෂ්පාදනයට දායක වෙමින් ඔහුට ශක්තියක් වෙන්නත් ප්‍රේක්ෂකයාට හොඳ ගුණාත්මක නිර්මාණ දායාද කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

 

[email protected]