වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
කලාවට ළැදි නිරූපණ ශිල්පියා

නිමේෂ් මිරැන්ඩා වර්තමානයේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක නියුතු වූ නිරූපණ ශිල්පියෙකි. ඔහු මෙම ක්ෂේත්‍රයට පිවිසෙනුයේ 2013 වසරේදීය. ලංකාවේ මේ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන කුසුම්සිරි ජයවීර යටතේ නිරූපණ ශිල්පිය ප්‍රගුණ කරමින්. මෙරට දී බොහෝ නිරූපණ ප්‍රසංග සඳහා සහය වූ ඔහු පසුව 2018දී ඉතාලියේදී ද මෙම ප්‍රසංග සඳහා සහභාගිවීමට අවස්ථාව ලද්දේය.
නිමේෂ් සිය පාසල් අධ්‍යාපනය ලබනුයේ හලාවත ශාන්ත මරියා පිරිමි විදුහලෙනි. අපොස උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලත් නිමේෂ් ඒ යුගයේදීද කලාවට දැක්වූයේ සුවිශේෂී දක්ෂතාවයකි. ඔහුගේ පවුල් පසුබිම තුළ කලාවට සම්බන්ධ කිසිවකු නොවුවත් ඔහු කුඩා කල පටන්ම නැඹුරු වූයේ කලාව දෙසටය. පාසලේ විවිධ කලා කටයුතු සඳහා සම්බන්ධ වූ ඔහු 2002 වසරේ දී රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ සඳහා ඉදිරිපත්වූ නාට්‍යයකට ද සම්බන්ධ වූයේය.
කලකදී ඔහුගේ කලා හැකියාව මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයක වෙත යොමු වන්නේය.
“ඇත්තටම මගේ නිරූපණ ක්ෂේත්‍රයේ ගමන මුලින්ම පටන් ගන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ කුසුම්සිරි ජයවීර නිසාය. ඔහු මට පුවත්පතක මුල් පිට කවරය සඳහා නිරූපණයේ යෙදීමට අවස්ථාවක් සලසා දුන්නා. එතුමා අද ජීවතුන් අතර නැතත් කෘතවේදිව මේ මොහොතේ එතුමාව සිහිපත් කරන්න ඕනි.
නිමේෂ් එතැන් සිට නිරූපණ ක්ෂේත්‍රයේ තම ගමන ආරම්භ කරන්නේ අනාගත සුබ සිහින රැසක් ද සමඟ ය. ඔහු 2014 වසරේ දී යුනියන් ඇෂුවරන්ස් ආයතනයට සම්බන්ධ වන්නේය.මේ අතරතුරම ඔහුට ඉතාලියේ පැවැත්වෙන මෝස්තර නිරූපණ ප්‍රසංගයක් සඳහා සම්බන්ධවීමට ද අවස්ථාවක් හිමි වන්නේය.
‘එතනින් පස්සේ පස්සෙ මට දිගින් දිගටම විදේශ සංචාර සඳහා අවස්ථාව ලැබුණා.ප්‍රංශය ස්විට්සර්සලන්තය වැනි රටවල් වලත් ප්‍රසංග වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. දැන් මේ දිනවල සූදානම් වෙන්නෙ අගෝස්තු 05 වැනි දා ඉතාලියේ වෙරෝනා නගරයේ පැවැත්වෙන ප්‍රසංගය සඳහායි. මේ ප්‍රසංගය අපි නම් කරල තියෙන්නෙ ඡ්තඥඨචදඨච ජ්චඵඩඪධද 2023 නමින්ය. මෙතනින් අපි නවතින්න බලාපොරොත්තුවක් නැහැ. ඊට පස්සේ මේ ප්‍රසංගය, ප්‍රංශය, ඉතාලිය, ලන්ඩනය, නවසීලන්තය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල පවත්වන්න තමයි බලාපොරොත්තුව.
නිමේෂ් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කිසියම් හැදෑරීමක් සහ පදනමක් ඇතුවය. ඔහු මෝස්තර නිරූපණ ශිල්පිය පිළිබඳ චූල් පද්මේන්ද්‍රා කැට් වෝක් ස්ටුඩියෝහි ඩිප්ලෝමාවක් හැදෑරූ ඩිප්ලෝමාධාරියෙක් ඒ අතරම ඉතාමත් අහඹු. ලෙස ඔහුට මුණගැසුණු මෙරට ප්‍රකට ශිල්පිනියක වන චූල් පද්මෙන්ද්‍රා නිමේෂ් පවත්වන්නට යන මෙම ප්‍රසංගය මූලිකව ගෙන කටයුතු කරන්නීය. එසේම නිමේෂ් ද ඇගේ ස්ටුඩියෝවේ උපාධි ශිෂ්‍යයෙකු ලෙස සහතික දින ගත්තෙකි.
නිමේෂ් ඉතාලියේදී පවත්වන්නට යන ඥතඥඨචදඨච ප්‍රසංගයට ලෝක රූ රැජින කැරලයින් ජූරි ද සහභාගි වීමට නියමිතයි.