වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
දවසක උතුම් කිරුළක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින්
අප්‍රේල් 20, 2023


අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන්... විහඟෙකු ලෙසින්
අහසින් එහා... සිහිනය දිගේ
පියඹන්න නම්... ආසයි ඉතින්...
හිත කලඹමින්... හැඟුමන් එබී...
ඔච්චම් කළේ... කවදාක හෝ
නොදැනුණු ලෙසින්... හද ගී පොතේ
සත්සර නැගේ... ඒ ආදරේ...
සිතුවිලි කුසුම්... විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ...
ඔබගේ හඬින්.. විවරණ අරන්
ජිවිතය ගීයක් වුණේ...
දවසක උතුම් කිරුළක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්
හිත කලඹමින්... හැඟුමන් එබී...
ඔච්චම් කළේ කවදාක හෝ
නොදැනුණු ලෙසින්...
ගී පද - නිලාර් එන්.කාසීම්
ගී නද - උදාර සමරවීර
ගී හඬ - කසුන් කල්හාර / උරේෂා රවිහාරී
චිත්‍රපටය - ආදරණීය කතාවක්

‘ආදරණීය කතාවක්’ 2016 වසරේ ජූනි මස 10 දින තිරගත විය. නියං සායට වට මහ වරුසාවක් සේ ගරු වැටුණු සිංහල සිනමාවේ කර්මාන්තයට නව ජීවයක් ගෙනෙන්නට මෙම සිනමා පටයට හැකි වුයේ, එය තිරගත වූ මුල් දිනම බොක්ස් ඔෆිස් වාර්තාගත වීමෙන් හා එය තිරගත වී සතියකින් වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස එවක වාර්තාවක් තබමිනි.
සිංහල සිනමාවේ ස්වර්ණමය දශකයක් ලෙස අදත් සලකන 70, 80 දශකවල කලාත්මක මෙන්ම, වාණිජ සිනමාපටත් අදටත් ප්‍රේක්ෂක සිත්වල මතකයේ පවති. එසේම එවැනි නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද, වාණිජමය අතින් ඉතාම සාර්ථක වූ චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය ද සිනමා ඉතිහාසයට එක් වී තිබේ.
ආදරය, විශ්වාසය, වෛරය, වැනි මානුෂීය සංවේදනා සමඟින් ගලායන ත්‍රිකෝණ පේ‍්‍රමයක අතිශය හැඟුම්බර කතා පුවතක් ඇසුරින් පි‍්‍රයන්ත කොළඹගේ විසින් මෙය නිර්මාණය කර තිබේ.
හදවතට පේ‍්‍රමය ‘දැනෙන’ මොහොත කවදා කොතැනක කුමන අයුරින් සිදුවේ දැයි කිසිවකුටත් කිව නොහැකි අතිශයින්ම පුද්ගල බද්ධ හැඟීමකී. දැනුණු පේ‍්‍රමයක් වෙනුවෙන් කරනු ලබන උත්තරීතර පරිත්‍යාගයක් ගැන කියවෙන, සුන්දර ආදර කතාවක අවසානය පේ‍්‍රක්ෂක නෙතට කඳුළක් එක් කරමින් නිමා වෙයි.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසුරිය, බිමල් ජයකොඩි හා අරුණි රාජපක්ෂ තමන්ගේ රංගන කාර්ය මනාව ඉටුකොට තිබේ.
මනා ගායන හැකියාවක් ඇති, ආර්ථික දුෂ්කරතා සහිත, සුන්දර ගැමි යුවතියක් රූපවාහිනි නාලිකාවක රියැලටි ෂෝ එකක් සඳහා පැමිණ, අවසන් වටය සඳහා තේරීමට හොඳටම සුදුසුකම් තිබිය දී ඉතාම තරඟකාරී වටයක දී අනපේක්ෂිතව තරගයෙන් ඉවත් වන්නට සිදුවේ. ඇයගේ දක්ෂතාවය අගයපු ඉතා දක්ෂ තරුවක් බවට පත් වී සිටින යොවුන් ගායක අභිමන්ගේ ඇඟැයීමට ඇයව තරගෙන් ඉවත්වීමට හේතුවක් වූ බව ඇයට එම ආයතනයේ වැඩසටහන් නිෂ්පාදිකාව පවසයි.
අභිමන්, පියවි. දෙවිලි හා විධු යන චරිත හතර වටා ගලායන ආදරණීය හා අනුවේදනීය කතාව තුළ මෙම ගීතය, අභිමන් හා පියවිගේ ආදරය මුණ ගැසුණු මොහොතක හදවත්වල සැඟවුණු ආදරය ඔවුනොවුන් වෙත මුදාහරින මොහොතක ගැයෙන සුන්දර ගීතයකි.
කැලයේ පිපී කැලයේම පරවී යෑමට තිබූ, පියවිගේ ගායිකාවක් වීමේ සිහිනය, සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත්කළ අභිමන්ගේ සැබෑ ආදරය පියවීමට මහමෙරකි. ඒ ආදරය, රැකවරණය ආරක්ෂාව ඇයගේ ජීවිතයට පහන් වැටකි.
අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙගු ලෙසින්
සුවිසල් අහසේ දිදුළන තාරුකාවන් අතරට ඇයත් තාරුකාවක් වී දිදුලන අපූරුව විඳින්න, ඔහු තරම් ආශා කරන අන් කිසිවකු හෝ නොවේ. ඇයට ඒ සඳහා නිදහසේ පියඹා යන්නට ඔහු මං පෙත් විවර කරයි.
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතින්
ජිවිතයක සැබැවින්ම ජීවයක් දෙන්න, අවංක ආදරයකට හැකිය. තමන්ගේ තත්වය, ධනය, බලය, කීර්තිය මේ කිසිවක් ප්‍රේමය ළඟ වලංගු නොවේ. පේ‍්‍රමය වනාහි පේ‍්‍රමයම වේ.
කවදාවත්ම නොදැනුණු හැඟුමකින් ඔවුනොවුන්ගේ හදවත් කැලඹීමට පත් වී තිබේ. ඒ නුහුරු හැඟුම් අන් කිසිවක් නොවේ. ඒ ඔවුන්ගේ හදවත් තුළ එකිනෙකා කෙරෙහි උපන් සැබෑ පේ‍්‍රමයයි. හදවත ගී පොතක් නම්, එහි සත්සරය නංවන්නේ ආදරයයි.
ලස්සනට ඇරඹෙන ආදර කතාවක් කඳුළින් නිමා වුවත්, පේ‍්‍රමය කිසිදා නොමියෙයි.
කසුන් කල්හාර හා උරේෂා රවිහාරි ගේ ප්‍රේමණීය, හැඟුම්බර හඬ මුසුව ගීතයට හා එහි රූප රචනයට මනා සාධාරණයක් ඉටුකොට තිබේ. එසේම නිලාර් එන්. කාසීම්ගේ සරල සුගම ප්‍රේමණීය පදවැලට උදාර සමරවීරගේ මධුර තනුව හා සංගීතය සුසංයීගවීමෙන් ගීතය වඩාත් සාර්ථක වී තිබේ. සංගීතමය චිත්‍රපටයක් ලෙස ඉතා සාර්ථක වීමට චිත්‍රපටයේ ගීත, සංගීතය හා පසුබිම් ගායනා මෙන්ම දර්ශනීය සිනමාරූපයත්, රංගනයත් එකසේ බලපා තිබේ.
